‘ඉ- ස්වාභිමාණී 2010’ සම්මාන ප්‍රදානෝත්සවය අද(නොවැම්බර් මස 9දා) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබයි.
දේශීය ඉ - අන්තර්ගත නිර්මාණකරුවන් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ එක් අරමුණක් බව නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ.
ජනතාවගේ ජීවන කටයුතු පහසු කරලීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට දක්වන ලද උනන්දුව අගය කරමින් විශේෂ සම්මානයක් පිරිනැමීමද මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේ විශේෂත්වයකි.



‘ඉ- ස්වාභිමාණී 2010’ සම්මාන ප්‍රදානෝත්සවය අද



























