ICTA Forum


 
Welcome, Guest. Please login or register.

Login with username, password and session length

Pages: 1 2 3 [4] 5 6 ... 11
  Print  
Author Topic: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............  (Read 7228 times)
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #45 on: January 05, 2011, 11:12:14 pm »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 9

සංකල්ප පත්‍රිකාවේ හයවෙනි අංකය ලෙස මා දැක්වුයේ ස්ථාපනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ අරමුණු මොනවාද යන්නයි

අපේ අරමුණු වුයේ

1. ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවේ නැංවීමට අදාල පරිසරය දෙපාර්තමේන්තුව තුල නිර්මාණය කිරීම
2. දෙපාර්තමේන්තුව තුළ තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම.
3. දෙපාර්තමේන්තුව තුළ තොරතුරු තාක්ෂණ සම්පත් භාවිතය හා පද්ධති භාවිතය පිළිබඳ තොරතුරු තාක්ෂණ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම.
4. ඉ විශ්‍රාම වැටුප් පද්ධතිය මනාව කළමණාකරණය හා‍ පරිපාලනය කිරීමට අවශ්‍ය ක්‍රියා පිළිවෙත් හඳුන්වා දීම.
5. ඉ විශ්‍රාම වැටුප් ජාලය යාවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියා පිළිවෙත් හඳුන්වා දීම.
6. දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත පරිගණක හා උපාංග කාර්යක්ෂමව හා සඵලදායී ලෙස උපයෝජනය කිරීමට අවහ්‍ය ක්‍රියා පිළිවෙත් හඳුන්වා දීම.
« Last Edit: January 05, 2011, 11:12:36 pm by ඉමල් » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #46 on: January 05, 2011, 11:16:40 pm »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 10

සංකල්ප පත්‍රිකාවේ හත්වෙනි අංකය ලෙස මා දැක්වුයේ ස්ථාපනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ අගයන් මොනවාද යන්නයි

අපේ අගයන් තුලින් පිළිඹිඹු වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ රාජකාරි කරන අයගේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවයයි

මෙන්න අපේ අගයයන්

1. විශ්‍රාමිකයන් අමන්දානන්දය
2. ගෞරවනීය, විශ්වසනීය සහ සඵලදායි සන්නිවේදනය හා සහයෝගීතාවය
3. ධනාත්මක ආකල්ප වලින් පෝෂිත විචක්ෂණ කණ්ඩායම් ප්‍රයත්නය
4. අවිචින්න අභිවෘද්ධිය
5. නවෝත්පාදනය හා නිර්මාණශීලීත්වය
6. අනුවර්තිතතාව
7. ප්‍රතිචාර්යතාව සහ විශ්වස්යතාව
8. සම්පුර්ණත්වය සහ අවංක බව
9. ඒකාග්‍රතාව, නාභිගතකරණය සහ පෙලගැන්නුම
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #47 on: January 06, 2011, 09:43:23 pm »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 11

සංකල්ප පත්‍රිකාවේ අටවෙනි අංකය ලෙස මා දැක්වුයේ ස්ථාපනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ කෘත්‍යයන් මොනවාද යන්නයි

1. තොරතුරු තාක්ෂණ හා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම.
2. නිල වෙබ් අඩවිය කළමණාකරනය සහ පරිපාලනය කිරීම.
3. දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ සම්පත් තිරසාරව කළමනාකරණය සහ පරිපාලනය කිරීම.
4. තොරතුරු තාක්ෂණ සම්පත් භාවිතය පිළිබඳව හඳුන්වාදී ඇති ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාවට නැංවීම.
5. ලංකා රාජ්‍ය ජාලය හා සම්බන්ධ දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය පරිපාලනය හා එම ජාලය යාවත්ව පවත්වාගෙනයාම.
6. ඉ විශ්‍රාම වැටුප් පද්ධතියේ ඇතිවන දෝෂහරණය.
7. දෙපාර්තමේන්තුවේ දත්ත මූලය පරිපාලනය, ක්‍රමාණුකූල උපස්ත පිටපත් පවත්වාගෙන යාම.
8. ඉ විශ්‍රාම වැටුප් පරිගණක ජාලය හා සම්බන්ධ පරිගණකයන්ගේ මෘදුකාංග ස්ථාපනය කිරීම හා යාවත්ව පවත්වාගෙන යාම.
9. දෙපාර්තමේන්තුවේ ඉ විශ්‍රාම වැටුප්  පරිගණක  පද්ධතිය පරිපාලනය සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයෙන් යුතුව පවත්වා ගෙන යාම.
10.ලංකා රාජ්‍ය ජාලයේ උපකාරක සේවය හා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය.
11.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ සම්බන්ධීකරණය.
12.ලෝක බැංකු ව්‍යාපෘති ආදි විදේශ ආයෝජිත ව්‍යාපෘති සම්බන්ධීකරණය.

Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #48 on: January 09, 2011, 10:42:45 am »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 12

සංකල්ප පත්‍රිකාවේ නවවෙනි අංකය ලෙස මා දැක්වුයේ ස්ථාපනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ සංයුතිය කොහොමද යන්නයි

ඒ කියන්නේ මේ ඒකකයේ පාලන විතස්තිය කොහොමද යන්නයි
තේරෙන භාෂාවෙන් කියනවනං කාර්ය මණ්ඩලය කොපමණද යන්නයි

සිටිය යුතු කාර්ය මණ්ඩය කොපමණද යන්න ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය විසින් ඉටු කල යුතු රාජකාරි ප්‍රමාණය මත තිරනය වෙනවා
ඒ අනුව ඒ ඒ කටයුතු, රාජකාරි හා වගකීම් ඉටු කල හැකි ප්‍රශස්තතම කාර්ය මණ්ඩලය ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය නියෝජනය කළ යුතුයි

පළමුව මා කියන්නං විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ සංයුතිය

 
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #49 on: January 09, 2011, 10:56:12 am »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 13

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ සංයුතිය

ප්‍රධාන නව්‍යකරණ නිලධාරි - ඒකකය භාර මාණ්ඩලික නිලධාරි ලෙස කටයුතු කරනවා

01. පද්ධති විශ්ලේෂක - ප්‍රධාන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි ලෙස
02. පද්ධති පරිපාලක 1 - දෘඩාංග විශේෂඥ ලෙස
03. පද්ධති පරිපාලක 2 - මෘදුකාංග විශේෂඥ ලෙස
04. ශාඛා කළමනාකරු - කාර්ය මණ්ඩල කළමනාකරනය කරන්නා ලෙස
05. දෘඩාංග කළමනාකරු - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෘඩාංග පිළිබඳ වගකියන්නා ලෙස
06. ජාල කළමනාකරු - ජාල කළමනාකරණය පිළිබඳ වග කියන්නා ලෙස
07. වෙබ් අඩවි කළමනාකරු - නිල වෙබ් අඩවිය කළමනාකරණය පිළිබඳ වග කියන්නා ලෙස
08. විඥාපන හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු කළමනාකරු - ඒකකයේ නිල ප්‍රකාශක හා සියළුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු කටයුතු කළමනාකරණය පිළිබඳ වග කියන්නා ලෙස

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ කාර්ය මණ්ඩලය නිලධාරීන් 08 දෙනෙකුගෙන් සමන්විත වෙනවා
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Sagarika Herath
Chief Innovation Officer
Divisional Secretariat, Nattandiya
Newbie
*
Gender: Female
Posts: 11



View Profile Email
« Reply #50 on: January 12, 2011, 09:55:45 pm »

Imal,

Your advises were very important for us. But when we compare a ministry/department with a divisional secretariat, we can see a difference. There are IT professionals in Ministries and Departments.But in a Divisional secretariat, we can see two or three officers who have the basic technical knowledge. We are facing with that problem. We have to struggle to go forward.   
Logged

Sagarika Herath,
Assistant Divisional Secretary,
Divisional Secretariat,
Nattandiya.
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #51 on: January 13, 2011, 09:31:39 pm »

සාගරිකා ඕවා ගැටළු නෙමෙයි

අපි බලමු ඔයා කියන දේවල්
ඔයා හරි

දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සමඟ ප්‍රාලේ කාර්යාල වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ සංයුතිය සසදන්න බැ

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ සංයුතිය ආයතනය හා එහි ක්‍රියාත්මක වන පරිගණක/තොරතුරු පද්ධතිය අනුව වෙනස් වෙනවා

අපේ දෙපාර්තමේන්තුව හා ඉ විශ්‍රාම වැටුප් පද්ධතිය අනුව අපේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ සංයුතිය නිලධාරින් 8 දෙනෙකුගෙන් සමන්විත වෙනවා
නමුත් ඒ ප්‍රමාණය තවත් ආයතනයක් අරගෙන බැලු විට සමහර විට නිලධාරීන් ගණන අඩු වෙන්න පුළුවන්
මොකද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කියන්නේ වෙනත් ශාඛාවන් වගේ නිලධාරින් 10 12 ඉන්න තැනක් නෙමෙයි
අපි බලමු ප්‍රාලේ එකක ඉන්න ඕනා ප්‍රශස්ත නිලධාරීන් ගණන කියක් වෙයිද කියලා
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #52 on: January 13, 2011, 09:39:57 pm »

සාගරිකා ඊ ලගට ඔයා කියන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් ප්‍රාලේ වල නැ කියලා

ඒකත් හරි මොකද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් රාජ්‍ය අංශයේ රැකියා වලට ආකර්ශනය වෙන්නේ නැ

නමුත් අපිට එවැනි වෘත්තිකයන් බිහි කරන්න පුළුවන්
ඒ කොහොමද

අපේ ආයතන වල අපිට හොයාගන්න පුළුවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පිලිබඳ උනන්දුවක් කැපවීමක් හා දක්ෂතාවක් පෙන්වන අය

මේ අයට හොද පුහුණුවක් ලබා දී අත් දැකීම් වැඩි කරගන්න ඕන පරිසරය නිර්මාණය කලොත් අපිට හොද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් අපේ ආයතන වල බිහි කර ගන්න පුළුවන්

මා අපේ දෙපාර්තමේන්තුවේ මේ කාර්යයයේ නියලි සිටිනවා

හැබැයි මතක තියා ගන්න මේ අය එක දවසින් මාසෙන් දෙකෙන් බිහි කර ගන්න බැ
ප්‍රනනි විධිහට අපේ අතෙයි මේ වගකීම තියෙන්නේ
අපි ක්‍රියාත්මක වී ඒ අය බිහි කරන පරිසරය අපේ ආයතන වල ඇති කරන්න ඔනා

ඒ සඳහා අවශ්‍ය සහයෝගය නිරතුරුව අපිට ලබා දෙන්න ඉක්ටා සැදි පැහැදි සිටිනවා
 
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Sagarika Herath
Chief Innovation Officer
Divisional Secretariat, Nattandiya
Newbie
*
Gender: Female
Posts: 11



View Profile Email
« Reply #53 on: January 13, 2011, 11:09:07 pm »

Thanks for your advices Imal. What you told was true. These days I dedicate about 2 hours after office to discuss about the future of our office with some officers who are interested in Information Technology. I also started to teach some officers how to work with Internet and Open Office. And I try to give them some IT knowledge through Vidatha Resources Centre.I have to go step by step. Although it takes a long time, I dont give up my dreams. I need the advices and support of all of you and ICTA.
Logged

Sagarika Herath,
Assistant Divisional Secretary,
Divisional Secretariat,
Nattandiya.
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #54 on: January 19, 2011, 11:17:01 am »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 14

සංකල්ප පත්‍රිකාවේ දහවෙනි අංකය ලෙස මා දැක්වුයේ ස්ථාපනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ එක් එක් තනතුරට අදාල රාජකාරි ලැයිස්තුවයි

ඉස්සෙල්ලම බලමු ප්‍රධාන නව්‍යකරන නිලධාරියාගේ රාජකාරි ලැයිස්තුව

01. ප්‍රධාන නවෝත්පාදක නිලධාරියාගේ වගකීම් භාරය
02. ඉ විශ්‍රාම වැටුප් ව්‍යපෘතියේ ව්‍යපෘති කළමණාකරුවාගේ වගකීම් භාරය
03. ලෝක බැංකු ව්‍යපෘති ආදී විදේශ ආයෝජිත ව්‍යපෘති සම්බන්ධීකරණ කාර්ය භාරය
04. තොරතුරු තාක්ෂණ ශාඛාවේ වගකීම් භාරය
05. දෙපාර්තමේන්තුව සතු තොරතුරු තාක්ෂණ පද්ධති මෙහෙයවීම හා අධීක්ෂණය
06. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමග සම්බන්ධීකරණ කාර්ය භාරය
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #55 on: January 19, 2011, 11:22:01 am »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 15

පද්ධති විශ්ලේෂකගේ රාජකාරි ලැයිස්තුව

1. දෙපාර්තමේන්තුවේ ‍ තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් භාරය.
2. තොරතුරු තාක්ෂණ ශාඛාවේ රාජකාරී කටයුතු අධීක්ෂණය.
3. දෙපාර්තමේන්තු අවශ්‍යතා අනුව පද්ධති අවශ්‍යතා සැලසුම් කිරීම, විශ්ලේෂණය කිරීම හා පිරිවිතර සැකසීම
4. දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය පරිපාලනය සහ එම ජාලය යාවත්ව පවත්වාගෙන යාම අධීක්ෂණය කිරීම.
5. දෙපාර්තමේන්තුවේ ඉ විශ්‍රාම වැටුප් පරිගණක පද්ධතිය පරිපාලනය සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයෙන් යුතුව පවත්වාගෙන යාම.
6. දෙපාර්තමේන්තුවේ දත්ත මූලය පරිපාලනය, ක්‍රමාණුකූල උපස්ත පිටපත් පවත්වාගෙන යාම අධීක්ෂණය කිරීම.
7. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යාවත්කාලීනව පවත්වාගෙන යාම අධීක්ෂණය කිරීම.
8. ඉ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතියේ සහකාර ව්‍යාපෘති කළමණාකරුවාගේ වගකීම් භාරය.
9. දෙපාර්තමේන්තුවේ පරිගණක හා තොරතුරු තාක්ෂණය‍ට සම්බන්ධ උපකරණ ප්‍රසම්පාදනයේදී අවශ්‍යතා තාක්ෂණික පිරිවිතර සහ නිර්දේශයන් ලබා දීම.
« Last Edit: January 19, 2011, 07:42:53 pm by ඉමල් » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
තාරක තිසේරා
Chief Innovation Officer
Silver Member
****
Gender: Male
Posts: 322


tharakatissera
View Profile Email
« Reply #56 on: January 20, 2011, 10:13:34 am »

බොහොම ස්තූතියි ඉමල් මහත්මයා. තොරතුරු තාක්ෂණ ඒකකයක් ආරම්භ කිරීමට අවශ්‍ය බොහෝ කරුණු මේ නූල තුල තියෙනවා... ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තොරතුරු තාක්ෂණ ඒකකයක් ආරම්භ කිරීමේදී මතුවෙන ප්‍රධානම ගැටළුව තමා නිලධාරින් හිඟකම. උදාහරණයක් විදියට අපේ කාර්යාලය ගත්තොත් කාර්ය මණ්ඩලයේ සිටිය යුතු නිලධාරින්ගෙන් භාගයක්වත් නෑ... අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩක් කාර්යාලවල මේ ගැටළුව තියෙනවා... අපිට බැරිද ප්‍රාලේ කාර්යාල වල වෙන් වෙන්ව තොරතුරු තාක්ෂණ ඒකක පිහිටුවනවා වෙනුවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒකකය පිහිටුවලා ප්‍රාලේ කාර්යාලයේ ඉන්න ප්‍ර.න.නි හා පද්ධති පරිපාලකවරුන් ඒකේ සාමාජිකයන් කරන්න..( ICTA ආයතනයේ කාරුණික අවධානයට) Grin Grin Grin
Logged

** සුභ දවසක් **
Tharaka Sandaruwan Tissera
it@kabithigollewa.ds.gov.lk
Mobile :0718665002 Office :0252298518 VOIP   :0252298641
Blog: http://kabithi.blogspot.com/
S.C.Weerakoon
Chief Innovation Officer
Department of Co-Operative Development - Uva Province
Newbie
*
Gender: Male
Posts: 17



View Profile WWW Email
« Reply #57 on: January 20, 2011, 07:02:13 pm »

හ්ම්..... තාරක කියපු කතාවේ ඇත්තක් නැක්තෙම නෑ.... නමුත් ප්‍රා/ලේ කාර්යාල තරඟකාරීව ඉදිරියට යාමේදී මේ ක්‍රියාවලිය තුල ගැටලු ඇතිවිය හැකියි. වඩාත් හොඳ ඉමල් කියන විදිහට අපේ කාර්යාල පද්ධතියට ගැලපෙන තොසතා ඒකකයක් නිර්මාණය කිරීම බවයි මගේ අදහස....
Logged

S.C.Weerakoon
Commisioner of CO-Operative development & Registrar
199, Keppetipola Mawatha,
Badulla.
TP:055-2229867 Fax:055-2222176 Mobile:077-3415079
Sandya Abeysekara
Chief Innovation Officer
Newbie
*
Posts: 16



View Profile Email
« Reply #58 on: January 21, 2011, 02:30:16 pm »

මමත් හිතන්නේ අපේ කාර්යාලය තුළම තො.තා. ඒකකය තිබිය යුතු බවයි. තාරක කියන ගැටළුව අපටත් නැතිවා නෙවෙයි. ඒත් ඉදිරියේ දී ICTA ආයතනය මඟින් පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක වන නිසා ගැටළුව තරමක් දුරට නිරාකරණය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
Logged

Assistant Divisional Secretary
Divisional Secretariat
Rambewa
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #59 on: January 22, 2011, 01:40:31 am »

බොහොම ස්තූතියි ඉමල් මහත්මයා. තොරතුරු තාක්ෂණ ඒකකයක් ආරම්භ කිරීමට අවශ්‍ය බොහෝ කරුණු මේ නූල තුල තියෙනවා... ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තොරතුරු තාක්ෂණ ඒකකයක් ආරම්භ කිරීමේදී මතුවෙන ප්‍රධානම ගැටළුව තමා නිලධාරින් හිඟකම. උදාහරණයක් විදියට අපේ කාර්යාලය ගත්තොත් කාර්ය මණ්ඩලයේ සිටිය යුතු නිලධාරින්ගෙන් භාගයක්වත් නෑ... අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩක් කාර්යාලවල මේ ගැටළුව තියෙනවා... අපිට බැරිද ප්‍රාලේ කාර්යාල වල වෙන් වෙන්ව තොරතුරු තාක්ෂණ ඒකක පිහිටුවනවා වෙනුවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒකකය පිහිටුවලා ප්‍රාලේ කාර්යාලයේ ඉන්න ප්‍ර.න.නි හා පද්ධති පරිපාලකවරුන් ඒකේ සාමාජිකයන් කරන්න..( ICTA ආයතනයේ කාරුණික අවධානයට) Grin Grin Grin

තාරක අදහසක් විධිහට හොදයි
නමුත් සෑම ප්‍රාලේ කාර්යාලයක්ම වෙන් වෙන්ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකක පිහිටුවාගන්න වනං තමයි හොද
මොකද එතකොට තමන්ට අනන්‍ය ආකාරයට තොරතුරු හා සන්නිවේදන සම්පත් පරිහරනය කල හැකි නිසා
ප්‍රාලේ කාර්යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ සිටිය යුතු නිලධාරින් ගණන බොහොවිට තුක් දෙනෙක් හො හතර දෙනෙක් වේවි
ප්‍රනනි, පද්ධති පරිපාලක, පද්ධති විශ්ලේෂක හා තොතා නිලධාරි වශයෙන් ඒ අය හදුනා ගන්න පුළුවන්
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Pages: 1 2 3 [4] 5 6 ... 11
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.10 | SMF © 2006-2009, Simple Machines LLC
Brkdmrcn v4 By [BrKDmRcN]
Valid XHTML 1.0! Valid CSS!