
රාජ්‍ය අංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ තවත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ‘ඉ-මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය’ නොබෝදා ක්‍රියාවට නැන්විණි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මේ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු රැසක් මෙම ඉ-මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්විණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවය,රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය,රියදුරු සේවය, කාර්යාල සේවක සේවය,භාෂා පරිවර්තක සේවය, පුස්තකාල්‍යාධිපති සේවය යන සේවාවන් මෙම ව්‍යාපෘතිය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා තිබේ.
මේ අනුව ඉහත විෂය ක්ෂේත්‍රයන්ට අයත් නිලධාරීන් හතලිස් හය දහසකගේ පමණ සේවා ස්ථිර කිරීම් ,උසස්වීම්,ස්ථාන මාරුවීම්,විනය කටයුතු,විශ්‍රාම ගැන්වීම් ආදී කටයුතු ඉතා කඩිනමින් හා විධිමත්ව සිදු කිරීමට හැනියාව ලැබෙනු ඇත.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ආචාර්ය සරත් අමුණුගම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ මානව සම්පත් කළමනාකරණය මෑත යුගයේදී අප සමාජය හා දැඩි ලෙස බද්ධ වී තිබෙන බවත් ඒ තුලින් වඩාත් කාර්යක්ෂම සහ ථලදායී සේවාවක් ලබා ගැනීමට හැකිවන බවත් මෙහිදී සදහන් කළ ඇමති සරත් අමුණුගම මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ඉහලම ප්‍රතිලාභයන් රටට අත්කර ගැනීම සදහා මෙවැනි ව්‍යාපෘතීන් මහගු අත්වැලක් වන බවත් වැඩි දුරටත් සදහන් කළේය.
ශ්‍රී ලංකාව ඉතා සීග්‍රයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලට පියමන් කරමින් සිටින බව මෙහිදී කියා සිටි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා ඒ බව ජාත්‍යන්තර වාර්තා මගින් පවා සනාථ කර තිබෙන බවද මෙහිදී කීය.
රාජ්‍ය අංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විශාල දායකත්වයක් ලබා දී තිබෙන බව ද එය තව දුරටත් පුළුල් ලෙස සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද රෙෂාන් දේවපුර මහතා වැඩිදුරටත් මෙහිදී සදහන් කළේය.



‘ඉ-මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය’ ක්‍රියාවට නැංවේ


























