Re-engineering Government

Sri Lankan Hospitals To Go Paperless

ඊ-තැපැල මුද්‍රණය

For the very first time in Sri Lanka, doctors in government hospitals will be able view a patient’s comprehensive medical records on their computer screen, all thanks to the newly developed Hospital Health Information Management System (HHIMS).
The HHIMS is a joint collaborative effort between the ICT agency of Sri Lanka (ICTA) and the Ministry of Health. The initiative stemmed from the Government’s thrust to significantly improve service delivery to the citizens by using ICT.
According to Wasantha Deshapriya, ICTA Re-engineering Government Programme Director, the software has been tested in five hospitals – Karavanella, Mawanella, Endegoda, Kitugala, and Deriyanagala – in the Kegalle District for over six months. At present, it is now ready to be installed in other Government hospitals island-wide.
The Hospital Health Information Management System, is a free open source software that will enable doctors make accurate and well-informed diagnosis on their patients
By simply having a registration number, the hospital staff will dispense medication and carry out tests as per the doctor’s ‘prescription’ which is documented on the electronic patient record available to them on their computer screens.
“This user-friendly software enables accurate diagnosis and will be crucial in helping government hospitals go paperless. In addition, it also facilitates the production of many routine but essential hospital reports thus saving time and much paperwork. A positive indirect effect of the system is that the medical staff has more time to attend to their patients,” Deshapriya said.

Source: http://www.futuregov.asia/articles/2012/jan/04/sri-lankan-hospitals-go-paperless/

 

දිනකට ලංකා ද්වාර ගෙවුම් බිහිදොර භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව තුන් දහස ඉක්මවයි.

ඊ-තැපැල මුද්‍රණය

අන්තර්ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීමේදී ඒ සඳහා ගාස්තු ගෙවීම ලංකා ද්වාර ගෙවුම් බිහිදොර හරහා සිදුවන බව ICTA  ආයතනය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය අංශයේ තොරතුරු තාක්‍ෂණ ගෙවුම් බිහිදොර වන ලංකා ද්වාර ගෙවුම් බිහිදොර ඉතා සාර්ථකව මේ වන විට ක්‍රියාත්මක වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් සකස් කරනු ලැබු ලංකා ද්වාර තොරතුරු තාක්‍ෂණ ගෙවුම් බිහිදොර තුලින් අනාගතයේදි  සියලු රාජ්‍ය සේවා සඳහා ගෙවීම් කිරීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති ජනාධිපති උපදේශක මහාචාර්ය P.W. ඈපාසිංහ මහතා ප්‍රකාශ කලේය.
මේ වසර මුල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන  සියලුම සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ වීසා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.
දින අටක් තුල 24,000 කට ආසන්න සංචාරකයින් පිරිසක් ලංකා ද්වාර ගෙවුම් බිහිදොර භාවිතා කරමින් අදාල වීසා බලපත්‍ර සඳහා ගෙවීම් කර ඇතැයි සභාපති වරයා කීය.
ඉතා ආරක්‍ෂිතව හා පහසුවෙන් ලංකා ද්වාරය ඔස්සේ  මේ සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව සභාපති මහාචාර්ය P.W. ඈපාසිංහ මහතා ප්‍රකාශ කලේය.
දිනකට තුන් දහසකට ආසන්න විදේශිකයින් පිරිසක් වීසා බලපත්‍ර ලබා ගැනිමට ලංකා ද්වාරය තුලින් මුදල් ගෙවීම සිදුකරන බව වැඩසටහන් ප්‍රධානී කාංචන තුඩුගල මහතා පෙන්වා දුන්නේය.
මීට අමතරව ලංකා ද්වාර ගෙවුම් බිහිදොරට මුදල් නොගෙවා ලබා ගත හැකි රාජ්‍ය සේවා කිහිපයක් ද ඇතුලත් කර ඇතැයි ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා ප්‍රකාශ කලේය. දුම්රිය හා බස් රථ කාල සටහන්, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල අයගේ අයදුම්පතේ වත්මන් තත්වය, වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනිම එම සේවාවන් අතර වේ.
මෙරට රාජ්‍ය අංශය සතු එකම තොරතුරු තාක්‍ෂණ ගෙවුම් බිහිදොර වන ලංකා ද්වාර ගෙවුම් බිහිදොර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් අනුව සකස්කරන ලද්දේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසිනි. ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන හා බැංකු ද සම්බන්ධ කෙරෙමින් පවතින බව රෙෂාන් දේවපුර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.
ලංකා ද්වාරය පිලිබද වැඩි විස්තර www.srilanka.lk වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.

තව දුරටත් කියවන්න...
 

රටේ සියළු දෙනාටම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ්යේ ප්‍රතිලාබ ලබාදීම වත්මන් රජයේ අරමුණයි

ඊ-තැපැල මුද්‍රණය

රටේ සියළු දෙනාටම තොරතුරු සන්නිවේදන තාක්‍ෂනයේ ප්‍රතිලාබ ලබාදීම වත්මන් රජයේ අරමුණ බව විදුලි සන්දේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංපිත් සියඔලාපිටිය මැතිතුමා පැවසීය.
 අමාත්‍යතුමා මේබව සදහන් කළේ උප්පැන්න විවාහ සහ මරණ සහතික පරිගණක ආශ්‍රීතව නිකුත් කිරීමේ BMD  ව්‍යාපෘතිය පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා හදුන්වාදීම නිමිත්තෙන් පොළොන්නරුව දිසා ලේකම් කාර්යාලයේ පැවති උත්සවය අමතමිණි.
  මෙහිදී වැඩිදුරටත් උත්සවය ඇමතූ  රංජිත් සියඔලාපිටිය අමාත්‍යතුමා මෙසේද කීය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අපේක්‍ෂාව තමයි මේ රට ආසියාවේ අශ්චර්යමත් රටක් කරා පියමන් කරන විට මෙරට තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය සියයට හැත්තෑපහේ මට්ටමට ගෙන ඒම‍ , එවාගේම තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා ලක්‍ෂයක් උත්පාදනය කිරීම, තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයෙන් උපයන ආදායම ඩොලර් දශ ලක්‍ෂ දාහ දක්වා වර්ධනය කිරීම.ඒවාගේම ජනතාවගේ උවමනාවන් පහසුකරන්න තොරතුරු තාක්ෂණය ‍යොදා ගැනීමත් අපේ වගකීමක් යුතුකමක් ඉටු කිරීමක් ලෙසයි අප සිතන්නේ.මේ අවස්ථාව ඒ වගකීම යුතුකම මල්ළුල ගැන්වුණු අවස්තාවක් වශයෙන් හැදින්විය හැකියි. මෙයට දශක කීපයකට පෙර ජංගම දුරකථනය කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් වශයෙනුයි අපි සැලකුවෙ. නමුත් අද තතත්වය හාත්පසින්ම වෙනස් වෙලා.ර‍ටේ ජනග්‍රහනය දෙකෝටියයි. ජංගම දුරකතන සංඛාව දෙකොටි දශ ලක්‍ෂයයි.ජංගම දුරකථනය කියන්නෙ  අද ජනතාවගේ එදිනෙදා කටයුතු පහසුකරන එක  උපකරණයක් .
 සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා උත්සවය අමතමින් මෙසේ කීය.සමාජයේ යහපත සදහා යොදාගත හැකි ජංගම දුරකථනය වැනි තාක්‍ෂණික මෙවලම් අද බෝහෝ විට යොදා ගන්නේ සමාජ අයහපතටයි.එසේම තැන නොතැන නොබලා ජංගම දුරකථනය පාවිච්චි කිරීම නිසා ‍මොන තරම් අනතුරු සිදු වෙනවිද?.වාහනය එළවන්නෙත් ජංගම දුරකථනය කනේ ගහගෙන.
 

තව දුරටත් කියවන්න...
 
JPAGE_CURRENT_OF_TOTAL
Tamil-Sri LankaEnglish (United Kingdom)

2011 දෙස ආපසු හැරී බලමු

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices