Re-engineering Government දුම්රිය ධාවන මෙහෙයුම් කටයුතු සදහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට යයි

දුම්රිය ධාවන මෙහෙයුම් කටයුතු සදහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට යයි

ඊ-තැපැල මුද්‍රණය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.
 මේ අනුව දුම්රිය ධාවන කටයුතු ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකිවෙතැයිද එමගින් දුම්රිය මගීන්ට වඩාත් කාර්යයක්ෂම දුම්රිය සේවාවක් ලබා දිය හැකි බව ද නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරනවා.
 ප්‍රථමයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස දුම්රිය පහක මෙය ක්‍රියාත්මක වන අතර එය සති තුනක පමණ කෙටි කාලයකින් නිමා වීමෙන් අනතුරුව දුම්රිය අසුවක් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතව තිබෙනවා.
බහුල වශයෙන් දැනට සිදුවෙන දුම්රිය ප්‍රමාදයන් මෙම නව ක්‍රම වේදයත් සමග අවම මට්ටමකට ගෙන ඒමට හැකිවීම විශේෂත්වයක් වෙනවා.
  දුම්රිය පාලක මැදිරිය සහ ධාවනය වන දුම්රියක් අතර දැනට තොරතුරු හුවමාරු කර ගනු ලබන්නේ ඉතා අවම තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ වන අතර දුම්රියක ධාවන ගමන් මාර්ගය අනු රූ ලෙස සටහන් කර ගැනීම ඊට එක් උදාහරණයකි.
 මෙසේ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමත් සමගම දුම්රිය ධාවනය වන ආකාරය දුම්රිය පාලක මැදිරියට පරිගණක තිරයක් ඔස්සේ සජීවීවම දැක ගැනීමට හැකිවන අතර පාලක මැදිරිය සහ දුම්රියක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමද ඒ ආකාරයෙන්ම සිදු කර ගතහැකි වීම විශේෂත්වයකි.දුම්රිය හදිසි ආපදාවකට ලක් වුවහොත් එම මොහොතේදීම  සංඥාවක්  මගින් පාලක මැදිරිය දැනුවත් කිරීමද  සිදුකෙරේ.
 දුම්රිය ධාවනය වෙමින් සිටින ප්‍රදේශය පසු කරමින් සිටින දුම්රිය ස්ථානය මෙන්ම දුම්රිය ස්ථානයට දුම්රිය ලගාවෙන නිශ්චිතම වේලාව දුම්රිය මගීන්ට මෙම නව ක්‍රම වේදය ඔස්සේ දැනගත හැකි වේ.
 දුම්රිය එන්ජිමේ සවිකරන ලද විශේෂ තාක්ෂණික උපකරණයක් මගින් දුම්රිය පාලක මැදිරිය සමග සබදතා ගොඩනගා ගනිමින් මෙම නව ක්‍රම වේදය ක්‍රියාත්මක වේ.

 

"It is hoped that the GPS/GSM units that will be installed in the trains will go a long way in offering a better train service to the people. This should also greatly facilitate particularly the work of the railway transport operation staff," Railways General Manager P. P. Wijesekera said.
Referring to the timeframe of the project SLR Colombo Chief Innovation Officer (CIO) Palita Samarasinghe said that initially this project would be implemented on a trial basis with the new devices installed on a few trains for a short time. But within five months the new device will be in full operation with 50 units distributed among 80 trains, installations being effected according to requirements.
"In addition Railway Operating Information System which is a major module in the railway information technology plan will also be developed and implemented along with this project," the CIO revealed.

http://www.dailymirror.lk/print/index.php/business/127-local/17931-satellite-technology-to-improve-railway-transport-management

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices