ප්‍රතිඵල (ස්වාධීන මෙහෙයුම් හා ඇගයුම්)
13 May 2016
[vc_row][vc_column][vc_column_text]සමීක්ෂණය හා ඇගයීම
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සමීක්ෂණ හා ඇගයීම් අංශයේ අරමුණු වන්නේi) කාර්ය සාධනය මැන ගැනීම, ii) ප්‍රතිඵල අනුව ප්‍රගතිය ඇගයීම, iii) ආයතනික ඉගෙනුම: අවධානය හා කාර්ය සාධන නැඹුරුව වැඩි දියුණු කිරීම, iv)පාර්ශවකරුවන්ගේසාර්ව දර්ශනය අවබෝධ කර ගැනීම හා සාකච්ඡා කිරීම, v) පොදු වගවීම, vi)බලපෑම මැනීම ආදිය වේ.
විවිධ වැඩසටහන් කොටස්වල සැලසුම් කළ/අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සහතික කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සියලු වැඩසටහන් කොටස් පිළිබඳව ප්‍රතිඵල පදනම් සමීක්ෂණ හා ඇගයුම් පද්ධතියක් ක්‍රියාත්මක කරයි. මෙම පද්ධතියේ කොටසක් ලෙස පදනම්රේඛා ස්ථාපිත කිරීමටත් ඉන්පසු ප්‍රතිඵල හා බලපෑම් මැන ගැනීමත් සඳහා පුළුල් ආවරණයක් සහිත විවිධ දත්ත ලබා ගැනීමට මෙම ආයතනය ක්‍රියා කරයි. ව්‍යාපෘතිය පිළිබඳ සාකල්‍ය අවබෝධයක් ලබා ගැනීම සඳහා දත්ත අවශ්‍යතා, වගකීම්, ක්‍රමවේද හා නිතරතාව ආදිය අඩංගු ලොග්රාමුවක් සෑම ව්‍යාපෘතියක් සඳහාම පිළියෙල කරනු ලැබේ. අයිතිය, වගකීම් හා වගවීම් ආදිය පිළිබඳව සහතික වීම සඳහා මෙම ලොග් රාමුව සහභාගිත්ව ක්‍රියාවලියක් තුළින් ප්‍රධාන පාර්ශවකරුවන් සමග තහවුරු කරනු ලැබේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සමීක්ෂණ හා ඇගයුම් ඒකකයේ කැපවු කාර්ය මණ්ඩලය, අදාළ ව්‍යාපෘති කාර්ය මණ්ඩලවල ක්‍රියාකාරී සහයෝගය ඇතිවසම්පූර්ණ ක්‍රියාවලියට නායකත්වය සපයයි. ඒ ඒ ව්‍යාපෘති සඳහා මෙන්ම සමස්ත සමීක්ෂණ හා ඇගයීම් මූලෝපායන් හා ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම අභ්‍යන්තර සමීක්ෂණ හා ඇගයීම් ඒකකයට පැවරෙයි. මෙයට ව්‍යාපෘති සමීක්ෂණ තොරතුරු පද්ධතියක් දියුණු කිරීම හා අවශ්‍ය වූවිට සමීක්ෂණ හා ඇගයීම් ධාරිතා වැඩිදියුණු කිරීමද ඇතුළත් වේ. මෙම ක්‍රියාකාරකම් වලින් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව ද්වි මාසික සමීක්ෂණ වාර්තා හා පරිපූර්ණ වාර්ෂික ඇගැයීම් වාර්තා පිළියෙල කරනු ඇත. අපේක්ෂිත ප්‍රතිඵල හා ප්‍රගතිය මැන ගැනීම සඳහා ඒ ඒ වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා විශේෂ පාදම්රේඛා හා ඇගයීම් සමීක්ෂණ සිදු කරනු ඇත. මේවායින් ලබාගත් තොරතුරු මත පදනම්ව, මෙම ආයතනයේ කළමනාකාරීත්වය මෙන්ම ප්‍රධාන පාර්ශව කරුවන් ඉලක්ක කරගත් ප්‍රගති වාර්තා පිළියෙල කරනු ලැබේ. කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට නිර්දේශිත ක්‍රියාමාර්ගද මෙම වාර්තාවල අඩංගුවනු ඇත. මෙයට අමතරව විශේෂිත ව්‍යාපෘති කටයුතු ඇගයීම සඳහා සමීක්ෂණ හා ඇගයීම් කණ්ඩායම එම ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථානවලට ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කරනු ඇත.ක්ෂේත්රයේදී සමීක්ෂණ හා ඇගයීම් කටයුතු සිදු කරනු ඇත්තේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සමග කෙළින්ම සාකච්ඡා කිරීම මගිනි. අවශ්‍ය ගුණාත්මක බවින් යුතුව නියමිත කාලවලදී ප්රතිලාභ ලබාදීමෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයප්රතිලාභීන් සමග ඇති සබඳතා ශක්තිමත් කිරීමටද මෙම ක්ෂේත්‍ර චාරිකා යොදා ගනු ඇත. මෙම ක්ෂේත්‍ර චාරිකා වලදී අවශ්‍ය තොරතුරු හා දත්ත ලබා ගැනීම සඳහා යොමු කණ්ඩායම් සාකච්ඡා, සෘජු නිරීක්ෂණ හා ක්ෂේත්‍ර සාකච්ඡා ආදි ඉක්මන් ක්‍රම භාවිතයට ගනු ලබන අතර අවශ්‍ය නිවැරදි කීරීමේ පියවර ගැනීම සඳහා සොයා ගත් කරුණු ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම්වලට සන්නිවේදනය කරනු ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනය අතින් රටේ තත්වය අවබෝධ කර ගැනීමට ජාත්‍යන්තර විදුලි සංදේශ දර්ශකය (ITU),ජාල උද්යත දර්ශකය (NRI) හා එක්සත් ජාතින්ගේ ඉ-රාජ්‍ය දර්ශකය වැනි ජාත්‍යන්තර මිනුම් දර්ශක, සමීක්ෂණ හා ඇගයීම් ඒකකය නිරතුරුවම සමාලෝචනය කරයි.
ඇගයීම සඳහා පහත දැක්වෙන මූලධර්ම යොදා ගැනේ.
සමීක්ෂණ හා ඇගයීම් වාර්තා[/vc_column_text][/vc_column][/vc_row]

- වගවීම, පාරදෘශ්‍ය බව හා යහපාලනය ස්ථාපිත කිරීම සඳහා සමීක්ෂණ හා ඇගයීම් යොදා ගැනීම
- ප්‍රතිඵල කළමනාකරණය හා සංවර්ධන ඵලදායීබව සහතික කිරීම සඳහා සමීක්ෂණ හා ඇගයීම් යොදා ගැනීම
- මානව හා ආයතනික ධාරිතා, මෙවලම් හා ක්‍රමවේද උත්ප්‍රේරණය තුළින් ඇගයීම සිදු කිරීම.
- අතීත අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඒ අනුව වැඩසටහන් සැලසුම් හා කාර්ය සාධනය වැඩි දියුණු කිරීම.
- ව්‍යාපෘති සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී පාර්ශවකරුවන්ගේ පුළුල් සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම.