General ඌව පළාත විධිමත්ව සංවර්ධනය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගන්නවා: ශෂේන්ද්‍ර රාජපක්‍ෂ

ඌව පළාත විධිමත්ව සංවර්ධනය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගන්නවා: ශෂේන්ද්‍ර රාජපක්‍ෂ

ඊ-තැපැල මුද්‍රණය

ඌව පළාත විධිමත්ව සංවර්ධනය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය උපරිම ලෙස යොදා ගන්නා බව ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.
බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා සංවර්ධනයේ ප්‍රධාන මෙවළමක් වන තොරතුරු තාක්‍ෂණය උපරිම ලෙස භාවිතා කල යුතු බව 601 වැනි “නැණසල” ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය විවෘත කරමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමා අවධාරණය කලේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “නැණසල” ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ 601 වැනි “නැණසල” මධ්‍යස්ථානය බදුල්ල සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල පරිශ්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි.
ඌව පළාතේ දැනට “නැණසල” මධ්‍යස්ථාන හැට පහක් පිහිටුවා ඇතැයි පෙන්වා දුන් ශෂේන්ද්‍ර රාජපක්‍ෂ ප්‍රධාන අමාත්‍යතුමා ඒවායේ කටයුතු ඵලදායී ලෙස පවත්වා ගෙන යෑමට ඌව පළාත් සභාව ඉදිරියේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කලේය. එහිදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතානතනයේ උපදෙස් ලබා ගැනීමටද තමා අපේක්‍ෂා කරන බව කී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමා දැනට අක්‍රීයව පවතින “නැණසල” ජනතාවට ප්‍රයෝජනවත් ලෙස සකස් කිරීමටද අවශ්‍ය පියවර ගන්නා බව අවධාරණය කලේය.
විධිමත් සැලැස්මකට අනුව ඌව පළාත සංවර්ධනය කිරීම පළාත් සභාවේ අරමුණයි. එහිදී තොරතුරු තාක්‍ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කලේය.
බදුල්ල නගරයේ ඇති ප්‍රධානතම පුස්තකාලය තුල “නැණසල” මධ්‍යස්ථානයක් පිහිටුවීම සෑම අතින්ම ප්‍රයෝජනවත් බව බදුල්ල නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක මහතා පැවසීය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වෘත්තිකයින්ටද අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට මෙම “නැණසල” උපකාර වන නිසා සාම්ප්‍රදායික පුස්තකාලයකින් ඔබ්බට ගොස් බදුල්ල නගර වැසියන්ගේ තොරතුරු තාක්‍ෂණ අවශ්‍යතා සැපිරිමට සෙනරත් පරණවිතාන පුස්තකාලයට දැන් හැකියාව ඇතැයි බදුල්ල නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඌව පළාතේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා නව ආයෝජනයක් ලෙස මෙම “නැණසල” හැඳින්විය හැකි යැයි උත්සවයට එක්වෙමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සන්නිවේදන ප්‍රධානී අතුල පුෂ්පකුමාර ප්‍රකාශ කලේය. නිවාස, රැකියා සඳහා මෙන්ම අධ්‍යාපනයේ නව අවස්ථා බිහි කරන තොරතුරු තාක්‍ෂණය වෙනුවෙන්ද ප්‍රමුඛත්නය ලබා දීමට “මහින්ද චින්තන” ඉදිරි දැක්ම තුලින් රජය පියවර ගෙන ඇති අයුරු ඔහු එහිදී විස්තර කලේය.

 

The Badulla Mayor pointed out that since this ‘Nenasala’ helps the students as well as professionals of the Badulla district to obtain information through the internet, the Senarat Paranavitana Library was now able to move beyond conventional library services  and  provide the ICT requirements of the Badulla town residents.

Participating in the event, ICTA Strategic Communications Senior Programme Head Athula Pushpakumara, said that this ‘Nenasala’ could be defined as a new investment for the education of the children of the Uva Province. The ICTA Strategic Communications Head explained  how the Government had taken steps through the “Mahinda Cinthanan –Vision for the future’ “  to give priority to ICT that creates new opportunities. “Thus  the Government  has given priority to ICT on a par with the pride of place given for housing, employment and education”, he pointed out.

Caption:-
Uva Province Chief Minister Shashendra Rajapaksa addresses the audience during the inauguration of the island’s 601st ‘Nenasala’  in the premises of the Senarat Paranavitana Public Library in Badulla. Among those seated in the front row are (from left)  Badulla Mayor Attorney-at-law, Upali Nissanka and ICTA Strategic Communications Senior Programme Head Athula Pushpakumara.

 

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices