Policy Leadership and Institutional Development ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පත්කිරීම තම අරමුණ බව විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා පවසනවා.

 

 ඉහත අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට  ඇවැසි පසුබිම සකස් කර ගැනීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුලු  එම ක්ෂේත්‍රයේ විද්වතුන් සහ ප්‍රවීනයින්ගෙන් සුසැදි කමිටුවක් පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවද සියඹලාපිටිය මැතිතුමා වැඩිදුරටත් පවසනවා.

 

  විදුලි සංදේශ හා තොරතුරු හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ වැඩකටයුතු ආරම්භ කරමින් සියඹලාපිටිය මැතිතුමා මෙම අදහස් පළ කළේය. කොල්ලුපිටියේ පස්වෙනි පටුමගේ අංක 79/1 දරණ ස්ථානයේ අමාත්‍යාංශය පිහිටා තිබේ.

 

 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රටට සාමය උදා කිරීමේ සංග්‍රාමය ඉතා සාර්තක ලෙස මේ වන විට ජයගෙන හමාරයි. අපට දැන් තිබෙන්නේ රටේ ආර්ථික සංග්‍රාමය ජය ගැනීමටයි. ඒ වෙනුවෙන් මාගේ අමාත්‍යාංශයට විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.2016 වන විට තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාවය සියයට හැත්තෑපහේ මට්ටමට ගෙන ආයුතුව තිබෙනවා. ඒසේම සියලු බේදයන්ගෙන් තොරව තොරතුරුහා සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිලාබ මෙන්ම එම දැනුම සෑම දෙනාටම ලබා ගැනීමට හැකි පසුබිම සකස් කිරීම අප වෙත පැවරී තිබෙන තවත් වගකීමක් බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

 

 සර්ව අගමික වතාවත් වලින් අනතුරුව පෙරවරු 10.16 යෙදුණු සුබ මොහොතින් අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ වැඩකටයුතු ආරම්භ ක‍ළේය.

 

  විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් අතුකෝරල, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

 

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices