
ජනතා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා රාජ්‍ය තොරතුරු කේන්ද්රය (1919) ලබා දෙන සහාය ප්‍රසංශනීය බව ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්.කේ.මහානාම මහතා පවසයි.
ජනතාව සිය අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීම සදහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමේදී ඒ වෙනුවෙන් තොරතුරු කේන්ද්රය ලබා දෙන සහාය ප්‍රසංශනීය බවද එය සෙසු රාජ්‍ය ආයතනයන්ටද එය ආදර්ශයක් බවත් ජනාධිපති අතිරේක ලේකම් පවසයි.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 2010 වාර්ෂික ජාතික සමුළුව අමතමින් අතිරේක ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට යොමු කෙරෙන මහජන පැමිණිලි පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලය සෘජුවම මැදිහත් වී විසදුම් ලබා දීමේ වැඩපිලිවෙලක් සකස් කෙරෙමින් තිබෙන බවයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක‍්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
දකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට යන ගමනේදී ජනතාවට ඉතා නිවැරදි සහ විධිමත් තොරතුරු ලබා දීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා මෙම සමුළුව අමතමින් දීර්ඝ ලෙස කරුණු අවධාරණය කළේය.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට තොරතුරු ලබා දීම මෙන්ම තොරතුරු යාවත්කාලීන කිරීම වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනද මෙහිදී පිදුම් ලැබීය.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ආරම්භ කිරීම සදහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා ලබා දුන් නායකත්වය අගය කරමින් එතුමාට විශේෂ සම්මානයක් පිරිනැමීමද විශේෂ සිද්ධියක් විය.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ආරම්භ කර ගෙවුණු සිව් වසරක කාලය තුල තොරතුරු කේන්ද්රය ලබා තිබෙන ප්‍රගතිය පිළිබදව නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය මහතා මෙහිදී දිගු විස්තරයක් කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපා සිංහ මහතා අතින් සම්මාන ප්‍රදානය සිදුවිය.



රාජ්‍ය තොරතුරු කේන්ද්රය (1919) ලබා දෙන සහාය ප්‍රසංශනීයයි - ජනාධිපති අතිරේක ලේකම්


























