ICTA Forum


 
Welcome, Guest. Please login or register.

Login with username, password and session length

Pages: 1 ... 5 6 [7] 8 9 ... 11
  Print  
Author Topic: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............  (Read 7227 times)
Sameeraj
සුබ දවසක්!
Administrator
ICTA
Platinum Member
*****
Gender: Male
Posts: 1104


If you believe in yourself anything is possible!


View Profile WWW Email
« Reply #90 on: March 09, 2011, 06:26:29 pm »

මිතුරනි,

පසුගිය දිනක අප කොළඹ දිස්ත්‍රික්ලේකම් තුමා හා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ප්‍ර න නි න් හමු වුනා. එහි ප්‍රතිඵල අපට දැන් ලැබෙමින් පවතිනවා. මේ සමඟ ඇති ඇමුණුමේ තියනවා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ තො ස තා ඒකකයේ ස්වභාවය. ඒ ගැන වැඩිදුර විස්තර එහි ප්‍ර න නි තාරකාම කියාවි.




මම නැවත මෙය මතු කළේ, විමසුම් කල යම් යම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ප්‍ර න නිනට තොරතුරු තාක්‍ෂණ ඒකකය ගැන දැනුවත් වන්නටයි.

රන්ජන්ගේ පද්ධතිය පිළිබඳ කතා බහ අපි නව පෙළක ඇරඹුන නිසා ඉමල් මේ හොඳ කාලයයි ඔබ අපූරුවට පෙලගැසූ සංකල්ප පත්‍රිකාවේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකයේ වරුණ ඉදිරියට ගෙන යන්නට.

සමීර
 Smiley
Logged

"Ability is what you're capable of doing. Motivation determines what you do. Attitude determines how well you do it."


Sameera Jayawardena
Project Manager
ICT Agency of Sri Lanka

VoIP 0112 369250
T 011-2369099 250

Follow me@ http://twitter.com/imsameeraj
http://imsameeraj.blogspot.com
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #91 on: March 10, 2011, 12:39:09 am »

රන්ජන්ගේ පද්ධතිය පිළිබඳ කතා බහ අපි නව පෙළක ඇරඹුන නිසා ඉමල් මේ හොඳ කාලයයි ඔබ අපූරුවට පෙලගැසූ සංකල්ප පත්‍රිකාවේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකයේ වරුණ ඉදිරියට ගෙන යන්නට.
සමීර

ඔව් සමීර එතැන් සිට ඉදිරියට මා කල දේ සහ මා ලද අත්දැකිම් කියන්න සූදානම්

ඊට පෙර තාරකාගේ උත්සාහය ගැන යමක් කිව යුතුයි
බොහෝ රාජ්‍ය ආයතන වල මේ අළුත් සංකල්පය ක්‍රියාවේ නංවන්න උත්සහ දරමින් සිටින අවස්ථාවක තාරකා සැමටම ඉදිරියට යමින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකය පිහිටු වීමට දරන ලද උත්සාහය අගය කල යුතුයි

මා හෝමාගම ප්‍රාලේ කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකය පිලිබද විස්තර ඇතුලත් ලේඛනය කියවූවා
එතනදි මට ගැටළු කිහිපයක් මතුවුනා
01. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකයක් වෙනුවට තොරතුරු තාක්‍ෂණ කමිටුවක් පිහුටුවා ඇති බව පෙනෙනවා
මේ කමිටුවේ කාර්යාලයේ වෙනත් ශාඛා වල සිටින අය නියෝජනය වන බව පේනවා. මෙය සත්‍ය ලෙසම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකයක් නිසි පරිදි ක්‍රියාත්මක වීමට බාධාවක් බවයි මගේ අත්දැකීම් අනුව දැනෙන්නේ
ඒ කියන්නේ මේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒකකයට අනන්‍ය වු පැවැත්මක් තිබිය යුතුයි
මං හිතන්නේ තාරකා මේ ගැන අපිට පැහැදිලි කරන්න පුළුවන් නං හොදයි
ඒ පැහැදිලි කිරීමත් එක්ක මගේ අනික් ගැටළුත් ඉදිරිපත් කරන්නං
« Last Edit: March 10, 2011, 12:39:36 am by ඉමල් » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Wasantha
Re-Engineering Government
Galle
Silver Member
****
Gender: Male
Posts: 311


wasanth_desha
View Profile Email
« Reply #92 on: March 12, 2011, 12:07:49 am »

ගාල්ලේ විජේනායකගේ ලිපිය දැක්කේ පමා වී වුනත් ඔහුගේ අදහසට හා ධෛර්යයට ස්තුතිය  පිරි නොනමා ඉන්න බැහැ. ජය ශ්‍රී විජේනායක!  අපෙන් ඕන උද්ව්වක් ඉල්ලන්න පැකිළෙන්න එපා.
වසන්ත දේ
Logged

With Thanks and Best Regards

Wasantha Deshapriya
Director,
Re-engineering Government Programme
Deepika
Chief Innovation Officer
Matara
Silver Member
****
Gender: Female
Posts: 332



View Profile Email
« Reply #93 on: March 12, 2011, 10:24:08 am »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 10

සංකල්ප පත්‍රිකාවේ හත්වෙනි අංකය ලෙස මා දැක්වුයේ ස්ථාපනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ අගයන් මොනවාද යන්නයි

අපේ අගයන් තුලින් පිළිඹිඹු වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකයේ රාජකාරි කරන අයගේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවයයි

මෙන්න අපේ අගයයන්

1. විශ්‍රාමිකයන් අමන්දානන්දය
2. ගෞරවනීය, විශ්වසනීය සහ සඵලදායි සන්නිවේදනය හා සහයෝගීතාවය


ඉමල් මහතානෙනි,

විශ්‍රාම වැටුපි ලිලිගොනුව ඔබ දෙපාර්තමේන්තුවට එවූ පසු විශ්‍රාමිකයාට ඔහුගේ ලිපිගොනුවේ වර්තමාන තත්ත්වය අන්තරුජාලය හරහා දැන ගැනීමට ඔබ විසින් යම් කිසි ක්‍රමයක් නිර්මාණය කොට තිබේද? දැන ගැනීමට කැමතියි. මා මෙය විමසන්නේ පසුගිය දිනක මා හිතවතකුගේ නව විශ්‍රාම වැටුපක් ගැන දැන ගැනීමට මා ගත් මහත් උක්සාහය නිසා. විශ්‍රාමිකයින් වඩාත් අමන්දානන්දයට පත් කිරීමට මේ හරහා ඔබට හැකිවේ.(මට මතකයි මෙයට කාලයකට පෙර අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ අපේ ප්‍රතිලාභයන්ගේ වර්තමාන තත්ත්වය දැන ගැනීමට ජා.හැ.පත් අංකය ඇතුලත් කිරීම මගින් හැකිවූවා.)
Logged
Sameeraj
සුබ දවසක්!
Administrator
ICTA
Platinum Member
*****
Gender: Male
Posts: 1104


If you believe in yourself anything is possible!


View Profile WWW Email
« Reply #94 on: March 13, 2011, 10:41:31 pm »

 Smiley

වඩාත් සුදුසුයි දීපිකාගේ මේ පැනය හා පිළිතුර ඉ විශ්‍රාම වැටුප් පද්ධතිය පෙළටම ඇතුළු වීම. අපි මේ ගැන එතුල කතා කරමු  Smiley

ඒ අතර දීපිකා ඔබ මෙතරම් කටයුතු ඉටු කරන ඔබේ ආයතනයේ තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ස්වභාවය අපට කියන්න හැකිනම් එය ඉතා වැදගත් වේවි අන් ප්‍ර න නිනටත්.


සමීර
« Last Edit: March 13, 2011, 10:44:44 pm by Sameeraj » Logged

"Ability is what you're capable of doing. Motivation determines what you do. Attitude determines how well you do it."


Sameera Jayawardena
Project Manager
ICT Agency of Sri Lanka

VoIP 0112 369250
T 011-2369099 250

Follow me@ http://twitter.com/imsameeraj
http://imsameeraj.blogspot.com
Deepika
Chief Innovation Officer
Matara
Silver Member
****
Gender: Female
Posts: 332



View Profile Email
« Reply #95 on: March 14, 2011, 09:29:57 pm »

සමීර මහතාණෙනි,
ඇත්තටම අපේ කාර්යාලයේ තොරතුරු තාක්ෂන ඒකකය අප පිහිටුවා ගත්තේ 2009 මාර්තු මාසේ 18 දා.අපට අවශ්‍ය වූයේ අප ලද තොරතුරු තාක්ෂණ උපකරණ සහ අපේ ලඟ ඇති සීමා සහිත වූ තොරතුරු තාක්ෂන දැනුම එකතු කොට මහජන සේවාවන් වඩාත් කඩිනමින් ලබා දීම සඳහා යම් කිසි උත්සාහයක් දැරීමටයි.
අපේ දැක්ම වූයේ “ පරිගණකගත මහජන සේවා සපයන ප්‍රමුඛතම ප්‍රාෙද්ශීය මහ ලේකම් කාර්යාලය බවට පත්වීම“.
අපට ප්‍රධාන අරමුණු 2 ක් තිබුණා.
1.තාර්යාලයීය තොරතුරුතාක්ෂණ ක්‍රම වේදයන් වඩාත් විධිමත් කිරීම.
2.කාර්යාල කටයුතු වඩාත් ඵලදායිව හා කාර්යක්ෂමව ඉටු කිරීම.

මම මෙහිදී “අපේ“ යනුවෙන් නිතරම පවසන්නේ මම ප්‍ර.න.නි. වුවත් ඉතා උනන්දු සහ නිර්මාණශීලී නිළධාරීන් පිරිසක් මා වටා ඒකරාශී වූ නිසයි
Logged
Deepika
Chief Innovation Officer
Matara
Silver Member
****
Gender: Female
Posts: 332



View Profile Email
« Reply #96 on: March 14, 2011, 09:39:41 pm »

අපේ පියවර 2

තො.තා.ඒකකයේ සාමාජිකයින් ලෙස කාර්යාලයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි නිළධාරීන් තෝරා ගනු ලැබුවා.ඔබ දන්නවා ප්‍රා.ලේ.කාර්යාලයක් සිදු කරනු ලබන මහජන සේවාවන් ඉතා විශාල බව.ඒ නිසා සියළුම අංශ නියෝජනය කරමින් නිළධාරීන් 10 කු තෝරා ගත්තා.ඔවුන් සමග මා සහ පද්ධති පරිපාලක අවශ්‍ය පරිදි සාතච්ඡා තොට 2009 වසර සඳහා තො.තා.ඒකකයේ 2009 වසරේ ඉලත්තයන් ඇති කර ගත්තා.
Logged
Sameeraj
සුබ දවසක්!
Administrator
ICTA
Platinum Member
*****
Gender: Male
Posts: 1104


If you believe in yourself anything is possible!


View Profile WWW Email
« Reply #97 on: March 17, 2011, 05:24:52 pm »

පැහැදිලියි  Smiley ස්තූතියි ඔබට

ඔබට හැකි වෙයිද මේ ඉලක්කයන් ගැනත් ඒ සැලසුම ගැනත් අපට කියන්න

 Smiley
Logged

"Ability is what you're capable of doing. Motivation determines what you do. Attitude determines how well you do it."


Sameera Jayawardena
Project Manager
ICT Agency of Sri Lanka

VoIP 0112 369250
T 011-2369099 250

Follow me@ http://twitter.com/imsameeraj
http://imsameeraj.blogspot.com
Deepika
Chief Innovation Officer
Matara
Silver Member
****
Gender: Female
Posts: 332



View Profile Email
« Reply #98 on: March 18, 2011, 09:21:23 am »

ස්තුතියි ඹබේ අවධානයට.
 අපේ පියවර 3
2009 වසරේ අපේ ඉලක්කයන්

01. කාර්යාලයේ සියළුම නිළධාරීන් පරිගණක භාවිතයට හුරු කරවීම.
02. ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් සඳහා නිළධාරීන් යොමු කරවීම.
03. හැකි සෑම විටම තම වාර්තා සහ ලිපි පර්ගණකය මගින් සැකසීම.
04. එම තොරතුරු හුවමාරුව සඳහා අන්තරුජාලය භාවිතා කිරීම.
05. ල.රා.ජා. නිල විද්‍යුත් තැපැල් ලිපින ඇති මා.නි.එම ලිපින භාවිතයට පෙළඹවීම.
06. අනෙක් සියළුම නිළධාරීන් සඳහා yahoo/google e mail සාදාගැනීමට යොමු කිරීම.
07. කාර්යාලයීය වෙබි අඩවිය නියමිත පරිදි යාවත්කාලීන කිරීම සහ කාර්යාලයීය ප්‍රකාශන අවශ්‍ය අයට බාගත කර ගත හැකි සේ වෙබ් අඩවියට එක්කිරීම.
මෙම ඉලක්ක සපුරා ගැනීමේදී අප මුහුණ දුන් ගැටළු සහ ඇතැම් ඉලක්කයන් ජය ගැනීමට හැකිවූ ආකාරය මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්.
Logged
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2089



View Profile Email
« Reply #99 on: April 03, 2011, 01:24:25 am »

අපගේ මෙම කාමරයේ භාරකරු (අයිතිකරු නොව) ගේ වගකීම්, හැකියාවන්, දක්‍ෂතා, මුහුන දෙන ගැටළු, සදාකාලිකව ස්ථාන ගත වීම, පුහුණුව, දුක් කම් කටොළු ආදි වශයෙන්
විවිධ හුයන් (threads) හරහා නොයෙක් දේ නොයෙක් අයුරින් කතා කර ඇත්තෙමු.
නමුත් මේ කාමරයට සුවඳ දෙන අනෙක් පිරිස ගැනත් කතා කල යුතුයි නේද?
ඔවුන්ගේ වගකීම්, හැකියාවන්, දක්‍ෂතා, මුහුන දෙන ගැටළු, සදාකාලිකව ස්ථාන ගත වීම, පුහුණුව, දුක් කම් කටොළු ආදි වශයෙන්
Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
Bandula Ranathunga
Chief Innovation Officer
Colombo
Platinum Member
******
Gender: Male
Posts: 1055


View Profile WWW Email
« Reply #100 on: April 04, 2011, 08:44:06 am »

නමුත් මේ කාමරයට සුවඳ දෙන අනෙක් පිරිස ගැනත් කතා කල යුතුයි නේද?
කවුද ඒ කට්ටිය?
Logged

Bandula Ranathunga,
Program Coordinator (Local Government Re-engineering Program),
Ministry of Local Government & Provincial Councils,
#330, Union Place,
Colombo 02.
eMail - bandula.ranathunga@pclg.gov.lk
Mobile -0714315426
Office -0112452430
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2089



View Profile Email
« Reply #101 on: April 04, 2011, 09:00:52 am »

නමුත් මේ කාමරයට සුවඳ දෙන අනෙක් පිරිස ගැනත් කතා කල යුතුයි නේද?
කවුද ඒ කට්ටිය?

පද්ධති පාලක වරු, මෘදුකාංග නිපදවන්නන්, මිලදී ගැනුම් සිදුකරන්නන්, නඩත්තු සහකාරවරුන්, ව්‍යපෘති සහකාරවරුන් ආදි වශයෙන් විශාල පිරිසක්
« Last Edit: April 04, 2011, 09:01:36 am by Ranjan-රන්ජන්-ரன்ஜன் » Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #102 on: May 12, 2011, 04:04:50 pm »

පිහිටුවනු ලැබු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය ආයතනයේ තොරතුරු හා සන්නිවේදන සම්පත් පිලිබඳ පුර්ණ වගකිව යුතු ඒකකය බවට පත් වෙනවා
ඒ අනුව මේ තොසතා ඒකකය දායක වන තොසතා සම්පත් සම්බන්ධ රාජකාරි කටයුතු බොහොමයක් තියෙනවා
අපි ඒ ගැනත් කථා කරමු

ආරම්භයක් විධිහට තොසතා සම්පත් ප්‍රසම්පාදනයේදි තොසතා ඒකකය දායක වෙන හැටි බලමු

මෙන්න ඒ පියවර


1. පරිගණක උපකරණ අවශ්‍යතාව නිර්ණය කිරීම.
එය වාර්ෂික සැලසුමේ හා අය වැයේ තිබේද යන්නත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සත්‍යවම ආයතනය සතුව තිබේද යන්නත් තොරතුරු තාක්ෂණ ඒකකයේ ප්‍රධානියා තහවුරු කර ගැනීම. එසේම එම උපකරණ වලට අවශ්‍ය විදුලිය, වායු සමනය ආදී පාරිසරික අවශ්‍යතා සපුරා ඇති බව හා පරිශීලක අවශ්‍යතා (පුහුණුව, අත්පොත්) ආදිය සපුරා ඇති බවද තොරතුරු තාක්ෂණ ඒකකයේ ප්‍රධානියා තහවුරු කර තිබිය යුතුය.

2. මිලදී ගත යුතු තොරතුරු තාක්ෂණ සම්පත් වල අවශ්‍යතාව පිළිබඳව ආයතන ප්‍රධානියාට තොරතුරු තාක්ෂණ ඒකකය විසින් ලිඛිතව දැනුවත් කිරීම.

3. ඒ අනුව මිලදී ගැනීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ සම්පත් පිළිබඳව ලිඛිතව ආයතන ප්‍රධානියා විසින් පරිගණක ඒකකය දැනුවත් කිරීම.

4. පරිගණක ඒකකය විසින් සකස් කර දෙනු ලබන ඊට අදාල පිරිවිතර ආයතන ප්‍රධානියා මඟින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන ඒකකයට බාර දීම.

5. අදාල මිල කියුම් ලද පසු ප්‍රසම්පාදන ඒකකය විසින් මිල ගණන් ඇගයීම සඳහා තොරතුරු තාක්ෂණ ඒකකයේ ප්‍රධානියා ඇතුලත් තාක්ෂණික ඇගයුම් කමිටුවක් ආයතන ප්‍රධානියා විසින් පත් කිරීම.

6. නිසි ඇගයීමෙන් පසු තෝරා ගන්නා ආයතන‍යෙන් ඒ ද්‍රව්‍ය මිලදී ගෙන භාණ්ඩ ලද පසු ආයතන ප්‍රධානියා විසින් සපයන ලද තොරතුරු තාක්ෂණ සම්පත්, පිරිවිතර සමඟ සැස‍‍‍‍ඳේ ද යන්න පරීක්ෂා කිරීම‍ට තොරතුරු තාක්ෂණ ඒකකයට පැවරීම.

7. තොරතුරු තාක්ෂණ ඒකකය ඒ බව සනාථ කල පසු ගබඩාව විසින් බඩු භාර ගැනීම.

8. එම සම්පත් ස්ථාන ගත කරන ආකාරය තොරතුරු තාක්ෂණ ඒකකය විසින් ආයතන ප්‍රධානියාට වාර්තා කිරීම.

9. ඒ අනුව තොරතුරු තාක්ෂණ ඒකකය මඟින් එම සම්පත් ස්ථාන ගත කිරීම.

10. ආයතන ප්‍රධානියා විසින් ස්ථාපනය / ස්ථාන ගත කිරීමේ වාර්තාව ප්‍රසම්පාදන ඒකකය හා ගබඩාව වෙත දැන්වීම.

අප දෙපාර්තමේන්තුව මෙම පරිපාටිය වර්තමනයේ අනුගමනය කරනවා

Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #103 on: June 08, 2011, 09:45:53 pm »

තොසතා ඒකකය දායක වන තොසතා සම්පත් සම්බන්ධ රාජකාරි කටයුතු

තවත් රාජකාරි කටයුත්තක් තමයි පරිගණක හා උපාංග පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛනය පවත්වාගෙන යාම
මේ ගැන අපි කලින් අවස්ථාවක කථා කරලා තියෙනවා
නව සහෘදයන්ට ආරාධනා කරනවා ඒ කොටස බලන්න කියලා
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #104 on: September 26, 2011, 04:27:45 pm »

අනාගතයේ තොසතා ඒකකයක රාජකාරි කරන නිලධාරින් පිලිබඳ වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසමට අපි යොජනාවක් ඉදිරිපත් කරලා එය අනුමත කරවා ගන්නයි අළුත්ම උත්සාහය
මේ අන්තර්ගතය නිර්මාණය කරනු ලැබුවේ තොසතා සේවා ව්‍යවස්ථාව අනුවයි
ඉදිරියෙදි මං කියන්නං ඒ සංයුතිය මොන වාගේද කියලා
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Pages: 1 ... 5 6 [7] 8 9 ... 11
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.10 | SMF © 2006-2009, Simple Machines LLC
Brkdmrcn v4 By [BrKDmRcN]
Valid XHTML 1.0! Valid CSS!