.jpg)
2012 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව මෙම මැයි 30 දා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.
ජංගම දුරකථන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ කිර්තියට පත් විශේෂඥයින් මෙන්ම වෘත්තීය වේදීන් රැසක් මෙම සමුළුව ඇමතීමට නියමිතය.
ජනතාවගේ දෛනික කටයුතු පහසුකර ගැනීම සදහා ජංගම දුරකථනය යොදා ගත හැකි ආකාරය පිලිබදව කලාපයේ සෙසු රටවල් සමග මෙම සමුළුවේදී පුළුල් කතිකාවක් සිදු කෙරෙන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රය ඉතා වේගයෙන් ජනතාවට සමීප වෙමින් පවතින යුගයක එහි ප්‍රතිලාබ ජනතාවට ලබාදීම සදහා ජංගම දුරකථනය මෙවලමක් වශයෙන් යොදා ගැනීමට හැකි නව ප්‍රවනතාවයන් ගැන විමසා බැලීමට මෙම සමුළුව ඉතා වැදගත් වන බව නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.
ලොව ප්‍රකට ජංගම දුරකථන සන්නිවේදන විශේෂඥයකු වන රැල්ෆ් සයිමන් මෙම සමුළුවේ විශේෂ දේශනයක් කිරීමට නියමිතය.බටහිර ජනප්‍රිය ගායිකාවන් වන මැඩෝනා සහ ලේඩි ගගාගේ මාධ්‍ය උපදේශකයෙකු වන රැල්ෆ් සයිමන් යුටු සංගීත කණ්ඩායමේ ප්‍රචාරක කටයුතු බාරව ද ක්‍රියා කරයි.
මීට අමතරව ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ දේශකයෙකු වන ටොමී අහුනෙන්ද මෙම සමුළුවේ තවත් දේශනයක් පැවැත්වීමට නියමිතය.
කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී 30 වනදා පෙරවරුවේදී සමුළුව ආරම්භ කෙරෙන අතර ශ්‍රී ලංකාවේදී සමුළුව පැවැත්වෙන තෙවන අවස්ථාව මෙය වේ.
සමුළුව සදහා මුලෝපායික දායකත්වය සපයන්නේ එටිසලාට් සමාගමයි.











.jpg)
-(2)(2).jpg)












