Re-engineering Government රටේ සියළු දෙනාටම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ්යේ ප්‍රතිලාබ ලබාදීම වත්මන් රජයේ අරමුණයි

රටේ සියළු දෙනාටම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ්යේ ප්‍රතිලාබ ලබාදීම වත්මන් රජයේ අරමුණයි

ඊ-තැපැල මුද්‍රණය

රටේ සියළු දෙනාටම තොරතුරු සන්නිවේදන තාක්‍ෂනයේ ප්‍රතිලාබ ලබාදීම වත්මන් රජයේ අරමුණ බව විදුලි සන්දේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංපිත් සියඔලාපිටිය මැතිතුමා පැවසීය.
 අමාත්‍යතුමා මේබව සදහන් කළේ උප්පැන්න විවාහ සහ මරණ සහතික පරිගණක ආශ්‍රීතව නිකුත් කිරීමේ BMD  ව්‍යාපෘතිය පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා හදුන්වාදීම නිමිත්තෙන් පොළොන්නරුව දිසා ලේකම් කාර්යාලයේ පැවති උත්සවය අමතමිණි.
  මෙහිදී වැඩිදුරටත් උත්සවය ඇමතූ  රංජිත් සියඔලාපිටිය අමාත්‍යතුමා මෙසේද කීය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අපේක්‍ෂාව තමයි මේ රට ආසියාවේ අශ්චර්යමත් රටක් කරා පියමන් කරන විට මෙරට තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය සියයට හැත්තෑපහේ මට්ටමට ගෙන ඒම‍ , එවාගේම තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා ලක්‍ෂයක් උත්පාදනය කිරීම, තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයෙන් උපයන ආදායම ඩොලර් දශ ලක්‍ෂ දාහ දක්වා වර්ධනය කිරීම.ඒවාගේම ජනතාවගේ උවමනාවන් පහසුකරන්න තොරතුරු තාක්ෂණය ‍යොදා ගැනීමත් අපේ වගකීමක් යුතුකමක් ඉටු කිරීමක් ලෙසයි අප සිතන්නේ.මේ අවස්ථාව ඒ වගකීම යුතුකම මල්ළුල ගැන්වුණු අවස්තාවක් වශයෙන් හැදින්විය හැකියි. මෙයට දශක කීපයකට පෙර ජංගම දුරකථනය කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් වශයෙනුයි අපි සැලකුවෙ. නමුත් අද තතත්වය හාත්පසින්ම වෙනස් වෙලා.ර‍ටේ ජනග්‍රහනය දෙකෝටියයි. ජංගම දුරකතන සංඛාව දෙකොටි දශ ලක්‍ෂයයි.ජංගම දුරකථනය කියන්නෙ  අද ජනතාවගේ එදිනෙදා කටයුතු පහසුකරන එක  උපකරණයක් .
 සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා උත්සවය අමතමින් මෙසේ කීය.සමාජයේ යහපත සදහා යොදාගත හැකි ජංගම දුරකථනය වැනි තාක්‍ෂණික මෙවලම් අද බෝහෝ විට යොදා ගන්නේ සමාජ අයහපතටයි.එසේම තැන නොතැන නොබලා ජංගම දුරකථනය පාවිච්චි කිරීම නිසා ‍මොන තරම් අනතුරු සිදු වෙනවිද?.වාහනය එළවන්නෙත් ජංගම දුරකථනය කනේ ගහගෙන.
 

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices