Information Infrastructure හයසිය එක්වන නැණසල මධ්‍යස්ථානය බදුල්ලේදී විවෘත කෙරේ

හයසිය එක්වන නැණසල මධ්‍යස්ථානය බදුල්ලේදී විවෘත කෙරේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

නැණසල දහස වැඞසටහන යටතේ  601 වන නැණසල මධ්‍යස්ථානය මෙම ජුනි මස 24 වන බ්‍රහස්ප්‍රතින්දා පෙරවරු 9 ට බදුල්ල සෙනරත් පරණවිතාන පුස්තකාලයේදී ජනතා අයිතියට පැවරේ.
 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් වන ග්‍රාමීය ප්‍රජාව සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය රැගෙන යාම තවදුරටත් අර්ථවත් කරමින් මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.
 බදුල්ල සෙනරත් පරණවිතාන පුස්තකාලය ඌව පළාතේ පළමු ශ්‍රේණියේ එකම මහජන පුස්තකාලය වන අතර මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමගම එම පළාතේ ජනතාවට විශාල සේවාවක් සැලසෙනු ඇතැයි නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී රෙෂාන් දේවපුර මහතා පවසයි.
 අන්තර්ජාල පහසුකම්, ඊ- මේල් පහසුකම් , ජායා පිටපත්, පරිගණක සේවාවන්, තොරතුරු තාක්ෂණ පහසුකම්, කෘෂි කාර්මික තොරතුරු , ඇතුළු පහසුකම් හා තොරතුරු රැසක් මෙම නැණසල මධ්‍යස්ථානය හරහා ජනතාවට ලබා ගතහැකි වේ.
 ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අතින් එදින පෙරවරු 9ට යෙදෙන සුභ මොහොතින් නැණසල මධ්‍යස්තානය විවෘත කෙරෙන අතර බදුල්ල පුරපති නීතිඥ උපාලි නිශ්ශංක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වේ.
  නැණසල ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්තාන පිහිටුවීමේ ව්‍යපෘතිය ඉ- ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරේ.එය ලොව විශිෂ්ටතම ග්‍රාමීය ජනතා කේන්ද්‍රීය  තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ආකෘතිය ලෙස සම්මාන ලබා ඇත.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 ජූනි 29 වෙනි අඟහරුවාදා, 12:41 )  
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices