General ජීවිතයට සතුට කැන්දන හැපී ලයිෆ්

ජීවිතයට සතුට කැන්දන හැපී ලයිෆ්

ඊ-තැපැල මුද්‍රණය

තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා ලබා දීමේ “හැපී ලයිෆ‍් “ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙය වීම මත ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
 අන්තර්ජාලය ඔස්සේ www.happylife.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මෙන්ම කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකථන මගින් මෙම සේවාවන් ජනතාවට ලබා ගත හැකි වේ.
 මව්වරු සහ පියවරු , යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
 ප්‍රජනන සෞඛ්‍ය පිළිබද  විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් මෙම තොරතුරු හා සේවාවන් ලබා දෙන අතර සිංහල දෙමළ සහ  ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි.  රජයේ රෝහල් සහ එම දුරකථන අංක මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද ජනතාවට ලබා ගත හැකි තවත් එක් පහසුකමකි.
 මෙම ව්‍යාපෘතිය ජනතාව වෙත හදුන්වාදීමේ නිල උත්සවය නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විද්‍යා හා තාක්ෂණ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 වත්මන් යුගයට අනුකූල වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙවැනි ව්‍යාපෘතියක් හදුන්වාදීම අතිශයින් වැදගත් බවත් ඒ සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දක්වන ලද දායකත්වයට සැමගේ ප්‍රසංශාව හිමිවිය යුතු බවත් ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙහිදී සදහන් කළේය.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය පී.ඩබ්. ඈපාසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.    

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

2011 දෙස ආපසු හැරී බලමු

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices