
ජනතාව අපේක්ෂා කරන අන්දමේ රාජ්‍ය සේවාවක් සැපයිය හැක්කේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගි කරගෙන පමණක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අවධාරණය කරයි.
රාජ්‍ය සේවය ජනතාවට තව දුරටත් සමීප කරවීම අතිගරු ජනාධිපතිතුමාගේ එකම අරමුණ බව පෙන්වා දෙන ලලිත් වීරතුංග මහතා ඒ කාර්යයයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මෙවලමක් ලෙස යොදා ගත හැකි යැයි ප්‍රකාශ කළේය.
“ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය” පිළිබද අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීම සදහා පසුගියදා කොළඹ දී පැවති වැඩමුළුවක් අමතමින් ජනාධිපති ලේකම්තුමා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
රජය ප්‍රථම වරට රාජ්‍ය අංශය සදහා ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියක් හදුන්වා දීමෙන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය අංශයේ කටයුතු විධිමත්ව ප්‍රතිසංවිධානය කිරීම සදහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම බව ලේකම්තුමා පෙන්වා දෙයි.
ක්‍රමවත්ව රාජ්‍ය ආයතන තුල තොරතුරු තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කිරීමට මෙම ප්‍රතිපත්තිය මගින් ඉඩ සලසා දී තිබේ.
ඒ සදහා සරල උදාහරණයක් ලෙස රාජ්‍ය ආයතන සතු අන්තර්ජාල වෙබ් අඩවි යාවත්කාලීන කර විධිමත්ව පවත්වාගෙන යෑම තුලින් මහජනයා සමග යහපත් අන්තර් සබදතාවක් ගොඩනගා ගැනීමට ඇති හැකියාව එතුමා පෙන්වා දුන්නේය. එබැවින් සෑම රාජ්‍ය ආයතනයක්ම මාසයක් ඇතුලත සිය වෙබ් අඩවි යාවත්කාලීන කොට සක්‍රීය කිරීමට පියවර ගත යුතුයැයි ජනාධිපති ලේකම්තුමා අවධාරණය කළේය.
මෙරට රාජ්‍ය අංශය ජනතාවාදී ලෙස සකස් කිරීමට ඇති එකම උපාංගය තොරතුරු තාක්ෂණය බව පැවසු ලලිත් වීරතුංග මහතා සෑම රාජ්‍ය ආයතනයක්ම අර්ථවත් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය.
මෙම වැඩමුළුව සදහා අමාත්‍යාංශ ලේකම්වරුන් විශාල පිරිසක් සහභාගි වුහ.ගරු නීතිපති මොහාන් පීරිස් මැතිතුමා විසින් තොරතුරු තාක්ෂණයට අදාල නීති රීති පිළිබදව මෙහිදී සිදුකල වීශ්ලේෂණය බෝහෝ දෙනාගේ අවධානයට යොමු වු අතර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් මහතා විසින් ද මෙරට පරිගණක නීතිය පිළිබද විශේෂ දේශනයක් පැවැත්වීය.
ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය www.icta.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.



කාර්යක්ෂම රාජ්‍ය සේවයකට එකම මග තොරතුරු තාක්ෂණයයි


























