ලංකා රාජ්‍ය ජාලය (LGN)

 පැන හා පිළිතුරු

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය - අදියර I


ව්‍යාපෘති විෂයක්‍ෂේත්‍රය

ලංකා රාජය ජාලය යනු රාජ්‍ය ආයතන සඳහා නිර්මාණය කරන ලද නිරතුරුව භාවිතයට ගත හැකි, ආරක්ෂාකාරීව තොරතුරු හුවමාරු කරගත හැකි, සියළු පරිගණක උපාංග වලින් පරිපූර්ණ පරිගණක ජාලයක් වන අතර මේ මගින් සියළුම රාජ්‍ය ආයතන (මූලික වශයෙන් ආයතන 325ක්) එකිනෙක හා සම්බන්ධ කිරීම අරමුණු කෙරේ. මෙම ජාලයට සම්බන්ධිත රාජ්‍ය ආයතන සඳහා පිරිවැය ඵලදායීව අන්තර්ජාල පහසුකම් සැපයීම, ඉ-මේල් පහසුකම් සැපයීම හා අන්තර්ජාලය හරහා සිදුකරන දුරකථන සම්බන්ධතා ලබා දීම සිදුවේ. එමෙන්ම මේ යටතේ ලංකා රාජ්‍ය ජාල මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට විසිරුනු ජාල සම්බන්ධතා (Wide Area Network) ද සපයා ඇත.
 


ව්‍යාපෘතියේ මූලික අරමුණු

  • රාජ්‍ය ආයතන 325ක් එක් පරිගණක ජාලයකින් සම්බන්ධ කිරීම (inter connectivity of GOSL)
  • රාජ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මූලික පරිගණක උපකරණ සැපයීම
  • රාජ්‍ය ආයතන සඳහා කේන්‍ද්‍රීය කළමණාකරණයෙන් යුත් විශ්වාසනීය සහ සුරක්‍ෂිත ජාල සම්බන්ධතාවයක් සැපයීම (centrally managed)
  • සියලුම රාජ්‍ය ආයතන සඳහා කේන්‍ද්‍රීය කළමණාකාරිත්වයෙන් ක්‍රියාත්මක වන
  • අන්තර්ජාල පහසුකම් සැපයීම (Internet)
  • ඉ-මේල් පහසුකම් සැපයීම (email)
  • රාජ්‍ය ආයතන අතර සන්නිවේදන පහසුකම් සැපයීම (IP based G2G voice services)
  • අන්තර්ජාලය, ඉ-මේල් හා අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන දුරකථන සන්නිවේදන පහසුකම් භාවිතය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට දැනුම හා පුහුණුව ලබා දීම.
  • ව්‍යාපෘතිය භාවිතයේදී පවතින ගැටළු නිරාකරණය කරගැනීම සඳහා උපකාරක සේවයක් ක්‍රියාත්මක කිරීම සහ අළුත්වැඩියා කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබා දීම.


ව්‍යාපෘතියේ පරමාර්ථයන්

  • ආරක්ෂාකාරී සන්නිවේදනය - රාජ්‍ය ආයතන අතර ආරක්ෂාකාරීව තොරතුරු හුවමාරු කරගැනීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම
  • කේන්ද්‍රීය පාලනය - පරිපාලන කටයුතු පහසු කරගැනීම උදෙසා කේන්ද්‍රීය කළමණාකරණයෙන් යුක්ත ජාලයක් නිර්මාණය කරගැනීම.
  • ආරක්ෂාකාරී අන්තර්ජාල සම්බන්ධතාවය - සියළු රාජ්‍ය ආයතන සඳහා අන්තර්ජාලය ආරක්ෂාකාරීව භාවිතා කල හැකි පොදු ප්‍රවේශයක් නිර්මාණය කිරීම.
  • බහු භාෂා භාවිතය - භාෂා 3න් ම රාජකාරි කටයුතු කරගෙන යාමට හා තොරතුරු හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දීම. මේ අනුව ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් අනුමත කරන ලද යුනිකේත ෆොන්ට සහ ත්‍රයි භාෂා යතුරු පුවරු භාවිතා වීම සිදුවේ.
  • විවෘත ප්‍රමිතීන් - විවිධ පද්ධතීන් අතර සහයෝගය හා අන්තර්සම්බන්ධතාව සහතික කිරීම සඳහා විවෘත ප්‍රමිතීන් භාවිතා කිරීම
  • අතාත්වික පෞද්ගලික ජාලය - අන්තර්ජාලය හරහා ලංකා රාජ්‍ය ජාලය හට සම්බන්ධ වීමට ආරක්ෂාකාරී ප්‍රවේශයන් සැකසීම
  • නම්‍යශීලී ජාල සැළසුම් මගින් රාජ්‍ය අංශයේ කාර්යාල සඳහා තවදුරටත් තම පරිගණක ජාල පුළුල් කරගැනීමට අවස්ථාව සලසා දීම.
  • කේන්ද්‍රීය කළමණාකරනයෙන් යුත් භාෂා 3න් ම ක්‍රියාත්මක වන උපකාරක සේවාවක් ක්‍රියාත්මක කිරීම හා නඩත්තු සේවා සැපයීම..


ව්‍යාපෘති කළමණාකාරීත්වය

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය සම්බන්ධ සියළු කටයුතු කළමණාකරණය කිරීම උදෙසා  ව්‍යාපෘති කළමණාකරණ නිලධාරියකු පත්කොට ඇත.

 

 

 

 

 

 

 

 

 

ලංකා රාජ්‍ය ජාල මධ්‍යස්ථානය (LGN HUB)

ලංකා රාජ්‍ය ජාල මධ්‍යස්ථානය සියළුම ජාලකරණ හා ආරක්ෂණ උපාංග වලින් සමන්විත වන අතර (අතිරික්ත උපකරණ වලින්ද සමන්විතය) එය ලංකා රාජ්‍ය ජාලය හා අන්තර්ජාලය අතර අතරමැදි ආරක්ෂකයෙකු සේ ක්‍රියා කරයි. සියළුම රාජ්‍ය ආයතන වලට මෙම රාජ්‍ය ජාල මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකි අතරම එම රාජ්‍ය ආයතනයනද යම් කිසි වර්ගීකරණයකට අනුව වෙන වෙනම අතාත්වික පෞද්ගලික ජාල මගින් වෙන් කොට ඇත්තේය. මෙම එක් අතාත්වික පෞද්ගලික ජාලයකට අයත් ආයතනයකට තමන්ගේම පෞද්ගලික ජාලය තුල ඇති වෙනත් රාජ්‍ය ආයතනයක් සමග නිදහස්ව තොරතුරු හුවමාරු කිරීම සිදුකල හැක‍. නමුත් පරිබාහිර පෞද්ගලික ජාලයන් හි ආයතන සමග තොරතුරු හුවමාරුව සඳහා සීමා පැනවීම් සිදුකොට ඇත. නමුත් එම සීමා පැනවීම් ද ආයතනික අවශ්‍යතාවයන් මත අභිරුචිකරණයන්ට (Customize ) ලක් කල හැකි වීම විශේෂත්වයකි..

 

 

 

 

 

 

 

 

 

ලංකා රාජ්‍ය ජාලය - ජාල මෙහෙයුම් මධ්‍යස්ථානය (LGN Network Operation Center)

නිරතුරුව මෙම ජාලය අධීක්ෂණය කල හැකි ජාල මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වේ. එහි මූලික කර්තව්‍යයන් පහත දැක්වේ.

  • සෑම දිනකම පැය 24 මුළුල්ලේම ලංකා රාජ්‍ය ජාල මධ්‍යස්ථානය අධික්ෂණය කිරීම
  • ජාලයේ කාර්යසාධනය නිරතුරුව අධීක්ෂණය හා කළමණාකරණය කිරීම.
  • සතියේ රාජකාරි දිනයන්හිදී පෙ.ව 8.00 සිට ප.ව 8.00 දක්වා උපකාරක සේවය පවත්වාගෙන යාම
  • රාජ්‍ය ජාලයට අයත් සියළුම පරිගණක හා ජාල සම්බන්ධතා ආශ්‍රිත ගැටළු සඳහා එකම ස්ථානයකින් විසඳුම් ලබා දීම
  • ලංකා රාජ ජාලයේ සියළුම දෛනික කටයුතු හා අවශ්‍ය සේවා කටයුතු සිදු කිරීම
  • කේන්ද්‍රීයව ජාල කළමණාකරණ කටයුතු සඳහා සම්බන්ධ වීම
  • යම් කිසි බිඳවැටීමකදී අදාල ආයතන හා රාජ්‍ය ජාල පරිශීලකයන් ඒ සම්බන්ධව දැනුවත් කිරීම හා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.

 

 

 

 

 

 

 

  

 

 

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ ප්‍රතිලාභ

පහත දැක්වෙනුයේ රාජ්‍ය ජාලයක් පැවතීම මගින් රාජ්‍ය අංශයට ලබා ගත හැකි ප්‍රතිලාභයන්ය.

  • ජාලය වැඩැදියුණු කලහැකි බව - මෙය ලංකා රාජ්‍ය ජාලයේ එක් විශේෂිත ලක්ෂණයක් වන අතර මෙහිදී ජාලයට අළුතින් ආයතනයක් එක් කිරීම පහසුවෙන් සිදුකළ හැකිය
  • උපරිම ආරක්ෂිත බව - ලංකා රාජ්‍ය ජාලයට පිටතින් ඇතුළු විය හැකි ආකාර සීමා කිරීම මගින් ජාලයේ උපරිම සුරක්ෂිතතාවය තහවුරු කොට ඇත.
  • පරිමාණානුකූල පිරිමැසුම් භාවය 
  • පහසු කළමණාකරණය හා පරිපාලනය - කේන්ද්‍රීයව පාලනය වන අන්තර්ජාල හා ඉ-මේල් සේවාවන් ඇති නිසා ආයතනික වශයෙන් සිදුවිය යුතු පරිපාලනමය ගැටළු බොහෝ ප්‍රමාණයක් අවම වීම
  • වෙනත් ජාල සමග අන්තර් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ඇති හැකියාව - වෙනත් පොදු පරිගණක ජාල එනම් රෝහල් සහ පාසල් වැනි කටයුතු වලට අදාල පරිගණක ජාල සමගින් පහසුවෙන් සම්බන්ධ වීම සිදුකල හැකිය. එම පරිබාහිර ජාල මගින් ලංකා රාජ්‍ය ජාල මධ්‍යස්ථානයට ආරක්ෂිතව සම්බන්ධ වීමෙන් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා අවශ්‍ය වින්‍යාස කිරීම් කටයුතු සිදුකරගත හැකිය.
  • ලංකා රාජ්‍ය ජාලයට අදාල සියළුම පරිගණක හා ජාලකරණ උපාංග හා අන්තර්ජාල සම්බන්ධතා (අවම වශයෙන් තත්පරයට කිලෝබිට් 128ක ධාරිතාවක් සහිත) ලබා ගැනිමට රාජ්‍ය ආයතන සඳහා කිසිදු මුදලක් වැයකිරීමට සිදු ‍නොවේ. දත්ත සම්බන්ධතාවයන් සඳහා වැය වන මුදලද ව්‍යාපෘතිය ආරම්භයේ සිට වසර 3ක් යනතුරු ව්‍යාපෘතිය මගින් ම දැරීම සිදු කරයි.


එම වසර 3 අවසානයේදී මෙම ජාලය නඩත්තු කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය මගින් දරණු ලබන අතර එම මුදල් එක් එක් ආයතනයන් හි අයවැය ලේඛනයන් හට ඇතුලත් කෙරෙනු ඇත.

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන කොරියානු ආයාත නිර්යාත බැංකුව මගින් ලබා දුන් ද්වී-පාර්ශවීය ණයක් මගින් සපයාගෙන ඇත. මෙම ව්‍යාපෘතිය පියවර 03ක් යටතේ මාස 12 ක් වැනි කෙටි කලකදී ස්ථාපිත කෙරුණු අතර ඒ සඳහා පහත දැක්වෙන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රධාන ලේකම් කාර්යාල සම්බන්ධ කෙරිණි.
 

අදියර 01

 

 

අදියර 02

 

අදියර 03

බස්නාහිර පළාත

 

මධ්‍යම පළාත

 

සබරගමුව පළාත

 

 

දකුණු පළාත

 

ඌව පළාත

 

 

 

 

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය - අදියර II

මෙම ව්‍යාපෘතිය සඳහා තවත් රාජ්‍ය ආයතන 150ක් එක් කරගැනීම සිදුවන අතරම එම ආයතන සඳහා පිරිවැය ඵලදායීව අන්තර්ජාල පහසුකම් සැපයීම, ඉ-මේල් පහසුකම් සැපයීම හා අන්තර්ජාලය හරහා සිදුකරන දුරකථන සම්බන්ධතා ලබා දීම ද සිදුවේ. එමෙන්ම මේ යටතේ ලංකා රාජ්‍ය ජාල මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට විසිරුනු ජාල සම්බන්ධතා (Wide Area Network) ද සැපයීමට නියමිතය.


ව්‍යාපෘතියේ මූලික අරමුණු

  • රාජ්‍ය ආයතන 150ක් එක් පරිගණක ජාලයකින් සම්බන්ධ කිරීම (inter connectivity of GOSL)
  • රාජ්‍ය සේවයේ ක්‍රියාකාර්ත්වයට අවශ්‍ය මූලික පරිගණක උපකරණ සැපයීම
  • යෝජිත රාජ්‍ය ආයතන 150 සඳහා කේන්‍ද්‍රීය කළමණාකරණයෙන් යුත් විශ්වාසනීය සහ සුරක්‍ෂිත ජාල සම්බන්ධතාවයක් සැපයීම (centrally managed)
  • යෝජිත රාජ්‍ය ආයතන 150 සඳහා කේන්‍ද්‍රීය කළමණාකාරිත්වයෙන් ක්‍රියාත්මක වන
  • අන්තර්ජාල පහසුකම් සැපයීම (Internet)
  • ඉ-මේල් පහසුකම් සැපයීම (email)
  • රාජ්‍ය ආයතන අතර සන්නිවේදන පහසුකම් සැපයීම (IP based G2G voice services)
  • අන්තර්ජාලය, ඉ-මේල් හා අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන් දුරකථන සන්නිවේදන පහසුකම් භාවිතය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හට දැනුම හා පුහුණුව ලබා දීම.
  • ව්‍යාපෘතිය භාවිතයේදී පවතින ගැටළු නිරාකරණය කරගැනීම සඳහා උපකාරක සේවයක් ක්‍රියාත්මක කිරීම සහ අළුත්වැඩියා කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබා දීම.

 

අදියර 1

 

අදියර 2

 

 

 

වයඹ පළාත

 

උතුරු මැද පළාත

නැගෙනහිර පළාත

 

 

 

 

ලංකා රාජ්‍ය ජාල ආවරණය හා එහි ව්‍යාප්තිය

Attachments:
Fileවිස්තරයOrderFile size
Download this file (Milestones-LGN1.doc)Milestones LGN  36 Kb
Download this file (නව ආයතන සම්බන්ධ වීම (පොදු) ver 3.0.pdf)Connecting New Organizations to Lanka Government Networkලංකා රාජ්‍ය ජාලය සඳහා නව ආයතන සම්බන්ධ කිරීම 1152 Kb
Download this file (How_to_use_LGN_webmail.pdf)How to use LGN Webmail  996 Kb
Download this file (Adding New PC's  to LGN - Guidelines and Software.pdf)Adding New Computers to LGNGuidelines for adding new computers to LGN 211 Kb
Download this file (LGN Site bandwidth LGN I.pdf)LGN Stage I - Bandwidth Allocation  60 Kb
Download this file (LGN Site bandwidth LGN II.pdf)LGN Stage II - Bandwidth Allocation  48 Kb
Download this file (Data Sharing Policy(31-08-2011).pdf)Data Sharing Policy  1317 Kb
Download this file (End User Security and Data Backup Policy (11072011) - Sinhala.pdf)End User Security and Data Backup Policy  514 Kb
Download this file (IT Administrator responsibilites.pdf)LGN IT Administrator's Roles and Responsibilities  420 Kb
Download this file (Wireless LAN Security Policy_v1_20110608.pdf)Security Policy for Implementing Wireless [Wi-Fi] Networks  414 Kb
Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices