Policy Leadership and Institutional Development ඉන්ෆොටෙල් විශිෂ්ටතා සම්මානයක් ICTA ආයතනයට

ඉන්ෆොටෙල් විශිෂ්ටතා සම්මානයක් ICTA ආයතනයට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

නිර්මාණශීලි ලෙස රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීම වෙනුවෙන් INFOTEL 2010 විශිෂ්ටතා සම්මානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA)  හිමිවෙයි.
 පසුගියදා අවසන්වු INFOTEL 2010 ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේදී රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති තුනක් ආකර්ශනීය ලෙස හා නිර්මාණශීලි ලෙස මහජනයා වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම සම්මානය  ICTA ආයතනයට හිමිව තිබේ.
විශේෂයෙන් INFOTEL ප්‍රදර්ශනය නැරඹීම සදහා ඔක්‍තෝම්බර් මස 1වෙනිදා සිට 4 වනදා තෙක් කොළඹ සිරිමාවෝ  බණ්ඩාරනායක ජාත්‍යන්තර  ප්‍රදර්ශන ශාලාවට පැමිණි මහජනතාවට ක්‍ෂනිකව ඔවුන්ගේ උප්පැන්න සහ විවාහ සහතික වල පිටපත් තොරතුරු තා‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍‍‍‍්‍ෂණය ආධාරයෙන් නිකුත් කිරීමටද ICTA  ප්‍රදර්ශන කුටියේදී පහසුකම් සැපයීමද මෙම සම්මානය පිරිනැමීමේදී සැලකිල්ලට ගත් බව INFOTEL සංවිධායකයෝ පවසති.
 කොළඹ දිසාපතිතුමාගේ අධීක්ෂණය යටතේ ඉතා කෙටි කාලයකදී උප්පැන්න සහතික පිටපත් දහසකට ආසන්න ගණනක් නිකුත් කිරීමට මෙහිදී හැකිවිය.
 මීට අමතරව පාසැල් සිසු සිසුවියන් හය දහසකට ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) ක්‍ෂේත්‍රයේ රැකියා පිලිබද වෘත්තීය  මාර්ගෝපදේශන වැඩමුළුවක් පවත්වමින් ICTA ආයතනය මෙවර ජාතික සමුළුවට අර්තවත් වටිනාකමක්ද ලබා දුන් බව  INFOTEL සංවිධායක කමිටුවේ සභාපති ඒ. ජයසීලන් මහතා කියයි.
 ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය අර්තාන්විත ලෙස අලංකාර කිරීමට දායකවීම නිමිති කර ගනිමින් පසුගිය 2008 වසරේ පැවති ප්‍රදර්ශනයේදීද විශේෂ සම්මානයක් ICTA ආයතනයට හිමිවිය.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices