e-Society

ලෝක ජනගහනයේ දත් බුරුසු භාවිතයටත් වඩා ජංගම දුරකථන පරිහරණය වැඩියි...

ඊ-තැපැල මුද්‍රණය

 ජංගම දුරකථනය ජනතාවගේ දෛනික ජීවන කටයුතු පහසු කිරීමේ ප්‍රධාන  මෙවලමක් බවට අද පත්වී හමාර බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.
    කොළඹදී පැවැති 2011 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව අමතමින් දේවපුර මහතා මෙම අදහස් පල කළේය.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.
 ජංගම දුරකථන ක්ෂේත්‍රයට සම්බන්ධ  දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව ගලධාරී හෝටලයේ දී පැවැත්විණි.
 මෙහිදී අදහස් දැක්වු රෙෂාන් දේවපුර මහතා මෙසේද කීය.
 පසුගිය වසරටත් වඩා මෙම සමුළුව මෙවර සාර්ථක බව කිව හැකියි. මෙම කලාපයේ විශිෂ්ටතම  ජංගම දුරකථන අන්තර්ගතයන් තෝරා ගැනෙන තරගය සදහා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැබීමෙන් එය තහවුරු වෙනවා.ලෝක ජනග්‍රහනයෙන් දත් බුරුසු පාවිච්චිකරන ප්‍රමානයටත් වැඩියෙන් අද ජංගම දුරකථන භාවිත කරන බවට දැන් මෙතනදී තොරතුරු අනාරණය වුනා. මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයත් අභිබවමින් ජංගම දුරකථන කර්මාන්තය පෙරට විත් තිබෙන බවත් කියවුනා. මේ අන්දමින් බලන විට ජංගම දුරකථනය කොතරම් ජනතාවට සමීප වී තිබේද වටහා ගැනීමට අසීරු වන්නේ නැ‍හැ.
 ලංකාවෙත් මෙම ජංගම දුරකථන ක්ෂේත්‍රයේ සීග්‍ර වර්ධනයක් සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රය ගැන ඉතා දුරදක්නා ණුවනකින් හා සුබවාදීව කටයුතු කිරීම නිසා එහි ප්‍රතිලාභ අද ජනතාව බුක්තිවිදිමින් සිටිනවා. තව දුරටත් එය පුඵල් කිරීමට මෙවැනි ජාත්‍යන්තර සමුළු ඉතා වැදගත් වේවි.

තව දුරටත් කියවන්න...
 

2011 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව හා වැඩමුළුව මෙම ජුනි මස 7 වන දා කොළඹ දී ආරම්භ වේ.

ඊ-තැපැල මුද්‍රණය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙය සංවිධානය කරනු ලබන අතර ශ්‍රි ලංකාවේ මෙම සමුළුව හා වැඩමුළුව පවත්වනු ලබන දෙවැනි අවස්ථාව වේ.
  විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වේ.
 ජනතාවගේ දෛනික ජීවිතයට ඵලදායී අන්තර්ගතයන් ජංගම දුරකථනය තුළට ගෙන ඒමේ සහ ජංගම දුරකථන අන්තර්ගතයන් පුළුල් ලෙස සංවර්ධනය කිරීම පිළිබදව මෙම සමුළුවේදී විශේෂ අවධානය යොමු කෙරේ.
   මේ අතර ආසියානු කලාපයේ විශිෂ්ටතම ජංගම දුරකථන අන්තර්ගතයන් සදහා සම්මාන පිරිනැමෙන mBillionth  2011 විනිසුරු මඩුල්ල ‍ලබන 8 සහ 9 යන දිනවලදී කොළඹදී රැස්වී සිය විනිශ්චයන් විශ්ලේෂණය කිරීමට නියමිතය.
 ජංගම දුරකථන අන්තර්ගතයන් නිර්මාණය කිරීම මේ වන විට මෙම ක්ෂේත්‍රයේ අත්‍යවශය සාධකයක් බවට පත්ව ඇති බවත් එය විශාල කර්මාන්තයක් මෙන්ම එමගින් අපගේ දක්ෂතා ඇති තොරතුරු තාක්‍ෂණ  නිර්මාණ ශිල්පීන්ට කලාපය තුල හොද අනාගතයක් ගොඩනගා ගැනීමට මෙවැනි සමුළු ශ්‍රී ලංකාවේ  පැවැත්වීම බෙහෙවින් වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.

තව දුරටත් කියවන්න...
 

තොරතුරු තාක්ෂණ ප්‍රථිලාභයන් අද සමස්ත සමාජයටම දායාදකර දීමට හැකියාව ලැබී තිබෙනවා - ජනාධිපති ලේකම්

ඊ-තැපැල මුද්‍රණය

සීමිත පිරිසක් එදා බුක්තිවිදි තොරතුරු තාක්ෂණ ප්‍රථිලාභයන් අද සමස්ත සමාජයටම දායාදකර දීමට හැකියාව ලැබී තිබෙන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා පවසයි.
 රූපවාහිනී යන්ත්‍රයකින් වත් පරිගණකයක් දැක නොතිබු ඈත ගම් දනව්වල දරුවන් පවා අද හරි හරියට පරිගණකයෙන් වැඩ කිරීම ඊට එක් උදාහරනයක් බවද වීරතුංග මැතිතුමා සදහන් කරයි.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන ලද “ඉ-ස්වාභිමාණී 2010” සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් වීරතුංග මැතිතුමා මෙම අදහස් පළ කළේය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමා මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ‍මෙම අවස්ථාවට සහභාගි විය.
 නිර්මාණශීලි තොරතුරු තාක්‍ෂණ යෙදවුම් හා අන්තර්ගතයන් නිර්මාණය කරන ලද පුද්ගලයින් සහ සංවිධාන උදෙසා මෙ‍ම සම්මාන පිරිනැමිණි. තරග අංශ 11ක් යටතේ නාම යෝජනා 163ක් ලැබී තිබුණු අතර ඒ අතරින් ජයග්‍රාහනය කරන ලද 26 දෙනෙක් සදහා සම්මාන සහතික පිරිනමන ලදී
  මෙරට ජාතික සංවර්ධනය සදහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය යොදා ගැනිම වෙනුවෙන් ලබා දුන් නායකත්වය  සහ කැපවීම වෙනුවෙන් පිරිනැමෙන මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ සම්මානය කොළඹ දිසාපති  ජේ. ඒ. ජේ සිල්වෙස්ටර් මහතා වෙත මෙහිදී පිරිනැමිණි.
 බෝහෝ දෙනා තුල අදහස් සංකල්පනා සිතුවිලි තිබුනත් ඒවා යතාර්තයක් කර ගැනීමට සමත්කමක් නොදක් වන බව මෙහිදී  කියා සිටි ලලිත් වීරතුංග මැතිතුමා  මෙහිදී අද පිදුම් ලබන්නේ එය සපුරා ගත් පිරිසක් බව කීය.
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නිවැරදි දේශපාලන නායකත්වය  නිසා රටට සාමය උදාකර ගැනීමට හැකිවු බව මෙහිදී කියා සිටි ලේකම්වරයා එවැනිම ‍නිවැරදි දැක්මක් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද අනුගමනය කිරීම නිසා රටට විපුල ප්‍රයෝජන ලැබෙමින් තිබෙන බවද කීය.
අපේ රටේ ඉ- නිර්මාණකරුවන් විශාල පිරිසක් ඉ- ස්වාභිමාණී සදහා ඉදිරිපත් වීමෙන් අප රට තුල සිටින මානව සම්පතේ පිරිපුන් බව මෙන්ම නිර්මාණශීලි බවද අපට මැනිය හැකියි.නිපුන දිවයිනක් නිපුන මිනිසුන්ගේ උත්සහයක් ලෙස අනාගතයේදී ඉ- ශ්‍රී ලංකා වැඩසටහන මෙරට සංවර්ධන මාර්ග සිතියමේ රන් අකුරින් ලියවේවි. තොරතුරු තාක්‍ෂණයට සංවර්ධනය වේගවත් කල හැකි බව වටහා ගත් නායකයෙකු ඒ සදහා නායකත්වය ලබා දීම එම ඉතිහාසය තව තවත් වර්ණවත් කරාවි යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා මෙහිදී පැවැසීය.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති  මහාචාර්ය පී.ඩබ්ලිව් ඈපාසිංහ නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

තව දුරටත් කියවන්න...
 
JPAGE_CURRENT_OF_TOTAL
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices