GOV.LK වසම්නාම ලියාපදිංචිය
13 May 2016
[vc_row][vc_column][vc_column_text]GOV.LK වසම්නාම ලියාපදිංචිය
වසම් නාම ලියාපදිංචි කිරීම සඳහා උපදෙස්
වසම්නාම ලියාපදිංචිය සඳහා වූ ආකෘති පත්‍රයේ සෑම අයිතමයක්ම පිළිබඳ උපදෙස්
වසම් සේවාදායක ලිපිනයත් සමග සම්බන්ධ ලැයිස්තු හා වගුවල භාවිතයට ගැනෙන්නේ මෙම නාමයයි. එය වසම් නාමය ලියා පදිංචි කරන ආයතනය හඳුනා ගත හැකි කෙටි නමක් විය යුතුය.
නමේ අඩංගු විය යුත්තේa-z දක්වා අකුරුත් 0-9 දක්වා වූ සංඛ්‍යාත් කෙටි ඉරත් පමණි. නම කෙටි ඉරකින් ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට නොහැක.
වැඩි විස්තර සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය බලන්න.
GOV.LK වසම් නාම ව්‍යුහය
උදා: pubad.gov.lk
සාමාන්‍යයෙන් වසම් නාම දෙනු ලබන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තියේ වෙබ් නාම ප්රඥප්තිය මත පදනම්වයි. උපදෙස් (5) සිට(6)
සෑම ලියා පදිංචියක් සඳහාම එම වසම් නාමයේ පරිපාලන හා තාක්ෂණික සබඳතා අවශ්‍ය අතර තාක්ෂණික සබඳතාවේ ඉ-තැපැල් ලිපිනයද අවශ්‍ය වේ. මෙයට අමතරව තනතුරු නාමය, තැපැල් ලිපිනය, දුරකථන/ෆැක්ස් අංක ආදියද අවශ්‍ය වේ.
වසම සම්බන්ධ පරිපාලන හා ප්‍රතිපත්ති ගැටලු සම්බන්ධයෙන් සම්බන්ධ විය යුතු පුද්ගලයා වන්නේ පරිපාලකයායි.වසම් පරිපාලක, එම වසමේ ‘තාක්ෂණික සබඳතාව‘ ලෙස නම් කර ඇති පුද්ගලයන් සමග සමීපව කටයුතු කළ යුතු ය. උදාහරණයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ වසම් පරිපාලක වන්නේ එම අමාත්‍යංශයේ පරිපාලක මිස සේවාදායකය ක්‍රියාත්මක කරන ආයතනයේ පරිපාලක නොවේ. (ඒ දෙදෙනාම එක් පුද්ගලයෙක් වන අවස්ථාවලදී හැර)
පරිපාලක සබඳතාව සඳහා වඩා සුදුසුවන්නේ ආයතනයේ ප්‍රධානියා නොව එහි පරිගණක කටයුතු භාරව සිටින තැනැත්තායි.
වසම් නාමයේ සේවාදායකය පවත්වා ගැනීම, මෘදුකාංග ගැටලු විසඳීම හා දත්තසමුදාය ගොනු පවත්වා ගැනීම ආදී තාක්ෂණික අංශ ගැන කටයුතු කරන්නේ තාක්ෂණික සබඳතාව ලෙස නම් කර ඇති තැනැත්තායි. බොහෝ විට මෙම පුද්ගලයා වන්නේ මූලික සේවාදායකය ක්‍රියාත්මක කරන තැනැත්තායි. තාක්ෂණික සබඳතාව අන්තර් ජාල පහසුකම් සපයන්නා ද විය හැක.
අන්තර්ජාල සංග්‍රාහකයන් සඳහා ප්‍රශ්න
සංග්‍රාහක නාමය ඉහත (2) දක්වා ඇති ආකාරයට විය යුතුය. සංග්රාහකයෙකුටA රෙකෝඩයක් හෝ CNAME රෙකෝඩයක් තිබිය හැක. A රෙකෝඩයක් ඉල්ලා සිටිය හොත් සංග්‍රාහකයාගේIP ලිපිනයත්, CNAME රෙකෝඩයක් ඉල්ලා සිටිය හොත් සංග්‍රාහකයාගේ සම්මත නාමයත් දිය යුතුය. (ඔබ යොදා ගත යුත්තේ කුමන ආකාරයේ රෙකෝඩයක්දැයි පැහැදිලි නැත් නම් කරුණාකර ඔබේ අන්තර්ජාල සේවා සපයන්නාගෙන් විමසන්න)
උදාහරණ: අන්තර්ජාල සංග්‍රාහකයන් සඳහා
අ) වසම් නාමය www.edumin.gov.lk
ආ) රෙකෝඩ වර්ගය (A හෝ CNAME) CNAME
ඇ) IP ලිපිනය හෝ සම්මත නාමය host23.myisp.lk
DNS දත්ත සමුදාය පද්ධතියේ IN-ADDR දක්වන රෙකෝඩයක් ඇතුල් කිරීම ඔබේ වගකීම වේ.(A රෙකෝඩ සඳහා පමණි) මේ සඳහා ඔබේ IP ජාලයේ පරිපාලක හා සම්බන්ධ වන්න. LK වසම් නාම පරිපාලනය,ජාල නඩත්තු නොකරන බැවින් DNS දත්ත සමුදාය පද්ධතියට මෙම දත්ත ඇතුල් කළ නොහැක.
තැපෑල සම්බන්ධ ප්‍රශ්න
උදාහරණ
8a. වසම් නාමය www.edumin.lk
8b. MX 10mailhost.myisp.lk
8b අනුපිටපත් කිරීමෙන් MXරෙකෝඩ එකකට වැඩි ගණනක් දිය හැක. එක වසමක් යටතේ සංග්‍රාහකයන් ගණනාවක් ලියා පදිංචි කරන්නේ නම 8 ඇති පේළි පිටපත් කර අවශ්‍ය ආකාරයට පුරවා ගත හැක.[/vc_column_text][/vc_column][/vc_row]
වසම් නාම ලියාපදිංචි කිරීම සඳහා උපදෙස්
වසම්නාම ලියාපදිංචිය සඳහා වූ ආකෘති පත්‍රයේ සෑම අයිතමයක්ම පිළිබඳ උපදෙස්
- මෙය අලුත් අයදුම්පතක් ද, පවතින ලියාපදිංචියක් වෙනස් කිරීමක්ද එසේත් නැත්නම් ඉවත් කිරීමක්ද යන්න සඳහන් කරන්න.
- වසම් නාමය
වසම් සේවාදායක ලිපිනයත් සමග සම්බන්ධ ලැයිස්තු හා වගුවල භාවිතයට ගැනෙන්නේ මෙම නාමයයි. එය වසම් නාමය ලියා පදිංචි කරන ආයතනය හඳුනා ගත හැකි කෙටි නමක් විය යුතුය.
නමේ අඩංගු විය යුත්තේa-z දක්වා අකුරුත් 0-9 දක්වා වූ සංඛ්‍යාත් කෙටි ඉරත් පමණි. නම කෙටි ඉරකින් ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට නොහැක.
වැඩි විස්තර සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය බලන්න.
GOV.LK වසම් නාම ව්‍යුහය
- සියලු මධ්‍යම රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් මට්ටමේ සංවිධාන හා පිටරටවල ඇති තානාපති කාර්යාල lk වසම් නාමය යටතේ ලියා පදිංචි කෙරෙනු ඇත.
- මධ්‍යම රජයේ ආයතන (අමාත්‍යංශ,දෙපාර්තමේන්තු, කොමිෂන් සභා ආදිය) lk වසම් නාමය යටතේ තුන්වැනි මට්ටමේ වසමක් ලෙස ලියා පදිංචි කළ යුතුය.
- පළාත් සභා: පළාත් සභා ලියා පදිංචි කරන්නේ තුන් වැනි මට්ටමේ වන අතරපළාත් සභා යටතේ ඇති ආයතන (අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ආදිය) ලියා පදිංචි කරන්නේ හතරවැනි වසම් මට්ටමේය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල: සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්ම හතරවැනි මට්ටමේ වසමක් ලෙස gov.lk යටතේ ලියා පදිංචි කෙරේ.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල: සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම හතරවැනි මට්ටමේ වසමක් ලෙස gov.lk යටතේ ලියා පදිංචි කෙරේ.
- පළාත් පාලන ආයතන: විවිධ වර්ගවල පළාත්පාලන ආයතනවලට වෙන් කර ඇති තුන්වැනි මට්ටමේ වසම් නාම යටතේ සෑම පළාත් පාලන ආයතනයක්ම හතරවැනි මට්ටමේ වසමක් ලෙස ලියා පදිංචි කෙරේ. මේ අනුව මහ නගර සභා සඳහා gov.lk ද,නගර සභා සඳහා uc.gov.lk ද, ප්‍රාදේශීය සභා සඳහා ps.gov.lkද යොදා ගැනේ.
- තානාපති කාර්යාල: පිටරට ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල (තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාල) gov.lk යටතේ හතරවැනි මට්ටමේ වසම් ලෙස ලියා පදිංචි කෙරේ.
- lk භාවිතයට ගන්නා සියලුම රජයේ ආයතන පහත විස්තර කර ඇති ආකාරයට වසම් නාමකරණ උපදෙස් පිළිපැදිය යුතු ය.
- ආයතනය හඳුනා ගැනීමට පහසු වන ආකාරයේ එක් කෙටි නමක් (පදයක්) තෝරා ගත යුතුය. (උදා: immigration, customs, statistics, tourism ) නමුත් මෙය වෙනත් ආයතනයකටද යොදා ගත හැකි පොදු/වර්ගීය පදයක් නොවිය යුතුය. රාජ්‍ය යන්ත්රණයේ වෙනසක් නිසා එවැනි නමකට බලපෑමක් සිදු නොවනු ඇත. (උදා. අමාත්‍යංශ) කෙසේ වෙතත් කෙටි නම ආයතන ගණනාවකට යොදා ගත හැකි පදයක් නම් (උදා: health, education, labour) ආයතන වර්ගය (min, dept) වසම් නාමයට එක් කළ හැකිවේ (උදා: gov.lk හෝ labourmin.gov.lk)
- මතක තබා ගැනීම පහසු කිරීම සඳහා කෙටි යෙදුම් භාවිතා කළ හැකි වේ. (moe, mof, mod, mia) ස්ථිර පැවැත්මක් ඇති ආයතන සඳහා මෙය වඩාත් සුදුසු වේ (උදා: දෙපාර්තමේන්තු)
- දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යංශය දැක්වීමට පූර්ව හෝ අපර සර්ගයක් ලෙස D හෝ M යොදා ගත හැකි අතර කෙටි යෙදුමක් තුළ ‘of’ දැක්වීමට ‘O’ යොදා ගත හැකියි.(උදා: Ministry of Education සඳහා gov.lk)
- තේරුමක් ඇති කෙටි පද යොදා ගන්න.(met for meteorology, exams for examinations)
- සම්බන්ධයක් නැති බහුවිධ විෂයයන් එක් අමාත්‍යංශයක් යටතට එන විට වඩාත් ම වැදගත් හා ප්‍රසිද්ධ විෂය (වෙනස්වීමට ඉඩ නැති) වසම් නාමය සඳහා තෝරා ගන්න.
උදා: pubad.gov.lk
- දිස්ත්‍රික්ක, කොට්ඨාස හා පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ප්‍රදේශ නාමය දිග වැඩිනම් මතක තබා ගත හැකි හා තේරුමක් ඇති ආකාරයට එය කෙටි කරන්න.
- ආයතනික තොරතුරු
- ආයතනයේ නම - උදා අධ්‍යාපන අමාත්‍යංශය
- තම ගනුදෙනු කරුවන් වෙනුවෙන් ලියාපදිංචියට ඉල්ලුම් කරන සේවා සපයන්නන්, ජාල සේවා සපයන ආයතනයේ හෝ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන ආයතනයේ නම නොව රාජ්‍ය ආයතනයේ නම දිය යුතුය.
- ආයතන ප්‍රධානියාගේ නම
- ප්‍රධාන සම්බන්ධතා අංකය - ජංගම දුරකථනය/කාර්යාල දුරකථනය
- ප්‍රධාන ඉ-තැපැල් ලිපිනය
- මෙම වසම් නාමය තෝරා ගැනීමට හේතු
සාමාන්‍යයෙන් වසම් නාම දෙනු ලබන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තියේ වෙබ් නාම ප්රඥප්තිය මත පදනම්වයි. උපදෙස් (5) සිට(6)
සෑම ලියා පදිංචියක් සඳහාම එම වසම් නාමයේ පරිපාලන හා තාක්ෂණික සබඳතා අවශ්‍ය අතර තාක්ෂණික සබඳතාවේ ඉ-තැපැල් ලිපිනයද අවශ්‍ය වේ. මෙයට අමතරව තනතුරු නාමය, තැපැල් ලිපිනය, දුරකථන/ෆැක්ස් අංක ආදියද අවශ්‍ය වේ.
- පරිපාලනමය වශයෙන් සම්බන්ධ විය යුතු තැනැත්තාගේ නම
වසම සම්බන්ධ පරිපාලන හා ප්‍රතිපත්ති ගැටලු සම්බන්ධයෙන් සම්බන්ධ විය යුතු පුද්ගලයා වන්නේ පරිපාලකයායි.වසම් පරිපාලක, එම වසමේ ‘තාක්ෂණික සබඳතාව‘ ලෙස නම් කර ඇති පුද්ගලයන් සමග සමීපව කටයුතු කළ යුතු ය. උදාහරණයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ වසම් පරිපාලක වන්නේ එම අමාත්‍යංශයේ පරිපාලක මිස සේවාදායකය ක්‍රියාත්මක කරන ආයතනයේ පරිපාලක නොවේ. (ඒ දෙදෙනාම එක් පුද්ගලයෙක් වන අවස්ථාවලදී හැර)
පරිපාලක සබඳතාව සඳහා වඩා සුදුසුවන්නේ ආයතනයේ ප්‍රධානියා නොව එහි පරිගණක කටයුතු භාරව සිටින තැනැත්තායි.
- තාක්ෂණික වශයෙන් සම්බන්ධ විය යුතු තැනැත්තාගේ නම
වසම් නාමයේ සේවාදායකය පවත්වා ගැනීම, මෘදුකාංග ගැටලු විසඳීම හා දත්තසමුදාය ගොනු පවත්වා ගැනීම ආදී තාක්ෂණික අංශ ගැන කටයුතු කරන්නේ තාක්ෂණික සබඳතාව ලෙස නම් කර ඇති තැනැත්තායි. බොහෝ විට මෙම පුද්ගලයා වන්නේ මූලික සේවාදායකය ක්‍රියාත්මක කරන තැනැත්තායි. තාක්ෂණික සබඳතාව අන්තර් ජාල පහසුකම් සපයන්නා ද විය හැක.
අන්තර්ජාල සංග්‍රාහකයන් සඳහා ප්‍රශ්න
- ඔබේ අන්තර්ජාල සංග්‍රාහකයා(Internet Host) සඳහා ඇතුල් කළ යුතු වසම් නාම පද්ධති (DNS) රෙකෝඩ මොනවාද?
සංග්‍රාහක නාමය ඉහත (2) දක්වා ඇති ආකාරයට විය යුතුය. සංග්රාහකයෙකුටA රෙකෝඩයක් හෝ CNAME රෙකෝඩයක් තිබිය හැක. A රෙකෝඩයක් ඉල්ලා සිටිය හොත් සංග්‍රාහකයාගේIP ලිපිනයත්, CNAME රෙකෝඩයක් ඉල්ලා සිටිය හොත් සංග්‍රාහකයාගේ සම්මත නාමයත් දිය යුතුය. (ඔබ යොදා ගත යුත්තේ කුමන ආකාරයේ රෙකෝඩයක්දැයි පැහැදිලි නැත් නම් කරුණාකර ඔබේ අන්තර්ජාල සේවා සපයන්නාගෙන් විමසන්න)
උදාහරණ: අන්තර්ජාල සංග්‍රාහකයන් සඳහා
අ) වසම් නාමය www.edumin.gov.lk
ආ) රෙකෝඩ වර්ගය (A හෝ CNAME) CNAME
ඇ) IP ලිපිනය හෝ සම්මත නාමය host23.myisp.lk
DNS දත්ත සමුදාය පද්ධතියේ IN-ADDR දක්වන රෙකෝඩයක් ඇතුල් කිරීම ඔබේ වගකීම වේ.(A රෙකෝඩ සඳහා පමණි) මේ සඳහා ඔබේ IP ජාලයේ පරිපාලක හා සම්බන්ධ වන්න. LK වසම් නාම පරිපාලනය,ජාල නඩත්තු නොකරන බැවින් DNS දත්ත සමුදාය පද්ධතියට මෙම දත්ත ඇතුල් කළ නොහැක.
තැපෑල සම්බන්ධ ප්‍රශ්න
- ඔබේ තැපෑල ඉදිරිපත් කිරීම සඳහා ඇතුල් කළ යුතු වසම් නාම පද්ධති (DNS) රෙකෝඩ මොනවාද?