උපත් , විවාහ හා මරණ සහ
තික පිටපත් පරිගණකාශ්‍රිතව නිකුත් කිරීමේ BMD ව්‍යාපෘතිය මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීම විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සිය නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු ක්ෂේත්‍රයට ගොස් සිදුකරන ලද ප්‍රථම කටයුත්ත මෙය වේ.
මෙම ව්‍යාපෘතිය මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල කරා ව්‍යාප්ත කරන බවත් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සදහා ඉමහත් මෙහෙයක් කරමින් සිටින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මෙම ව්‍යාපෘතිය සදහාද පෙරමුණ ගෙන කටයුතු කරන බවත් අමාත්‍යය රංජිත් සියඹලාපිටිය මැතිතුමා මෙහිදී පැවති උත්සවය අමතමින් පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අරමුණ වන්නේ 2016 වන විට මෙරට පරිගණක සාක්ෂරතාව සියයට 75 දක්වා වර්ධනය කිරීම බවත් ඒ සදහා උපරිමයෙන් ක්‍රියාකිරීම තම අරමුණ බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යපෘතිය මේ වන විට කොළඹ දිස්ත්‍රිකයේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත් මෙම ව්‍යාපෘතිය දේශීය සහ ජාත්‍යන්තරයේ ඇගැයුමට ලක් වී තිබෙන බවත් විශේෂයෙන්ම අගනුවරින් බැහැර ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා මේ අතර සදහන් කරයි.
ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේදී උප්පැන්න සහතික පිටපත් පනස්පන්දහසක් පමණ පරිගණක ගත කිරීමට අපේක්ෂා කරන බවත් එය සතියකින් පමණ නිම කිරීමට අපේක්ෂා කරන බවත් ව්‍යාපෘතිය මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ක්‍රියාත්මක කිරීම ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමාගේ සහයෝගයෙන් සිදු කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් ප්‍රධානී අතුල පුෂ්පකුමාර මහතා මෙහිදී පැවැසීය.
මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් බේරුගොඩ මොණරාගල දිසාලේකම් එස් මිහිදුකුලසුරිය , විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් එන්. අතුකෝරල, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුහ.



උපත් , විවාහ හා මරණ සහතික පිටපත් පරිගණකාශ්‍රිතව නිකුත් කිරීම මොනරාගල දිස්ත්‍රික්කයේත්



























