General ඉන්ෆොටෙල් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට මෙවරත්(ICTA) දායකත්වය

ඉන්ෆොටෙල් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට මෙවරත්(ICTA) දායකත්වය

ඊ-තැපැල මුද්‍රණය

COO of ICTA, Reshan Devapura (middle) speaking at the press conference while Chairman Exhibition Committee, A. Jayaseelan (L) and Chairman of Infotel Ruwan Weerasinghe (R ) looks on.

‘මිනී ඉන්ෆොටෙල්’ තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ ප්‍රදර්ශනය සදහා මෙවර ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දායකත්වය ලැබී තිබේ.

 ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුලින් රට පුබුදුවාලමු’ මෙවර ප්‍රදර්ශනයේ තේමාව වන අතර මෙම මස 26 වනදා සිට 28 වනදා දක්වා යාපනය වෙම්බඞි උසස් බාලිකා විද්‍යාලයේ දී ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

 

 උතුරු ප්‍රදේශයේ වාසය කරන ජනතාවගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ එක් අරමුණකි.

 තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා තෝරා ගැනීම සදහා අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශකත්වය උතුරු ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ලබා දීමටද මෙහිදී කටයුතු යොදා තිබේ.මෙම මාර්ගෝපදේශක සේවා වැඞසටහන් මාලාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ඇත.

 ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සදහා උතුරේ ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මෙම ප්‍රදර්ශනය අත් වැලක් වනු ඇති බවත් එම තරුණ ප්‍රජාව තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෘත්තීන් සදහා යොමු කිරීමට හැකි පසුබිමක් සකස් කිරීමට මේ ඔස්සේ හැකිවනු ඇති බවට වීශ්වාස කරන බවත් මෙම ප්‍රදර්ශනය පිළිබදව දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ‍රෙෂාන් දේවපුර මහතා සදහන් කළේය.

 මෙම ඉන්ෆොටෙල් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ටීගෝ පෞද්ගලික සමාගමයි.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

2011 දෙස ආපසු හැරී බලමු

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices