General සංවර්ධනයේ ප්‍රතිලාභ සැබෑ ලෙස බුක්තිවිදීමට තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය වැදගත්: පා.ම - නාමල් රාජපක්‍ෂ

සංවර්ධනයේ ප්‍රතිලාභ සැබෑ ලෙස බුක්තිවිදීමට තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය වැදගත්: පා.ම - නාමල් රාජපක්‍ෂ

ඊ-තැපැල මුද්‍රණය

(From left) Silver medalist R. M. Shivanti, ICTA Chairman Prof. P. W. Epasinghe, Senior Rural Affairs Minister Athauda Seneviratne, Hambantota District MP Namal Rajapaksa and Telecommunication and Technology Minister Ranjith Siyambalapitiya

 සංවර්ධනයේ ප්‍රතිලාභ සැබෑ ලෙස බුක්තිවිදීමට තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය ඉතා වැදගත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. සංවර්ධනයේ මාවතට අවතීර්ණව සිටින ශ්‍රී ලංකාවට ඵලදායී ලෙස සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට නම් තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාව සහිත ජනතාවක් සිටිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
 ‘ඉ-දිරිය’ ජාතික තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතා ක්‍රියාන්විතය කෑගල්ල කොටියාකුඹුර විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කරමින් නාමල් රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේය.
 සමෘද්ධි ප්‍රතිලාභීන් සහ පාසල් දරුවන් පනස් දහසක් දෙනාට මාසයක් තුල මුලික පරිගණක දැනුම ලබා දීම ‘ඉ-දිරිය’ ක්‍රියාන්විතයේ අරමුණ වේ.  
තොරතුරු තාක්‍ෂණය රටේ සෑම කේෂ්ත්‍රයකම සංවර්ධනයට ඉතා වැදගත් මෙවලමක් බව නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා අවධාරණය කළේය. මේ නිසාම බොහෝ දෙනෙක් තොරතුරු තාක්‍ෂණ මෙවලම් භාවිතයට දැන් වැඩි උනන්දුවක් දක්වති. රටේ ජනගහනයට වඩා ජංගම දුරකථන දැන් ශ්‍රී ලංකාවේ  ඇතැයි පෙන්වා දුන් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමා පරිගණක භාවිතය ද එම මට්ටමට ගෙන එම ‘ඉ-දිරිය’ වැඩසටහනේ මූලික අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් පරිගණකය, අන්තර්ජාලය හා ජංගම දුරකථනය යහපත් අරමුණු වෙනුවෙන් භාවිතා කිරීම  අත්‍යවශය බව නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. රටේ සංවර්ධනය වඩා අර්ථවත් වන්නේ අනාගත පරපුර ගුණ ගරුක යහපත් පිරිසක්  වීමෙන් පමණක් බව ඔහු පෙන්වා දෙයි. මේ සඳහා පසුබිම පාසල් තුලින් සකස් කල යුතු යැයි හෙතෙම අවධාරණය ‍කළේය.
පරිගණකය අන්තර්ජාලය ඉ-මේල් ජංගම දුරකථන රට තුල  ව්‍යාප්ත වන තරමටම ඒවා භාවිත කිරීමේ හැකියාව ද ජනතාවට ලබා දීම වැදගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා මෙහිදී පැවසීය.
ඒ නිසාම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එම වගකීමටත් උර දෙමින් මූලිකව තොරතුරු තාක්‍ෂණ  සාක්‍ෂරතාව පිලිබද විවිධ වැඩසටහන් පසුගිය වසර කිහිපයේ ආරම්භ කල බව හෙතෙම සඳහන් කළේය.
“අද අපි ආරම්භ කරන මේ අලුත් ව්‍යාපෘතිය මගින් අපි මෙතෙක් ආවරණය නොකල සමාජ කණ්ඩායමක් වෙත තොරතුරු තාක්‍ෂණ දැනුම ලබා දීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් සමෘද්ධි ලාභින් විසි දහසකට මෙම පුහුණුව මූලික වටයේදි ලබා දීම අපි අද පටන් ආරම්භ කරනවා. සමෘද්ධි ප්‍රතිලාභින්ට මේ ලබා ගන්නා මූලික සරල පරිගණක දැනුම ඔවුන්ගේ ජීවන තත්වය යහපත් ලෙස වෙනස් කර ගැනීමට උදව් වනු ඇතැයි මා කල්පනා කරනවා. පරිගණකයට සමෘද්ධි ලාභින්ගේ කුසගින්න නිවා දැමීමට නොහැකි වුනත් අඩු තරමින් ඔවුන්ට දුප්පත් කමින් මිදීමේ තොරතුරු හා උපාය මාර්ග පෙන්වා දීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා”.
“ඒ නිසාම අපි මේ ව්‍යාපෘතියට “ඉ-දිරිය” යන නම භාවිතා කරනවා. එහි අදහස අපේ සමාජයේ අවධානය යොමුවිය යුතු වරප්‍රසාද රහිත සමාජ කණ්ඩායම් වෙත තොරතුරු තාක්‍ෂණයෙන් ‍‍ ධෛර්යයක් සැපයීමයි. ඔවුන්ට ලෝකයේ ඉදිරියට යෑමට පරිගණක දැනුම තුලින් ධෛර්යයක් ශක්තියක් ලබා දීමයි”. මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ සභාපතිතුමා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.
ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඉ-දිරිය ඩොට් එල් කේ වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමද මෙහිදී නාමල් රාජපක්‍ෂ මහතා අතින් සිදු කෙරිණි.
 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රිඩා උළෙලේදී මීටර් 400 දුර දිවීම තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ ආර්.එම්.ශිවන්ති රත්නායක ශිෂ්‍යාවට ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

 

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices