ව්‍යාපෘති හැඳින්වීම
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය අංශයට මානව සම්පත් සැපයීම මෙන්ම මානව සම්පත් පාලනයට හා ප්‍රාදේශීය පරිපාලනයට අදාළ ප්‍රතිපත්ති සැකසීම ඉටු කරයි. 45,000 ක් පමණ වූ මෙසේ ඒකාබද්ධ සේවා අංශයේ පාලනයට ලක්වන නිලධාරීන්ගේ සියලු කළමනාකරණ කටයුතු අතින් හා කඩදාසිමය ගොනු හරහා ඉටු කරන ලද හෙයින් එකල එය අකාර්යක්ෂමම හා පමා වී කෙරෙන සේවයක් ලෙස සැලකිනි.
ව්‍යාපෘති විෂය පථය
මෙම ව්‍යාපෘතිය මගින් පහත දැක්වෙන කොටස් ඉටු කරන ලදී.
1. අවශ්‍ය පරිගණක දෘඩාංග ලබා දීම
2. අවශ්‍ය අයුරින් පරිගණක ජාලය විස්තීරණය කිරීම
3. මෘදුකාංග සැපයුම්
- මානව සම්පත් කළමනාකරණ පද්ධතිය
- ලේඛණ කළමනාකරණ පද්ධතිය
- කාර්ය ප්‍රවාහ කළමනාකරණ පද්ධතිය
4. අවශ්‍ය වැදගත් ලේඛණ අංකිත පරිගණක බවට පත්කොට ලේඛණ කළමනාකරණ පද්ධතියට
සැපයීම
5. කාර්ය මණ්ඩල පුහුණුව
ක්‍රමවේදය
රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණ වැඩසටහන විසින් 2002 වසරේ දී අමාත්‍යාංශය විසින් පවත්වන ලද පද්ධති විශ්ලේෂණ අධ්‍යයනයේ නිකුත් කළ පද්ධති අවශ්‍යතා ලේඛණ පදනම් කොට පද්ධතිය නිර්මාණය කරන ලදී.
මේ සඳහා අනුගමනය කරන ලද විවෘත ටෙන්ඩර් ක්‍රියාදාමයෙන් පසුව 2006 දෙසැම්බර් මස පහත දැක්වෙන සමාගම් එකතුව තෝරා ගන්නා ලදී.
- ඇෆ්නෝ ආයතනය - ලේඛන කළමනාකරණ පද්ධතිය
- කාර්ය ප්‍රවාහ කළමනාකරණ පද්ධතිය
- ෂෙනිඩ් ආයතනය - ඉ-මානව සම්පත් කළමනාකරණ පද්ධති සැපයීම
- ඉ-විස් ආයතනය - දෘඩාංග සැපයීම හා ජාල විස්තීරණ කටයුතු
පාලන රාමුව
ව්‍යාපෘතිය මුල සිටම අමාත්‍යාංශ ලේකම් විසින් මෙහෙයවන ලදී. එහි සාමාජිකින් වූයේ
|
Secretary
|
Ministry of Public Administration and Home Affairs (MPA&HA)
|
|
Director General
|
Combined Services Divisions, MPA&HA
|
|
Director
|
MPAS (I), MPA&HA
|
|
Director
|
SLAS, MPA&HA
|
|
Director
|
MPAS (II), MPA&HA
|
|
Director
|
IT Service, MPA&HA
|
|
Senior Assistant Secretary
|
MPA&HA, MPA&HA
|
|
Programme Director (Re-Gov)
|
ICTA
|
මෙහි නායකත්වය පළමුව එකල සිටි ලේකම් සිරිල් මානප්පෙරුම මහතා ද, දෙවනුව ඉතා දීර්ඝ කාලයක් තුළ මහත් කැපවීමෙන් මේ සඳහා ක්‍රියා කළ ඩී. දිසානායක මහතා ද දැනට ලේකම් ධූරය හොබවන පී. බී. අබේකෝන් මහතා යන නිලධාරීන් විසින් සපයන ලදී. එසේ ම මෙහි ව්‍යාපෘති මට්ටමේ ක්‍රියාකාරකම් පාලනය සඳහා ව්‍යාපෘති කළමනාකරණ කමිටුවක් පිහිටුවන ලද අතර එයට දීර්ඝ කාලයක සිට එහි වර්තමාන අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය වන බී.පී.පී.එස්. අබේගුණවර්ධන මහත්මිය විසින් ලබා දෙන ලදී. එයට දීර්ඝ කාලයක සිට ක්‍රියාකාරී සහාය දක්වන එම අංශයේ අධ්‍යක්‍ෂවරු වන ප්‍රසාද් පියසේන, ආලෝක බණ්ඩාර හා සුනිල් කුමාරසිරි යන මහත්වරු ගැන සඳහන් කළ යුතුම වේ.
තවද මෙම ව්‍යාපෘතියේ ලේඛණ අංකිත කිරීමේ වගකීම 2011 වසරේ දී ටෙන්ඩර් මගින් සංජේ ලංකා සමාගමට ප්‍රදානය කොට 2012 දී ලියවිලි 500,000 කට අධික සංඛ්‍යාවක් ලේඛණ කළමනාකරණ පද්ධතියට එකතු කරන ලදී.
වර්තමාන තත්වය (2012 මැයි)
මෙම ව්‍යාපෘතියේ මෘදුකාංග සංවර්ධන කටයුතු 2009 පෙබරවාරි මස අවසන් කොට 2009 දෙසැම්බර් මස ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
දැනට ව්‍යාපෘතියේ කොටස් 85% ක් පමණ හොඳින් භාවිතා වේ. ඒ අතරට වාර්ෂික ස්ථාන මාරුවීම්, බඳවා ගැනීම්, සේවයේ ස්ථිර කිරීම්, උසස්වීම් ආදිය ඇතුලත් ය. සේවා දිගු කිරීමේ කටයුතු රාජ්‍ය සේවා කොමිසමට පවරා ඇති හෙයින් එය ක්‍රියාත්මක නොවේ.
වාර්ෂික ස්ථාන මාරු මේ අතරින් ඉමහත් ප්‍රසාදයට ලක් වූ වැඩ කොටසකි. පෙරදී නිලධාරීන් 25 දෙනෙකු මාස 3 ක කාලයක දී ලේඛණ පැකට් 80ක් භාවිතා කොට ඉටු කළ මෙම මෙහෙය අද දින නිලධාරීන් 20 දෙනෙකු සති 3කදි ලේඛණ පැකට් 2ක් පමණක් යොදා ගනිමින් ඉතා සාර්ථක ව ඉටු කරයි.
අනාගත කටයුතු
මෙම පද්ධතිය තවමත් අන්තර්ජාලය හරහා අනෙකුත් ආයතන සමග සන්නිවේදනයේ නොයෙදේ. ඒ සඳහා අනෙකුත් නිලධාරීන්ට හා ආයතනවලට මෙයට සම්බන්ධ විය හැකි අයුරින් වැඩි දියුණු කිරීමට අපේක්‍ෂා කෙරේ.
රාජ්‍ය ආයතනවල ක්‍රියාවලීන් ප්‍රතිනිර්මාණය කොට ඒවා තොරතුරු තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීම මගින් පුරවැසි සේවා වඩාත්ම පුරවැසි කේන්‍ද්‍රීය හා කාර්යක්‍ෂම අයුරින් ලබා දීම
- වැඩි කාර්යක්‍ෂමතාවයක් සඳහා ක්‍රියාවලී ප්‍රතිනිර්මාණය
- ප්‍රතිනිර්මාණය කරන ලද ක්‍රියාවලි සබල කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය මෙවලමක් ලෙස භාවිතා කිරීම
- ඉලක්ක ගත පරිවර්තනය සඳහා අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ දැනුමින් රාජ්‍ය මානව සම්පත සන්නද්ධ කිරීම
- මූලික ඉ-රාජ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සම්පත් රාජ්‍ය ආයතනවලට සැපයීම


























