නෛතික රාමුව
ඉලෙක්ට්‍රොනික නීති මගින් පුද්ගලික හා නිල කටයුතු සඳහා ඉලෙක්ට්රොනනික දත්ත හා ලේඛන භාවිතයට හා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය නෛතික පරිසරය සපයයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතයේදී මෙම නීති ප්රධාන කාර්ය භාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ භාවිතයට ගෙන ඇති ඉ-නීති පිළිබඳ තොරතුරු හා සබඳතා මේ පිටුවේ දැක්වේ.
ඉලෙක්ට්රොානික ගනුදෙනු පනත
රජයේ කටයුතුවල දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීම හා ඉ-රාජ්‍ය සේවා ස්ථාපිත කිරීමේදී වඩාත් ම අදාළ වන නීතිය වන්නේ 2006 අංක 19 දරණ ඉලෙක්ට්රොනික ගනුදෙනු පනතයි. ඉලෙක්ට්රොනික ගනුදෙනු සඳහා අවශ්‍ය නීති පිළියෙළ කිරීම ආරම්භ වූයේ අගමැති, වෙළඳ හා වාණිජ කටයුතු ඇමති හා විද්‍යා හා තාක්ෂණ ඇමති විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගිනි.
මේ අනුව ඉලෙක්ට්රොනික ගනුදෙනු පිළිබඳ නෛතික ප්‍රතිපත්ති, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහාය ලබා ගෙන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කළ යුතුයයි 2004 සැප්තැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රතිපත්තිමය දායකත්වයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මෙම නීති 2006 මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඉලෙක්ට්රොනික ගනුදෙනු පනත 2007 ඔක්තෝබර් 1 වැනිදා සිට බලාත්මක කරන ලදී.
2006 අංක 19 දරණ ඉලෙක්ට්රොනික ගනුදෙනු පනතට පදනම් වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ (UNCITRAL)ඉලෙක්ට්රොනික වෙළදාම පිළිබඳ ආදර්ශ නීතිය හා ඉලෙක්ට්රොනික අත්සන් පිළිබඳ ආදර්ශ නීතියෙන් ස්ථාපිත කර ඇති ප්‍රරමිතීන් ය.
මෙම පනතේ අරමුණු වන්නේ පහත සඳහන් කරුණුය.
• නෛතික බාධක ඉවත් කිරීමෙන් හා නෛතික නිශ්චිතතාවක් ස්ථාපිත කිරීමෙන් දේශීය හා ජාත්‍යන්තර ඉලෙක්ට්රෝනික වෙළඳ කටයුතු පහසු කිරීම.
• ඉලෙක්ට්රෝනික වාණිජ කටයුතු සඳහා විශ්වාසී ක්‍රම භාවිතය දිරි ගැන්වීම
• රජයට ඉලෙක්ට්රෝනික ආකාරයට ලේඛන ඉදිරිපත් කිරීම පහසු කිරීම
• විශ්වාසී ඉලෙක්ට්රෝනික සන්නිවේදන ක්‍රම යොදා ගනිමින් රජයේ සේවා කාර්‍යක්‍ෂම ලෙස ලබා දීම ප්‍රවර්ධනය කිරීම
• ඉලෙක්ට්රෝනික සන්නිවේදන ක්‍රම වල සත්යාතාව, පූර්ණත්වය හා විශ්වස්‍යතාව පිළිබඳ මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම. මෙයින් අපේක්ෂා කරන්නේ ඉලෙක්ට්රෝනික සන්නිවේදනය, උචිත සන්නිවේදන ක්‍රමයක් ලෙස නිල වශයෙන් හා නෛතික වශයෙන් පිළිගන්නාබව සහතික කිරීමයි.
මෙම පනතට අනුව රජයේ ආයතනවලට ඉලෙක්ට්රොෙනික ක්‍රම වලින් සේවා සැපයීමට මෙන්ම ඉලෙක්ට්රෝනික ආකාරයෙන් දත්ත හා තොරතුරු තබා ගැනීමට ද අවශ්‍යශ පියවර ගත හැකි වේ.
ඉලෙක්ට්රෝනික ගනුදෙනු පනත බලාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ගිවිසුම්වල දී ඉලෙක්ට්රෝනික සන්නිවේදනය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ට (සාමාන්ය්යෙන් ඉ-ගිවිසුම් ප්‍රඥප්තිය ලෙස හැඳින්වෙන) අත්සන් කළ ආසියානු කලාපයේ පළමු රටවල් තුනෙන් එකක් (දකුණු ආසියාවේ පළමුවැනි රට) බවට පත්විය.මෙම පියවර ගන්නා ලද්දේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් යටතේයී.
මෙම ප්‍රඥප්තියේ අරමුණ වන්නේ ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් ඉලෙක්ට්රෝනික සන්නිවේදනය යොදා ගන්නා අවස්ථාවන්හි දී ඒවායේ නෛතික නිශ්චිතතාව හා වාණිජ පුරෝකථනීයබව වැඩි දියුණු කිරීමයි. එයින් පහත දැක්වෙන කරුණුවලට අවධානය යොමු කෙරේ.
• ඉලෙක්ට්රෝනික පරිසරයක් තුළ යම් කිසි පාර්ශවයක ස්ථානය නිර්ණය කිරීම
• ඉලෙක්ට්රොරනික සන්නිවේදනය යැවූ හා ලැබුණු වේලාව හා ස්ථානය
• ගිවිසුම් ඇති කර ගැනීමට ස්වයංක්‍රීය පණිවුඩ පද්ධති භාවිතය
• මුල් කඩදාසි ලේඛනද ඇතුළු කඩදාසි ලේඛන හා ඉලෙක්ට්රො නික සන්නිවේදන අතර මෙන්ම ඉලෙක්ට්රොකනික සහතික කිරීමේ ක්රිම හා අතින් තබන අත්සන් අතර කාර්යබද්ධසමානතාවක් ස්ථාපිත කිරීමට යොදා ගත හැකි නිර්ණායක.
මේ හා සම්බන්ධ තවත් පියවරක් ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකාවේ රජයේ ආයතන හා පුරවැසියන්ගේ ඩිජිටල් අත්සන් සහතික කිරීමේ අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරමින් තිබේ.
පරිගණක අපරාධ
2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත, පරිගණක අපරාධ හඳුනා ගැනීමට හා ඒවා විමර්ශනය කිරීමේ ක්‍රියා පිළිවෙළ ද දක්වයි. 2005 අගෝස්තු 23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගත් මෙම පනත “B’ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුව විසින් පුළුල් ලෙස සංශෝධනයට භාජනය කරන ලදී. 2007 මැයි මාසයේ මෙම නීති සම්මත කරන ලද අතර 2007 ජුලි 9 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක විසින් එය සහතික කරන ලදී.
පරිගණකයකට,පරිගණක ක්‍රරමලේඛයකට, දත්ත හෝ තොරතුරුවලට අනවසර ලෙස ප්ර වේශ වීමේ ප්‍රයත්න, අපරාධ ලෙස සැලකීම 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ පදනම වේ. වරදකරු ට පරිගණකයට ප්‍රවේශ අවසරයක් ඇද්ද යන්න ගැන නොසලකා අනවසර පරිගණක භාවිතය ගැන කටයුතු කිරීමට එහි ප්‍රතිපාදන අඩංගු වේ.
අවසරයකින් තොරව තොරතුරු වෙනස් කිරීම හෝ මකා දැමීම අපරාධයක් ලෙස මෙම පනතේ දැක්වේ.තවද අවසර ඇති පුද්ගලයන් පරිගණකයකට ප්‍රවේශවීම වළක්වන ආකාරයට පරිගණකයක් ක්‍රමලේඛනය කිරීමද අපරාධයක් වෙයි. මෙම පනත යටතේ වරදක් ලෙස සලකන අනිත් කරුණු පහත දැක්වේ
• වයිරස් හෝ තර්ක බෝම්බ ආදිය ඇතුළු කිරීමෙන් පරිගණකයට හානියක් හෝ අවැඩක් කිරීම
• තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම
• පරිගණක සේවා අනවසර ලෙස භාවිතා කිරීම
• එක් පරිගණකයකින් තවත් පරිගණකයකට ක්රදමලේඛයක්, දත්ත හෝ තොරතුරු සම්ප්රේේෂණයට බාධා කිරීම
මෙම අපරාධ විමර්ශනය සඳහා නව ක්රකමයක් මෙම පනත හඳුන්වා දෙයි. පරිගණක අපරාධ විමර්ශනයේ දීපොලිසියට සහාය වීමට විශේෂඥ මණ්ඩලයක් නම් කිරීමට මෙම පනතේ ප්‍රතිපාදන සපයා තිබේ.
දත්ත ආරක්ෂා කිරීම
මෙම තොරතුරු යුගයේ දත්ත ආරක්ෂා කිරීමේ නීති ඉතා වැදගත් නෛතික කරුණක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම අන්තර් ජාලය තුළ ක්රිියාත්මකවන බොහෝ සමාගම්වලට පුද්ගලික දත්ත ඉතා වැදගත් වත්කමක් වෙයි. කෙසේ වෙතත් සම්බන්ධිත ගෝලීය ආර්ථිකයක,ජාතික දත්ත ආරක්ෂණ නීති ඉතා පහසුවෙන් මග හැර යෑමට හැකි වන අතර බලසීමාවෙන් පිටතට දත්ත මාරුවීමේදී පුරවැසියන්ට ලබා දීඇති ආරක්ෂාව අහිමි වීමට ඉඩ තිබේ. මෙවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමේ ප්රනයත්නයක් ලෙස යුරෝපීය සංගමයේ දත්ත ආරක්ෂණ නීතියේ ශ්රීව ලංකාව වැනි යුරෝපීය සංගමයට අයත් නොවන රටවලට පුද්ගලික දත්ත සම්ප්රේ ෂණය පාලනය කරන ප්රතිපාදන අඩංගු වේ.
දත්ත ආරක්ෂණ භාවිත සංග්‍රකහයක් මත පදනම්වූ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.. පුද්ගලික අංශය සඳහා වන මෙම ප්‍රතිපත්තිය, 2003 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ නිකුත් කරන රෙගුලාසි තුළින් මෙම භාවිත සංග්රරහයට නෛතික පදනමක් ලබා දීමේ හැකියාව තිබේ. මේ අනුව මෙය ස්වයං හෝ සම-නියාමන ප්‍රවේශයක් ලෙස සැලකීමට හැකි වේ.
බුද්ධිමය දේපළ අයිතිවාසිකම් (IPR)
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත විසින් කලින් ක්‍රියාත්මක වූ පනත ප්‍රිතිස්ථාපනය කරන ලද අතර නව පනතේ මෘදුකාංග, වෙළඳ රහස් හා අනුකලිත පරිපථ ආදිය ආරක්ෂා කිරීම පිළිබඳ අලුත් ලක්ෂණ ගණනාවක් අඩංගු වේ.
ශ්‍රී ලංකා රජයේ ඉ-නීති හා ප්‍රතිපත්ති හා සම්බන්ධ පනත්, රෙගුලාසි, චක්රරලේඛ හා මාර්ගෝපදේශ පහත දැක්වේ.
2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (ප්‍රකාශන හිමිකම් හා සම්බන්ධ වගන්ති)
2006 අංක 19 දරණ ඉලෙක්ට්රොනික ගනුදෙනු පනත
2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත
2005 අංක 28 දරණ ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත
2006 අංක 30 දරණ ගෙවීම් උපකරණ වංචා පනත
ජංගම ගෙවීම් මාර්ගෝපදේශ -13 ජංගම ගෙවීම් 2011-1e
ජංගම ගෙවීම් මාර්ගෝපදේශ -14 ජංගම ගෙවීම් 2011-2e
රජයේ ආයතනවලට ඉලෙක්ට්‍රොනික ගෙවීම් PF447E
රජයේ ආයතනවලින් ඉලෙක්ට්‍රොනික ගෙවීම් 02-2013E
නිල කටයුතු සඳහා ඉලෙක්ට්‍රොනික ලේඛන හා ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය – චක්‍රලේඛය
පොදු රජයේ ව්‍යාපාරික කටයුතුවලදී ඉ-තැපෑල හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීම