(මෙම කාරණය සම්බන්ධයෙන් කතා කිරීමට වඩාත්ම සුදුසු වෙනත් හුයක් තිබේනම් මෙම අදහස් ඒ වෙත යොමුකරන මෙන් සමීර මහත්මාගෙන් ඉල්ලමි...)මම සිතුවා අපේ පරිපාලන සේවයේ නිළධාරීන්ට වගේම අනෙකුත් දීපව්‍යාප්ත සේවාවන් වල නිළධාරීන්ට තො.තා.පිළිබඳව යම් මට්ටමක හෝ දැනුමක් ඇති කියලා. ඒත් මම වැරදියි කියලා ලබන අත්දැකීම් අනුව පේනවා.ඒ දැනුම ලබාදීම වගේම දැනුම ලබා ගැනීමත් සියළුම පාර්ශ්වයන් ආරම්භ කල යුතුයි.
දීපිකා මහත්මිය ඔබගේ පිළිවදන දැකීමෙන් මා ඉතාමත් සතුටු වනවා.. ඉක්ටා ආයතනය (විශේෂයෙන්ම රාජ්‍ය අංශය භාර අධ්‍යක්‍ෂක තුමන්) එයටත් වඩා ඒ ගැන සතුටුවේවි...
මා මෙයට වසරතට පමණ පෙර මේ සංසදය හා එක්වූ අවස්ථාවේ, පරිපාලන නිලධාරීන්ගේ තො.තා. දැනුම දියුණු කිරීම, භාවිතය වැඩි කිරීම පිලිඔද නොයෙකුත් අදහස් දැක්වුනා..
ඔවුන් අතර තො.තා. භාවිතය, දැනුම අවම මව්ටමක බවත්... දැනුම ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පුහුණු කිරීම් ඉතාමත් වැදගත් බවත්, බොහෝ දෙනා සාකච්ඡා කරමින් පැවතුනා..
නමුත් ඔබතුමිය දක්වා අදහස අනුව දැන් එම නිළධාරීන්ගේ තො.තා. දැනුම ඉතාමත් සතුටුදායක මට්ටමක පවතින්නේ...(එයයි සතුටට කාරණය) හැකිනම් ඒ පිලිඔදව ප්‍රමාණාත්මක විස්තරයක් සංසදය වෙත ලබාදෙන්න. එය අපගේ ඉ-රාජ්‍ය ගමනේ සාර්ථකත්වය පෙන්වන හොඳ දර්ශකයක් වේවි. විදේශයන් වලදී පවා අපට ආඩම්බරයෙන් ඉදිරිපත් කල හැකිවේවි...
එම නිලධාරීන් එවැනි ආකාරයේ දියුණූ මට්ටමකට පත්වීම පිළීඹදව යම් ප්‍රමාණාත්මක විශ්ලේශනයක් කල හැකි නම් ඉතා අගෙයි.. (ඒ පිලිඔද යම් විශ්ලේශනයක් සිදුකර එම සංඛ්‍යත්මක තොරතුරු අප වෙත ලබාදෙන මෙන් ඉක්ටා වෙතින් ඉල්ලමි..)
මේ හරහා අපට කාරණා කීපයක් සිදුකල හැකියි...මුලින්ම එම නිලධාරීන්ගේ ආරම්භක මට්ටමේ පැවති දැනුම මැනීම සඳහා භාවිතා කල මිනුමි භාවිතා කර අනෙක් දීපව්‍යාප්ත සේවාවන් වල නිළධාරීන්ගේ දැනට පවතින දැනුම මට්ටම නිගමනය කරගත හැකියි.
එමගින් අවශ්‍ය මට්ටම වෙත පවතිව වෙනස (Gap between expected and current) මැනගත හැකියි.
අනතුරුව ඔබ පවසන පරිදි ඔබ ඇතුළු කණ්ඩායම සාර්ථකවත්වය ලගාකර ගැනීම සඳහා භාවතාත කරනු ලැබූ ක්‍රමෝපායන්, ලබාදුන් පුහුණුව ආදී කරුණූ පිලිඔදව විද්‍යත්මක විශ්ලේෂණයක් සිදුකර, ඉන් අනතුරුව
පරිපාලන සේවයේ නිළධාරීන්ට සාපේක්‍ෂව තො.තා. දැනුම අවම මට්ටමක ඇති අනෙකුත් දීපව්‍යාප්ත සේවාවන් වල නිළධාරීන් වෙත අවශ්‍ය මට්ටමේ දැනුම ලබා දිය යුත්තේ කුමන ආකාරයකින්ද යන කරුණ ගැන පුළුල්ව අධ්‍යයනය කල හැකිවේවි..
එවැනි සාර්ථක ක්‍රමෝපායන් භාවතා කර ඔබ ලබාගෙන ඇතිමට්ටමේ පරිපූර්ණ භාවයන් පහසුවෙන්ම අනෙකුත් දීපව්‍යාප්ත සේවාවන් වල නිළධාරීන් වෙතද ලබාදිය හැකියි. එවිට ඔබ බලාපොරොත්තු වන මට්ටමේ දැනුම, කුසලතා, ආකල්ප යනාදිය ඔවුන් තුල ඉතා ඉක්මනින් ජනිත වේවි..
එමගින් පරිපාලන නිලධාරීන් ලෙස
ඔබලා බලාපොරොත්තු වන මට්ටමේ දියුණුව සමස්ථ රාජ්‍ය සේවය තුලම අත්කර ගත හැකිවේවි...