
දේශීය තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇතිවී තිබෙන බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා පවසයි.
ඒ සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සිදු කරමින් සිටින මෙහෙවර අගය කළ යුතු බව බව විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යවරයා පෙන්වා දෙයි. 2012 ඉ - ස්වාභිමාණී සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් වාර්ෂිකව මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබන අතර මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ සිව්වන වරටය.කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.
“ රට හමුවේ පැවති අභියෝග රැසක් ජය ගනිමින් රට පෙරට යමින් සිටින අවධියකයි අපි මේ සිටින්නේ.තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේත් අපට අභියෝගයක් තිබුණා. ඒ තමයි එහි ප්‍රතිලාභ රටේ සෑම දෙනාටම ලබා දෙන්නේ කෙසේද කියා.නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඉතා නිවැරදි දැක්මක් මේ පිළිබදවත් තිබුණා. එම නිසා ඒ අභියෝගත් අද අපි ජය ගනිමින් සිටිනවා. පසුගිය අයවැය මගිනුත් රුපියල් මිලියන ගණනක් මෙම ක්ෂේත්‍රය සදහා ලබා දී තිබෙනවා.අද ඈත පළාත්වල දුෂ්කර පාසල් වල දුදරුවන් පරිගණකයෙන් දස්කම් දක්වනවා.ක්‍රීඩා පිට්ටනියට වඩා අද පාසල් දරුවන් පරිගණකාගාරයට ඇලුම් කරනවා. රටේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් අද ඇතිවී තිබෙනවා එහි වැඩි ගෞරවය හිමි වෙන්න ඕනේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයටයි.සාමාන්‍යයෙන් විපක්ෂයෙන් හොදක් අහන්න අසීරුයි. නමුත් අද විපක්ෂයේ කොටස් පවා නියෝජිතායතනය කරන සේවය අගය කරමින් කථා කරනවා.”යැයි අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා. “දේශීය භාෂාවලින් නිපැයුනු දේශීය අන්තර්ගතයන් සඳහා ඇත්තේ ඉතා දැඩි ඉල්ලුමක්. පරිගණකය මෙන්ම අන්තර්ජාලය තුල දේශීය ජනතාවට අවශ්‍ය කෙරෙන අන්තර්ගතයන් හා සේවාවන් නැති තාක් කල් අපට තොරතුරු තාක්‍ෂණය සංවර්ධනයේ ප්‍රධාන බලවේගය බවට පත් කිරීම අමාරුයි. එවැනි පසුබිමක ‘ඉ-ස්වාභිමානී’ තුලින් නිර්මාණශීලී දේශීය ඉ-අන්තර්ගතයන් සොයා ගැනීමට අපට හැකිවී තිබිම විශේෂ ජයග්‍රහනයක්. ප්‍රවීන කලාකරුවන් වන රෝහන බැද්දගේ අශෝක හදගම ප්‍රවීන මාධ්‍යවේදී නිශ්තාර් කසීම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ යන මහත්වරුද සම්මාන ප්‍රදානයට එක්වුහ.







ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙය සංවිධානය කරනු ලබන අතර ශ්‍රි ලංකාවේ මෙම සමුළුව හා වැඩමුළුව පවත්වනු ලබන දෙවැනි අවස්ථාව වේ.












