තොරතුරු තාක්‍ෂණය සඳහා රජය ප්‍රමුඛතාව දීමට ගතවු සිව් වසර තුල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පියවර ගැනීම ගැන මෙරට පෞද්ගලික ව්‍යවසායකයින්ගේ හා තොරතුරු තාක්‍ෂණ විද්වතුන්ගේ ප්‍රසාදය පලවී තිබේ. ඒ අතුරින් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියක් රාජ්‍ය අංශයට සකස් කොට ක්‍රියාත්මක කිරීම ප්‍රශංසනීය බව ශ්‍රී ලංකා මෘදුකාංග සමාගම් එකමුතුවේ මහ ලේකම් සහ වර්ටුසා සමාගමේ ප්‍රධානී මදු රත්නායක පවසයි. රජයේ තොරතුරු හා සන්නිවේදන භාවිතය සඳහා වන ප්‍රතිපත්ති හා ක්‍රියා පිළිවෙත් යන මාතෘකාවෙන් යුත් මෙම ලේඛනය ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන සාධකය බව මදු රත්නායක පවසයි. මෙම පියවර වලින් රජයේ සියලුම ආයතන තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් එක් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වන බව ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය අංශය සඳහා තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියක් සැකසීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සිදු කෙරුණි. ඒ සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා හිමිවුණු අතර එය දැන් සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මකයි.
ඉන්ටෙල් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකාර ඉන්දික ද සොයිසා රජයේ තොරතුරු තාක්‍ෂණ ප්‍රතිපත්තිය වැදගත් අංගයක් වන්නේ සියලුම රාජ්‍ය ආයතනවලට ප්‍රධාන නවීකරණ නිලධාරීන් පත්කිරීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය බව යි. එය රාජ්‍ය ආයතන තුල තොරතුරු තාක්‍ෂණ ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව පවත්වා ගැනීමට ඉවහල්වේ. මේ නිසා ඇතිවෙන ප්‍රතිලාභ හෙලිකරමින් ඉන්ටෙල් සමාගමේ ප්‍රධානියා කියා සිටියේ රාජ්‍ය ආයතනවල විගණන කාර්යයට මෙන්ම භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම, ආරක්ෂාව තහවුරුකරගැනීම ආදිය සඳහා මෙම තොරතුරු තාක්‍ෂණ ප්‍රතිපත්තිය පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙන බවය.
රජය තොරතුරු තාක්‍ෂණ පිළිබඳ දක්වන උනන්දුව අගය කල මයික්‍රෝසොෆ්ට් සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී ශ්‍රියාන් විජේරත්න මහතා පෙන්වා දුන්නේ ගත වු සිව් වසර තුල තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ලබා ගැනීමට ඉන් හැකිවු බවයි. රාජ්‍ය අංශය සඳහා තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම එහි තවත් වැදගත් පියවරකි. එබැවින් ජාතික සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු රජය තොරතුරු තාක්‍ෂණය සක්‍රීය ලෙස යොදා ගැනීම මයික්‍රෝසොෆ්ට් ප්‍රධානියා අගය කළේය.
ප්‍රවීන තොරතුරු තාක්‍ෂණ විද්වතෙක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ කියා සිටියේ මෙසේ එළිදක්වන ලද රාජ්‍ය තොරතුරු තාක්‍ෂණ ප්‍රතිපත්තිය රජයේ ආයතනවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමේදි හා රජයේ සේවාවන් ජනතාවට ලබාදීමේදි අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා පිළිපැදිය යුතු ක්‍රියාපටිපාටීන් පිළිබඳ සියලුම කරුණු ආවරණය කරමින් සකසා ඇති බවය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් සකසන ලද රාජ්‍ය අංශයේ තොරතුරු තාක්‍ෂණ ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසිනි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණූ අතර එය දැන් රජයේ සියලුම ආයතන වල ක්‍රියාවට නැගෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සන්නිවේදන ප්‍රධානී අතුල පුෂ්පකුමාර පවසයි.



ඉ රාජ්‍ය අංශ ප්‍රතිපත්තියක් සැකසීමට ජනපතිතුමා ගත් පියවර ගැන පෞද්ගලික අංශයේ සහ විද්වතුන්ගෙන් පැසසුම

























