General මහින්ද චින්තන ඉදිරි දැක්මේත් තොරතුරු තාක්ෂණයට මුල් තැන

මහින්ද චින්තන ඉදිරි දැක්මේත් තොරතුරු තාක්ෂණයට මුල් තැන

ඊ-තැපැල මුද්‍රණය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කල සිය ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ තුළද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට  ප්‍රමුඛතාවක් ලබා දීම විශේෂත්වයකි.
 ජාතික සංවර්ධනය සදහා තොරතුරු තාක්ෂණය ප්‍රායෝගිකව ලබා ගන්නා අන්දම ‘මහින්ද චින්තන’ ඉදිරි දැක්ම තුළ විශ්ලේෂනාත්මකව ඉදිරිපත් කොට තිබේ.
 විශේෂයෙන් පාසැල් හැර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ හා ඒ ආශ්‍රිත රැකියා සදහා නැඹුරු කෙරෙන වැඩසටහන් ගැන කරුණු ඊට ඇතුලත් වන අතරම ඒ සදහා නවතම වැඩසටහනක් e- liFe නමින් නැණසල සහ විදාතා මධ්‍යස්ථාන ආශ්‍රිතව ඇරඹීමට ඉන් යෝජනා කර තිබේ.
 යෝජිත වැඩසටහනට අනුව අවම වශයෙන් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක e-liFe  මධ්‍යස්ථාන දහයක් ආරම්භ කරනු ඇත. මීට අමතරව ශ්‍රී ලංකාවේ සෑම විශ්ව  විද්‍යාලයකම තොරතුරු තාක්ෂණ පීඨයක් ආරම්භ කිරීමටද ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් යෝජනා කර තිබේ.
 වසර 2016 වන විට මෙරට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 75% මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු ද එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් යෝජනා කර ඇත.
 විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ගැන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමටද දැනට ක්‍රියාත්මක වැඩසටහන් අඛන්ඩව පවත්වාගෙන යෑමටද මහින්ද චින්තන ඉදිරි දැක්ම තුලින් ගරු ජනාධිපතිතුමා යෝජනා කර තිබේ. 
   මෙම වැඩපිලිවෙළ සාර්තක කර ගැනීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA)  සුවිශේෂී වැඩකොටසක් ඉටු කරමින් සිටින බව එම නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා මේ අතර සදහන් කරයි.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

2011 දෙස ආපසු හැරී බලමු

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices