Re-engineering Government දැයට කිරුළදී, මොණරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පරිගණකාශ්‍රිතව උප්පැන්න සහතික නිකුත් කෙරේ

දැයට කිරුළදී, මොණරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පරිගණකාශ්‍රිතව උප්පැන්න සහතික නිකුත් කෙරේ

ඊ-තැපැල මුද්‍රණය

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම උප්පැන්න සහතික පරිගණකගත කිරීම අවසන් වේ. ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට ක්‍ෂණිකව පරිගණකාශ්‍රිතව උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් ලබා ගැනීමේ පහසුව ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

“දැයට කිරුළ 2011” ජාතික ප්‍රදර්ශනයට සමගාමීව මෙම කටයුත්ත සිදු කල බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.

විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ මගපෙන්වීම යටතේ පසුගිය දෙසැම්බරයේදී ව්‍යාපෘතිය මොණරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

මේ යටතේ දිස්ත්‍රික්කයේ උප්පැන්න සහතික පමණක් පන් ලක්‍ෂ හැත්තෑදහසක් පරිගණකගත කර ඇතැයි ICTA ප්‍රධාන විධායක නිළධාරී වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව නිකුත් කෙරෙන පළමු උප්පැන්න සහතික පිටපත බුත්තල “දැයට කිරුළ 2011” ප්‍රදර්ශන භූමියේ පිහිටි ICTA ප්‍රදර්ශන කුටියේදී ලබන සෙනසුරාදා නිකුත් කෙරෙන අතර මෙම අවස්ථාවට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරු සහභාගි වෙති.

මීට අමතරව “දැයට කිරුළ 2011” ප්‍රදර්ශනයේදී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් ජනතාවගේ ජීවිත සවිබල ගැන්වීම සඳහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘති කිහිපයක් ICTA ප්‍රදර්ශන කුටියේදී ජනතාවට දැක බලා ගත හැකි බව ICTA ආයතනය පවසයි.

රාජ්‍ය අංශයේ සේවාවන් කාර්යක්ෂම කිරීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගෙන තිබෙන ආකාරය ජනතාවට ප්‍රායෝගිකවම දැක බලා ගැනීමට අවස්ථාව ද එහිදි උදාකර දීමට නියෝජිතායතනය පියවර ගෙන ඇත.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919)  මෙන්ම නැණසල මධ්‍යස්ථාන මගින් සැපයෙන ජනතා සේවා සහ පහසුකම්ද ජනතාවට සජීවීවම එහිදී දැක බලා ගැනීමට හැකිවන බව වාර්ථාවේ.

දැයට  කිරුළ ජාතික ප්‍රදර්ශනය මෙම මස 4 වනදා සිට 11 වනදා තෙක් බුත්තලදී පැවැත්වේ.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices