.jpg)
.jpg)
අපේ රටට ගැලපෙන පරිගණක මෘදුකාංග සහ අන්තර්ගතයන් අප විසින්ම සකසා ගැනීමට උත්සුක වීම සතුටට කරුණක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා පැවසීය.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලද ‘ඉ- ස්වාභිමානී 2011’ සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් වීරතුංග මැතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේය. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.
මෙහිදී සම්මාන ප්‍රදානෝත්සවය ඇමැතු ලලිත් වීරතුංග මැතිතුමා මෙසේද පැවසීය.
පරිගණකය සමග අපට වැඩ කරන්නට හැකි මුදුකාංග මෙන්ම අන්තර්ගතයන් අවශ්‍යය පරිදි නොමැතිනම් කොතරම් ප්‍රතිපත්ති සකස් කළත් පරිගණක විද්‍යාගාර හැදුවත් පහසුකම් වැඩි කලත් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ.ඒ අනුව බලන විට එම දේවල් සකස් කිරීමට පෙළඹී සිටින පිරිස් මේ අන්දමින් දිරිගැන්වීට කටයුතු කිරීම ඉතා හොද දෙයක්. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සහ පාසැල් දරුවන් මෙම අංශය පිළිබදව දැඩි උනන්දුවකින් කටයුතු කරනවා.ඔවුන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරන්න ඕනේ. රටේ සම්පත් රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කර ගත්තා වන්නේ එවිටයි.අද අගනුවරින් බෝහෝ ඈත මොණරාගල වැනි දුෂ්කර ප්‍රදේශ වල පාසල් දරුවන් මේ අංශයෙන් බෝහෝ ඉදිරියට පැමිණ තිබෙනවා.තමන්ගේ පාසලේ පරිගණකය කැඩුනහම හදා ගන්නෙත් ඒ පාසලේ ළමයින් විසින්මයි. දිවයිනේ තොරතුරු තාක්‍ෂණ පහසුකම් අඩුම පාසැල් තෝරා ගෙන ඒවා සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා උත්සවය අමතමින් මෙසේ කිය./මෙරට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය දියුණු කරලා එහි ප්‍රතිලාභ රටට ජනතාවට ලබා දෙන්න සැලසුම් සහගත වැඩපිළිවෙලක් අපි ආරම්භ කර තිබෙනවා.අපේ එක් ප්‍රධාන ඉලක්ක තමයි දෙදහස් දාසය වන විට මෙරට තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය සියයට හැත්තෑපහේ මට්ටමට ගෙන ඒම.තොරතුරු තාක්‍ෂණ ක්‍ෂ්ත්‍රයේ නව රැකියා උත්පාදනය විදේශ විනිමය ඉපයීම් වර්ධනය කිරීම මේ දේවල් අපිට අභියෝයක් උනත් ජය ගැනීම අසීරු නැහැ.තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය පිළිබදව රටේ නායකයා වශයෙන් ජනාධිපතිතුමා කොතරම් සුභදායී ආකල්පයක් දරනවාද කියන එකට හොදම නිදසුන තමයි සමෘද්ධි ව්‍යාපාරය සදහා වෙන් කරන ලද මුදල් හා සමානම මුදලක් මෙවර අයවැය මගින් තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය සදහා වෙන් කිරීම.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා උත්සවය අමතමින් මෙසේ කීය./පරිගණකය මෙන්ම අන්තර්ජාලය තුල අපේ ජනතාවට අවශ්‍යය අන්තර්ගතයන් හා සේවාවන් නැතිනම් අපට තොරතුරු තාක්‍ෂණය සංවර්ධනයේ ප්‍රධාන බලවේගය බවට පත්කිරීම අසීරු කටයුත්තක්.ඊට පිලිතුරු මෙවැනි සමිමාන ප්‍රදානයන් ඔස්සේ සොයා ගැනීමට අපට හැකිවී තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරල මහත්වරු ඇතුලු තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විද්වතුන් ප්‍රවීනයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.



අපේ රටට ගැලපෙන පරිගණක මෘදුකාංග සහ අන්තර්ගතයන් අප විසින්ම සකසා ගැනීම සතුටක් : ලලිත් වීරතුංග

























