ඩිජිටල් ආකාරයට සවිබල ගැන්වූ පුරවැසියන් තුළින් දැනුම්පදනම් සමාජයක් නිර්මාණය කිරීමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යොදා ගන්නා ප්‍රධාන මූලෝපායක් වන්නේ ඩිජිටල් යටිතල පහසුකම් ගොඩ නැගීමයි.මෙහි අරමුණ වන්නේ රටේ සෑම පුරවැසියෙකුටම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්රතිලාභ ලබා දීම වන අතර මෙයට සමාන්තරව රජයේ සේවා වඩාත් කාර්යක්ෂම, පහසු හා මිත්‍රශීලී බවට පත් කිරීමට ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර තිබේ.
රටපුරා ඇති රජයේ ආයතන 500කට වැඩි ගණනක් සම්බන්ධ කරන ලංකා රාජ්‍ය ජාලය(LGN) දැනටමත් ක්‍රියාත්මක කර ඇත. පිරිවැය ඵලදායී, විශ්වසනීය හා සුරක්ෂිත යටිතල පහසුකම් ලබා දීම සඳහා ලංකා රාජ්‍ය වලාව (LGC) ක්‍රියාත්මක කර තිබේ. ඩිජිටල්වශයෙන් සියල්ලන් ඇතුළත් වන රටක් ගොඩ නැගීම සඳහා ලංකා රාජ්‍ය ජාලයේ හා ලංකා රාජ්‍ය වලාවේ සීමාවන් හා බාධක ඉවත් කර නවතම තාක්ෂණ ප්රවණතාවලට අනුකූලව දියුණු කළ යුතු වේ.
මෙය සාර්ථක කර ගැනීම සඳහා රජයේ ආයතන හා ගොඩනැගිලි 3,500ක් අවම වශයෙන් 100Mbps කලාප පළලකින් යුත් පද්ධතියකින් සම්බන්ධ කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය බලාපොරොත්තු වේ. මෙයට රටේ තැපැල් කාර්යාල එක් කිරීමෙන් සම්බන්ධ කර ඇති ස්ථාන ගණන 7,500 දක්වා වැඩි කෙරෙනු ඇත. මෙම සියලුම ස්ථාන වයි-ෆයි කලාප බවට පත් කරන බැවින් පුරවැසියන්ට රජයේ සේවා ලබා ගැනීමට පහසු පරිසරයක් ලැබෙනු ඇත.
ලංකා රාජ්‍ය වලාවේ ඊළඟ අනුවාදය, කර්මාන්තයේ ප්‍රමිතිවලට අනුකූල සේවා ලබා දෙමින් රජයේ ඕනෑම අවශ්‍යතාවක් සපුරාලීමට හැකි වනු ඇත. වලාව භාවිතයට ගැනීමට ඇති බාධක ඉවත් කරමින් රජයේ සේවා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබා දීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනෙනු ඇත. තවද ලංකා රාජ්‍ය වලාවේ ඊළඟ අනුවාදය විශාල දත්ත පොකුරුවලින් සමන්විත වන බැවින් එයට ඕනෑම වර්ගයක රජයේ දත්ත ගබඩා කිරීමට හැකි වනු ඇත. විශාල දත්ත පොකුරේ ප්‍රධාන ප්‍රතිදාන දෙකක් වන්නේ රටේ ආර්ථික වර්ධනයට යොදා ගත හැකි විශාල දත්ත විශ්ලේෂණ හා ජාතික ප්රමුඛතාවන්ටගැළපෙන විවෘත දත්ත පොර්ටලයයි.
මෙම යෝජිත ව්‍යාපෘතිවලට ප්‍රමාණවත් කලාප පළලක් ලැබෙන ආකාරයට රාජ්‍ය ජාලය තුළ අන්තර්ජාල සබඳතාද පුළුල් කෙරේ. ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන මෙම ගමනේදී රජයේ දත්ත මධ්‍යස්ථානයක් හා ජාතික ආරක්ෂා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද පිහිටුවීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය බලාපොරොත්තු වේ. මෙම ඩිජිටල් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් රටේ විප්ලවයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ මගින් ඩිජිටල් ආකාරයට සියල්ලන් ම ඇතුළත් වන ජාතියක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත.