General සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණය

සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණය

ඊ-තැපැල මුද්‍රණය

සමෘද්ධිලාභීන්ගේ ජීවන තතත්වය උසස් කරලීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  පියවර ගෙන තිබේ.
ඉ - සමෘද්ධි ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාවට නැංවේ.
 ඒ අනුව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය කේන්ද්‍ර කර ගනිමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.එමගින් සමෘද්ධිලාභියෙකුට තමන් ජීවත් වන ප්‍රදේශයේ සිටම සමෘද්ධි අධිකාරිය සමග සබදතා ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 සමෘද්ධිලාභීන්ට මුහුණ පෑමට සිදු වෙන විවිධ දුෂ්කරතා ගැටළු මෙන්ම සමෘද්ධිලාභියෙකු වශයෙන් තමන් බුක්ති විදින වරප්‍රසාද ‍සහ පහසුකම් පිළිබද කරුණු කාරණා ගැනද සමෘද්ධි අධිකාරිය දැනුවත් කිරීමට හැකියාව ලැබේ.
 නැණසල මධ්‍යස්ථාන හරහා සමෘද්ධිලාභීන්ට අධිකාරිය සමග මෙම සබදතා ඇති කර ගැනීමට හැකිවේ. මෙම තොරතුරු සන්නිවේදන ජාලය ක්‍රියාවට නැංවීම සදහා සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂයකගේ පමණ සහාය ලබා ගැනීමට නියමිත බවත් ඒ සදහා වන පුහුණුවක් ඔවුනට ලබා දෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ICTA) සදහන් කරයි.
 මේ සදහා වන මුලික අධ්‍යයනයන් මේවන විට නිමකර ඇති බවත් අදාළ මෘදුකාංග ස්ථාපනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් නියෝජිතායතනය වැඩි දුරටත් සදහන් කරයි. 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices