මහජන දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබා දිය හැකි රාජ්‍ය ආයතනයක් තොරතුරු තාක්‍ෂණයේ ආධාරයෙන් ලඟදීම පිහිටුවේ.
මේ සඳහා පුළුල් ලෙස කරුණු අධ්‍යයනය කර ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.
1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට සමගාමීව මෙම මහජන දුක්ගැනවිලි කළමනාකරණ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. එම ආයතනය ඝෘජුවම ජනාධිපතිතුමාගේ අධීක්‍ෂණය යටතේ පවත්වා ගෙන යන අතර එහි සියලුම කටයුතු සඳහා තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමට නියමිත බව ලලිත් වීරතුංග මහතා අවධාරණය කරයි.
‘ඉ- ප්‍රාදේශීය ලේකම් කාර්යාල ‘ව්‍යාපෘතිය කොළඹ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කරමින් මෙම අදහස් ප්‍රකාශ කල පනාධිපති ලේකම්තුමා ජනතාවට යහපත් රාජ්‍ය සේවයක් ලබාදීම සෑම රාජ්‍ය නිළධාරියෙකුගේම වගකීමක් බව අවධාරණය කලේය.
පරිගණකයට බොහෝ දෑ කලහැකි වුවත් එහෙත් ඊට ජනතාවගේ සිත් දිනාගත නොහැකි බවත් එය කල හැකි වන්නේ රාජ්‍ය නිළධාරියාට බවද වීරතුංග මහතා පවසයි.
ජනතා හදවතේ රිද්මය මනාව හඳුනා ගත් රාජ්‍ය නායකයෙකු වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අපේක්‍ෂාව වන්නේ නෙතේ කඳුළු පුරවාගෙන රාජ්‍ය ආයතනයකට පැමිණෙන ජනතාවගේ මුවගට සිනහවක් කැන්දවීම බවද ලලිත් වීරතුංග මැතිතුමා කීය. එය කල හැකි වන්නේ රාජ්‍ය නිළධාරියාට බවත් ඊට සුදුසු පසුබිම දැන් සකස් වෙමින් පවතින බවද කීය.
රටේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු ඝෘජුවම ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පෙළඹී සිටින්නේ තම ඡන්දයෙන් තේරීපත් වු පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස ඔවුන් කල්පනා කරන නිසා බවත් එය විධායක ජනාධිපති ධූරය තුල පවතින යහපත් ලක්‍ෂණයක් බව තමා විශ්වාස කරන බවත් වීරතුංග මහතා මෙහිදී කීය.
රාජ්‍ය ආයතන පිළිබදව මහජනතාව තුල ප්‍රිය ජනක ආකල්ප ඇති කරවීමට මෙවැනි ව්‍යාපෘති ඉවහල් වන බවත් මෙම ‘ඉ-ප්‍රාදේශීය ලේකම් ව්‍යාපෘතිය’ ඉදිරියේදී ශ්‍රි ලංකාවේම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මෙහිදී කීය.
රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමට මෙය ඉවහල් වනු ඇතැයිද රාජ්‍ය සේවයට නවමු අත්දැකීමක් වන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයිද කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙහිදී කීය.
යුද්ධය නිමා වීමෙන් පසු සංවර්ධනයේ ප්‍රතිලාභ දෙස නෙත් අයාගෙන සිටින ජනතාවගේ අපේක්‍ෂාවන් යතාර්තයක් කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් වෙත පැවරී තිබෙන බවද තිලංග සුමතිපාල මහතා කීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් වන ‘ඉ-ශ්‍රී ලංකා’ වැඩසටහන මෙවැනි ව්‍යාපෘති ඔස්සේ තව දුරටත් අරුත් ගැන්වෙන බවද රාජ්‍ය සේවයේ නව සංධිස්ථානයක් වශයෙන් මෙය හැඳින්විය හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා මෙහිදී කීය.



මහජන දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබා දිය හැකි රාජ්‍ය ආයතනයක් ලඟදීම


























