

2012 දකුණු ආසියානු ජංගම දූරකතන සමුළුව හෙට (30) වැනි දා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.මෙම සමුළුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය මගින් සංවිධානය කෙරේ.
ජංගම දූරකතන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ කීර්තියට පත් විශේෂඥයින් මෙන් ම වෘත්තීයවේදීන් රැසක් මෙම සමුළුව ඇමතීමට නියමිතය.
ජනතාවගේ දෛනික කටයුතු පහසුකර ගැනීම සඳහා ජංගම දූරකතන යොදා ගත හැකි ආකාරය පිළිබඳ ව කලාපයේ සෙසු රටවල් සමඟ මෙම සමුළුවේ දී පුළුල් ව කථිකාවක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ඉතා වේගයෙන් ජනතාවට සමීප වෙමින් පවතින යුගයක එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීම සඳහා ජංගම දූරකතනය මෙවලමක් වශයෙන් යොදා ගැනීමට හැකි නව ප්‍රවණතාවන් ගැන විමසා බැලීමට මෙම සමුළුව ඉතා වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.








.jpg)
.jpg)
-(2)(2).jpg)











