e-Society 2010 ඉ-ස්වාභිමානී සම්මාන සදහා නිර්මාණ බාර ගැණේ

2010 ඉ-ස්වාභිමානී සම්මාන සදහා නිර්මාණ බාර ගැණේ

ඊ-තැපැල මුද්‍රණය

දේශීය තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් ඉහළ නැංවීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන ඉ-ස්වාභිමාණී 2010 සදහා නිර්මාණ බාර ගැනීම ආරම්භ කෙරේ.
 සමාජයට වැඩදායක දේශීය පරිගණක අන්තර්ගතයන් හෝ මෘදුකාංග නිර්මාණය කරන අයට මේ සදහා සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
 ඉ- ව්‍යාපාර හා වාණිජ්‍යය, ඉ- සංස්කෘතික හා විනෝදාත්මක අංග, ඉ-අධ්‍යාපන හා ඉගැනුම් , ඉ-ව්‍යවසාය හා ජීවනෝපාය , ඉ-විද්‍යා හා පරිසරය, ඉ- රාජ්‍ය, ඉ-සෞඛ්‍ය, ඉ- අන්තර්ග්‍රහනයන් , ඉ- දේශීයකරණය, ඉ- ප්‍රවෘත්ති සහ ජංගම අන්තර්ගතයන් යන ක්ෂේත්‍ර යටතේ නිර්මාණ  ඉදිරිපත් කළ යුතු වේ.
  නිර්මාණ බාර ගන්නා අවසන් දිනය ලබන අගෝස්තු මස 15 දා වන අතර මේ පිළිබද වැඩි විස්තර www.eswabhimani.lkවෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි වේ.

 ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණයන් විනිශ්චය කරනු ඇත.
 පසුගිය වසරේ පැවති ප්‍රථම ඉ-ස්වාභිමාණී සම්මාණ ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලාංකික නිර්මාණ කරුවන් 28 දෙනෙකු සදහා සම්මාණ ප්‍රදානය කෙරිණි.ඉදිරිපත් වු නව අන්තර්ගතයන් හා මෘදුකාංග 200 ක් අතුරින් ඒවා තෝරා ගන්නා ලදී

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

2011 දෙස ආපසු හැරී බලමු

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices