පුරවැසි අභිවෘද්ධිය

රටේ සමාජ ඒකීකරණය, සාමය, සංවර්ධනය හා දුගීබව අඩු කිරීම ආදිය සම්බන්ධයෙන්  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ හැකිබව  ශ්‍රී ලංකා රජය  පිළිගෙන තිබේ. රාජ්‍ය සේවාවල ප්‍රතිචාරීත්වය වැඩි දියුණු කිරීමට, ව්‍යාපාරවල ගනුදෙනු පිරිවැය අඩු කිරීමට,  රජය වඩා පාරදෘශ්‍ය හා වගවන බව සහතික කිරීමට  හා දුගී ප්‍රජාවන් හා හුදකලා වූ ප්‍රදේශවල අවශ්‍යතා ලබා දීම ආදියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට  රජය  බලාපොරොත්තු වේ.

මේ අනුව  ඩිජිටල්  තාක්ෂණය පුරවැසියන් වෙත ගෙන යමින්  රජයේ සේවා වඩා හොඳින් ලබා දෙමින් රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය අධ්‍යාපනික සේවා සපයමින්  පුරවැසියන්ට වඩා හොඳ ජීවන තත්වයක් ලබාදීමට  අපේක්ෂා කෙරේ

අරමුණු

(i) දියුණු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්යහ හැකියා දියුණු කිරීම;

(ii)සියලු පුරවැසියන්ට සාර්ථක ලෙස සේවය කිරීමට අවශ්යක ඩිජිටල් යටිතලය ඉක්මනින් ස්ථාපිත කිරීම;

(iii) දැනුම් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්ය පරිසරය නිර්මාණය කිරීම;

(iv) අධ්යාාපනයේ සෑම මට්ටමකදීම පුළුල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාව හා කුසලතා දියුණු කිරීම; (v) සියලු පුරවැසියන් හා ව්යා;පාරවලට වේගවත් කාර්යක්ෂම හා පාරදෘශ්ය රාජ්යා සේවා ලබා දීම;

(vi) සමාජ සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම; සහ​

(vii) ක්රි යාකාරී හා තරගකාරී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයක් රට පුරා ව්යා‍ප්ත කිරීම තුළින් නව රැකියා ජනනය කිරීම.

 

නැණසල ව්‍යාපෘතිය (ජාතික ටෙලිමධ්‍යස්ථාන ව්‍යාපෘතිය)

ඉ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද එක් ව්‍යාපෘතියක් වන්නේ නැණසලයි. කලින් විශ්ව ඥාන කේන්ද්‍ර ව්‍යාපෘතිය ලෙස හඳුන්වන ලද මෙය පසුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් නැණසල ලෙස නම් කරන ලදී

Read More

ඉ-ස්වාභිමානි – හොඳම ඉ-අන්තර්ගතය පිළිබඳ ජාතික සම්මානය

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ දේශීය වශයෙන් නිපදවන ලද අන්තර්ගතයේ ඇති නිර්මාණශීලීත්වය හා විවිධත්වය පෙන්වා දීමත් සමාජයට ප්‍රබල බලපෑමක් කළ හැකි ඩිජිටල් විසඳුම් සෙවීමත්ය.

Read More

Projects

Contact

News

Read All

Sorry, no posts matched your criteria.

Top