
“ඉ- දිරිය ජාතික තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතා ක්‍රියාන්විතය” නිල වශයෙන් ආරම්භ කිරීම මෙම මස 26දා පෙරවරු 10ට කෑගල්ල කොටියාකුඹුර විද්‍යාසාගර පිරිවෙන්විහාරස්ථානයේදී සිදුකෙරේ.
විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වේ.
සමෘද්ධි ප්‍රතිලාභීන් සහ අඩු පහසුකම් සහිත පාසල් වල දරුවන්ගේ මුලික පරිගණක දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ.
මෙම සමාරම්භක අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් සහ පාසැල් දරුවන් සහභාගිවේ.
මාසයක් ඇතුලතදී රටේ පනස්දහසක් දෙනා තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවයෙන් සවිබල ගැන්වීමට මෙමගින් අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙයට පුර්ණ සහයෝගය දක්වයි.
ඉ- ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ICTA ආයතනය විසින් මෙය ක්‍රියාවට නගා තිබේ.



ඉ- දිරිය ජාතික තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතා ක්‍රියාන්විතය ආරම්භ කිරීම මෙම මස 26දා

























