එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාඡීය කොමිසමේ (UN ESCAP) තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපතිත්වය යළිත් වරක් ශ්‍රී ලංකාවට හිමිවෙයි.
ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට තවත් වරක් ජගත් ආර්ථික හා සාමාඡීය කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපති ධුරය දරණ ලෙසට සියළුම රටවල් ඒකඡන්දයෙන් යෝජනාවක් සම්මත කර ගෙන ඇත.
දකුණු කොරියාව, ඉන්දියාව, මැලේසියාව, ඔස්ටේලියාව ආදී තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින රටවල් රැසක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී මෙම කමිටු රැස්වීම පසුගියදා පැවැත්විණි.
‘ඉ- ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල ඔස්සේ මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය අර්ථවත් ලෙස ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාප්ත කිරීමට හැකිවීමත් අන්තර්ජාතික වශයෙන් ඒවා ඇගැයීමට ලක්වීමත් මෙම ධුරය ශ්‍රී ලංකාවට හිමිවීමට ප්‍රධාන හේතුවක් වු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.
එමෙන්ම තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ලබා ගත් ප්‍රගතිය අඛන්ඩ ලෙස පවත්වා ගෙන යෑමට රජය සමත්වීම තව දුරටත් මෙවැනි සුවිශේෂ තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවීමට හේතු වු බව ඔහු සදහන් කරයි.
‘මහින්ද චින්තන’ ප්‍රතිපත්තිය තුල ඇති තොරතුරු තාක්‍ෂණ වැඩසටහන් වලට ක්‍රියාකාරීව දායකවීමට ගතවු වසර පහ තුල රජයට හැකිවුණු බවද ඔහු පෙන්වා දෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය විදුලි සන්දේශ සංවිධානයේ සභාපති ධුරයද මේ වන විට හොබවන්නේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසිනි.



එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාඡීය කොමිසමේ තොරතුරු තාක්‍ෂණ කමිටුවේ සභාපතිත්වය යළිත් ශ්‍රී ලංකාවට


























