වැඩසටහන් රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීම

රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණ වැඩසටහන

 

Main Projects              Policy Documents

 

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා රජයේ කාරයක්‍ෂමතාව, විනිවිදභාවය, සඵලතාව සහ රාජ්‍ය සේවාවල තත්වය වැනි අංගවල ප්‍රධාන හා තිරසර දියුණු වීම් අපේක්‍ෂා කරයි.  මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා හා යෝජිත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (තො.ස.තා.) විසදුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සක්‍රීයකාරක ලෙස මෙම වැඩසටහන මගින් මූලික පාලන ක්‍රම හා රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ක්‍රම වඩා ශක්තිමත් කරනු ඇත.

තො.ස.තා. මූලෝපායික භාවිතයෙන් හා තො.ස.තා. මගින් සක්‍රීය කරනු ලබන පහත දැක්වෙන නව්‍ය පරිපාලන ප්‍රතිපත්ති භාවිතයෙන් රාජ්‍ය ක්‍රියාදාම ප්‍රතිනිර්මාණය කිරීමෙන් මෙම අරමුණු ඉටු කර ගැනීමට මෙම වැඩසටහන ක්‍රියා කරනු ඇත.

(1)    ආයතනික කේන්‍ද්‍රීය වූ වැඩ ක්‍රම වෙනුවට සේවාලාභී කේන්‍ද්‍රීය වූ වැඩ ක්‍රම භාවිතය
(2)    සේවා මට්ටම් ප්‍රමිති ගැන සේවා ලාභීනට රජයේ ආයතන වග වීම
(3)    රාජ්‍ය ආයතන හරහා දත්ත ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කර ගනිමින් භාවිතා කිරීම
(4)    නිරන්තරයෙන් ම ලබා ගත හැකි පරිශීලක මිත්‍රශීලී, භෞතික පිහිටීමෙන් ස්වයක්ත වූ තොරතුරු හා සේවාලාභීනට ලබා දීම
(5)    පාරදෘශ්‍ය හෙවත් විනිවිදභාවය සහිත රාජ්‍ය ක්‍රියාවලි

ඉ-ශ්‍රී ලංකා මූලාරම්භය යටතේ ක්‍රියාත්මක කරන සියලුම වැඩසටහන්වල සැලසුම් කිරීම, ඉලක්ක අරමුණු හා ක්‍රියාත්මක මූලෝපායන් කේන්‍ද්‍රීය කණ්ඩායම් මගින් ඉටු කරන අතර ඒවා රජයේ, පුද්ගලික අංශයේ, වෘත්තීය ආයතන හා අනෙකුත් අදාල ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත වේ.  රාජ්‍ය ප්‍රතිනිර්මාණ වැඩසටහනේ මූලික සැලසුම් හා ක්‍රියාකාරකම් ද මෙවන් කේන්‍ද්‍රීය කණ්ඩායමක් විසින් මෙහෙයවන  ලදී.

රාජ්‍ය ප්‍රතිනිර්මාණ වැඩසටහන එහි ව්‍යාපෘති තේරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වඩා පුළුල් පාලන රාමුවක් අනුගමනය කරයි. මෙම පාලන රාමුව එම ව්‍යාපෘතිවල සාර්ථකභාවය තහවුරු කරනු පිණිස ව්‍යාපෘතිවලින් වෙනසට භාජනය වන්නන්ගේ (stakeholder) සහභාගීත්වය, ව්‍යාපෘති හිමිකාරිත්වය හා කැපවීම ඉහළ නැංවීමට හැකිවන සේ සැලසුම් කර ඇත.

වැඩසටහන් මට්ටමේ පාලන රාමුව


රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහනේ සැකැස්ම ප්‍රතිපත්තිහි නීතිමය කරුණු, මග පෙන්වීම්, ප්‍රමිතීන් ආදිය ඒවාට අදාළ හා එයින් බලපෑමකට ලක්වන ආයතනවල නිලධාරීන් හා අනෙකුත් සම්පත්දායක ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටු මගින් නිශ්චය/නිර්ණය කරයි.  මේවාට උදාරහණ ලෙස ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති විමර්ශන කමිටුව, වෙබ් ප්‍රමිති කමිටුව ආදිය දැක්විය හැක.

ව්‍යාපෘති පාලන රාමුව

රාජ්‍ය ප්‍රතිනිර්මාණ වැඩසටහනේ සහයෙන් ක්‍රියාත්මක කරන සියලුම ප්‍රධාන ව්‍යාපෘති මෙහෙයවනු ලබන්නේ ව්‍යාපෘති මෙහෙයුම් කමිටු මගිනි.  මෙම කමිටුව ව්‍යාපෘතියේ සියලු ප්‍රතිපත්තිමය තීරණ සඳහා වගකිව යුතු අතර එය ව්‍යාපෘති තීරණ රාමුව යොදා ගෙන ව්‍යාපෘතිය තේරීමද සහභාගීත්ව පදනමින් කළ යුතුය.

මෙම රාමුව ව්‍යාපෘතියේ බලපෑම, ශක්‍යතාව, තිරසාර බව හා අනෙකුත් ව්‍යාපෘති සමග වඩා වැඩි ශක්තියකින් ක්‍රියාකළ හැකි වීම ආදී ලක්‍ෂණ මත ව්‍යාපෘති තේරීමට මග පාදයි.  පාලන රාමුව ශක්තිමත් කරනු පිණිස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අවධියේ දී තවත් කමිටු කරළියට එයි.

1.    ව්‍යාපෘති කළමනාකරණ කමිටුව
2.    නිමැවුන් භාර ගන්නා කමිටුව
3.    ක්‍රියාවලී අයිතිකරුවන්ගේ කමිටුව

පහත දැක්වෙන ලියවිලි මේ ව්‍යාපෘතිවල මෘදුකාංග නිමැවීමේ කටයුතුවල සාර්ථකත්වය ලබා ගැනීමට මග පෙන්වයි.

1.    ප්‍රධාන ව්‍යාපෘතිවල මෘදුකාංග පාලන රාමුව
2.    කුඩා ව්‍යාපෘතිවල මෘදුකාංග පාලන රාමුව

පහත දැක්වෙන පින්තූරය මගින් මෙම ව්‍යාපෘති පාලන රාමුව දක්වයි.

 

රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණ වැඩසටහන් පාලන රාමුව

 

To provide citizen services in the most efficient manner by improving the way government works by re-engineering and technologically empowering government business processes.

 

  • Creation of the enabling environment in government for a successful e-Governance programme
  • Collaborate with the administrative reforms regime and bring about a new governance framework that is enabled by ICT
  • Ensure public service personnel are imparted with appropriate ICT skills required for an efficient and effective e-Government
  • Ensure that the stock of ICT equipment required for an efficient and effective e-government programme is upgraded
  • Interconnect government agencies to achieve a higher level of productivity through improved interaction
  • Making public services “truly citizen centric”: ensuring geographically non-discriminate delivery

 

Tamil-Sri LankaEnglish (United Kingdom)

Nenasala Pranama

ICT Agency of Sri Lanka launched “Nenasala Pranama – Swarna Sammana” ceremony in appreciation of the contribution rendered by Nenasala owners / operators for achieving the National objective.

Read More

නව සිදුවීම්

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices