‘ඉ- ස්වාභිමානී 2011’ සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ලේකම් ලලිත්වීරතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 22 දා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වේ.
ඉ- රාජ්‍ය හා ආයතන , ඉ - සෞඛ්‍ය හා පරිසරය , ඉ - අධ්‍යාපනය හා ඉගැනුම් , ඉ - ක්‍රීඩා හා විනෝදංශ ඇතුළු ප්‍රධාන අංශ එකොළහක් යටතේ සම්මාන පිරිනැමේ.
මෙවර සම්මාන ප්‍රදානය සදහා නිර්මාණ 148 ක් ඉදිරිපත්ව තිබෙන අතර ඒ අතරින් ජයග්‍රහණය කරන ලද ඉ- නිර්මාණකරුවන් 20 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලබයි.
කුසලතා සම්මාන 12ක් යෞවන කුසලතා සම්මානයක් සහ ජුරි සභික සම්මාන 2ක් ද මෙහිදී පිරිනැමේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබෙන අතර මෙවර සම්මාන ප්‍රදානය පැවැත්වෙන්නේ තෙවැනි වතාවටය.



‘ඉ- ස්වාභිමානී 2011’ සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ලේකම් ලලිත්වීරතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්


























