ඉ-නීති ව්‍යාපෘතිය

ඉ-නීති

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
  • ව්‍යාපෘතියෙහි පරමාර්ථය
  • ඉලක්කගත කණ්ඩායම
  • ව්‍යාපෘතියෙහි වර්තමාන තත්වය
  • ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයට බලපෑ ව්‍යාවස්ථාපිත නීති
  • ව්‍යාපෘතියෙහි ඓතිහාසික පසුබිම හා  එහි වර්ධනය
  • වෙනත් මූලාශ්‍ර හා සම්පත්


ව්‍යාපෘතියෙහි පරමාර්ථය

ඉ-නීති ව්‍යාපෘතියෙහි පරමාර්ථය,  ශ්‍රී ලංකාවෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයෙහි සංවර්ධනය උදෙසා අදාළ නෛතික පරිසරය නිර්මාණය කිරීමය. මේ සඳහා අදාල ව්‍යවස්ථාපිත නීති සම්පාදනය, ඉ-රාජ්‍ය, ඉ-ව්‍යාපාර සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාල සෘජු විදේශ  ආයෝජන ලඟා කර ගැනීම ආදිය මූලික වේ.
 


ඉලක්කගත කණ්ඩායම

අමාත්‍යංශ, රජයේ දෙපාර්තමේන්තු, නෛතික හා අධිකරණ ක්ෂේත්‍ර, වාණිජ, බැංකු, භාණ්ඩ ප්‍රවාහන හා මුදාහැරීම් හා ව්‍යාපාරික ක්ෂේත්‍ර
 

ව්‍යාපෘතියෙහි වර්තමාන තත්වය

මෙයටතේ ව්‍යවස්ථාපිත නීති කිහිපයක් මෑතකාලීනව  පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලදී. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත 2006 මාර්තු මස සම්මත වූ අතර 2007 ඔක්තෝම්බර් මස සිට ක්‍රියාත්මක වෙයි. මෙම පනත “ශ්‍රී ලංකාව තුල ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් වූ ගිවිසුම් සකස් කර ගැනීම සඳහා ද, දත්ත පණිවුඩ නිර්මාණය සහ හුවමාරුව හා වෙනත් සන්නිවේදන පිළිගැනීම හා ඊට පහසුකම් සැලසීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම” පිණිස ද වූ පනතකි.

පරිගණක අපරාධ පනත 2007  මැයි මස සම්මත වූ අතර 2008 ජුලි මස සිට ක්‍රියාත්මක වෙයි. මෙම පනත පරිගණක අපරාධ හඳුනාගැනීම, එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහාද වූ පනතකි.

තවද 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත තොරතුරු තාක්ෂණ නිෂ්පාදන හා සේවාවන්ට,  බුද්ධිමය දේපල යටතේ නෛතික පිළිගැනීම ලබාදෙයි. එහි 6 වන වගන්තියට අනුව පරිගණක මෘදුකාංගයකට (පරිගණක වැඩසටහනක් ලෙස දක්වා ඇති) අදාළ ප්‍රකාශන අයිතිය,  ශාස්ත්‍රීය, කලාත්මක හා විද්‍යාත්මක ප්‍රභේදය යටතේ ලබා දී ඇත. පෙර මෙන් නොව සාධාරණ භාවිතයට අදාළ විෂය පථය 12 (7) වගන්තිය සමග කියවෙන 12(1) යටතේ විග්‍රහ කර තිබේ. බුද්ධිමය දේපල පනතෙහි සංගෘහිත පරිපථ පිළිබඳවද පරිච්ඡේදයක් අඩංගු වෙයි.
 

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයට බලපෑ ව්‍යාවස්ථාපිත නීති

 

2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත
1995 අංක 14 දරණ සාක්ෂි ( විශේෂ විධිවිධාන) පනත
2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත
2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත
2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත
2005 අංක 28 දරණ ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත
2006 අංක 30 දරණ ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත
 


ව්‍යාපෘතියෙහි ඓතිහාසික පසුබිම හා එහි වර්ධනය

2004 ඔක්තෝම්බර් මස 26 වන දින ගන්නා ලද කැබිනට් මණ්ඩල තීරණයකට අනුව ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  සංවර්ධනයට අදාල ප්‍රතිපත්ති හා නියාමනය කිරීමේ රාමුව නිර්දේශ කිරීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වෙත පැවරිණි. 2003 අංක 27 දරණ (2008 අංක 33 දරණ පනතින් සංශෝධිත)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත මගින් ICTA ආයතනය වෙත (CINTEC ආයතනයෙහි අනුප්‍රාප්තිකයා වන), මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනය සඳහා, උපක්‍රම හා වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අදාළ, පහසුකම් සැපයීමේ කාර්යභාරය පැවරිණි.

1986 CINTEC (ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව) විසින් නීති හා පරිගණක කමිටුව පිහිටුවන ලදී. මෙම කමිටුව එවකට නීතිපති, නීති කෙටුම්පත්කරු, ජ්‍යෙෂ්ඨ නීති ක්‍රියාකාරීන් හා නීති අධ්‍යාපනඥයන්ගෙන්ද සමන්විත විය. මෙම කමිටුව ක්‍රමයෙන් සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීති සම්පාදනය පිළිබඳ ඇගයීමේ වගකිවයුතු කමිටුව බවට පත්විය. මෙම කාර්ය භාරය වර්තමානයෙහි ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  ඉ-නීති ව්‍යාපෘතිය නමින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

1995 අංක 14 දරණ සාක්ෂි ( විශේෂ විධිවිධාන) පනත

නීති හා පරිගණක පිළිබඳ CINTEC කමිටු‍ව සාක්ෂි නීතිය ප්‍රතිසංස්කරණය පිළිබඳ සංකීර්ණ විමර්ශනයක් කරන ලදී.  1895 සාක්ෂි ආඥා පනතට පරිගණක ආශ්‍රිත සාක්ෂි අන්තර්ගත කිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් අවධාරණය කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1995 අංක 14 දරණ සාක්ෂි ( විශේෂ විධිවිධාන) පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පණවන ලදී.

2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත

2005 අගෝස්තු මස 23 වන දින පරිගණක අපරාධ කෙටුම්පත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. CINTEC ආයතනය විසින් 1997 අගෝස්තු 16 වන දින, පරිගණක අපරාධ වැළැක්වීමේ නීති පිළිබඳ මූලික යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. මෙම කෙටුම්පත සමාලෝචන කිහිපයකින් හා වෙනස් කිරීම් වලින් පසුව 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත ලෙස පණවන ලදී. මෙම පනතේ විධිවිධාන මගින් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ප්‍රවේශය, පරිගණක වැඩසටහන්, දත්ත හා තොරතුරු සහ නීත්‍යානුකූල නොවන පරිගණක භාවිතයට අදාළ අපරාධ හඳුන්වාදෙන ලදී.

2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත

නීති හා පරිගණක පිළිබඳ CINTEC කමිටු‍ව විසින් 1999 දී, ඉ-වාණිජ්‍ය හා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සඳහා පහසුකම් සපයන්නා වූ නීති සම්පාදනය උදෙසා අනු කමිටුවක් පත් කරන ලදී. මෙම අනු කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළඳ නීති කොමිසම (UNCITRAL) විසින් සකස් කළ ආදර්ශ නීතිය හා අනිකුත් ජාත්‍යන්තර නෛතික මූලධර්ම පදනම් කරගනිමින්, සකස් කර තිබූ මූලික කෙටුම්පත් යෝජනාව, 2000 ජූලි මස ඉදිරිපත් කරන ලදී. කෙසේවුවද මෙම කෙටුම්පත අවසානාත්මක ලේඛනයක් නොවීය. 2004 වර්ෂයේදී ICTA ආයතනය මෙම වාර්තාව හා කෙටුම්පත පිළිබඳව සමාලෝචනයක් කරන ලද අතර අදාල කෙටුම්පත, නීති කෙටුම්පත් දෙපාර්තුමේන්තුව හරහා අවසානාත්මක ලේඛණයක් බවට පත් කරගන්නා ලෙස 2004 සැප්තැම්බර් මස 22 වන දින කැබිනට් මණ්ඩලය විසින් ICTA ආයතනය බලය ලබා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කෙටුම්පත 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පණවන ලදී.


දත්ත සුරැකුම

ICTA ආයතනය දත්ත සුරැකීමේ අවශ්‍යතාවය පිළිබඳව ද කටයුතු කරයි. නීති හා පරිගණක පිළිබඳ CINTEC කමිටු‍ව විසින් 1998 වසරේදී දත්ත සුරැකීමට අදාළ මුලික ගැටලු හඳුනා ගන්නා ලදී. ICTA ආයතනය CINTEC ආයතනයෙහි අනුප්‍රාප්තිකයා වශයෙන්, දත්ත සුරැකීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ වගකීම් සහගත රාජ්‍ය ආයතනය බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොදුවේ හා රාජ්‍ය අංශ විසින් භාවිතා කළ හැකි දත්ත සුරැකීමේ මාර්ගෝපදේශ ගණනාවක් සංග්‍රහගත කර තිබේ..
 


වෙනත් මූලාශ්‍ර හා සම්පත්

ගැසට් නිවේදන
ලිපිලේඛණ
ඉදිරිපත් කිරීම්
ප්‍රකාශන
ප්‍රවෘත්ති ප්‍රකාශන


ගැසට් නිවේදන
ගැසට්  අංක 1559/41 ,2008    -2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත ක්‍රියාවට නැංවීම
ගැසට්  අංක 1516/25 , 2007   -2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ක්‍රියාවට නැංවීම


ලිපිලේඛණ
ශ්‍රී ලංකාවෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීති තත්වය( 2004 ජූනි මස වන විට)
කාලීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යවස්ථාවන්ගේ බලපෑම
මෘදුකාංග සුරැකුම හා ඉ-වාණිජ්‍ය

ඉදිරිපත් කිරීම්
පොදුරාජ්‍ය මණ්ඩලීය කලාපීය වැඩමු‍ළුව (නීතිය හා තාක්ෂණය)
CXO සමුළුව (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ CXO දැක්ම)

ප්‍රකාශන
පරිගණක නීතිවලින් ඉ-නීති වෙත. ශ්‍රී ලංකාවෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය. “ අභිවෘද්ධියෙහි හවුල් කරුවන්”-විද්‍යාජෝති මහාචාර්ය වී.කේ.සමරනායක අභිනන්දන ග්‍රන්ථය.

ප්‍රවෘත්ති ප්‍රකාශන
ශ්‍රී ලංකාව අන්තර්ජාතික පරිගණක අපරාධ වැළැක්වීමේ ප්‍රඥප්තිය‍ට අත්සන් තැබීමට යයි-මහාචාර්ය තිස්ස විතාරණ
පරිගණක අපරාධ නීති අන්තර්ජාතික ප්‍රමිති හා අනුගත විය යුතුය

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 පෙබරවාරි 22 වෙනි සදුදා, 13:46 )  
Tamil-Sri LankaEnglish (United Kingdom)

Nenasala Pranama

ICT Agency of Sri Lanka launched “Nenasala Pranama – Swarna Sammana” ceremony in appreciation of the contribution rendered by Nenasala owners / operators for achieving the National objective.

Read More

නව සිදුවීම්

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices