කර්මාන්තයේ සංවර්ධනය

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අංශය, සේවකයන් 90,000 වැඩි ප්‍රමාණයකට රැකියා සපයන අතර (2013 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණය) 2013 වර්ෂයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 720ක අපනයන ආදායමක් උපයා තිබේ. මෙම වැඩ සටහනනේ සමාන්තර අරමුණු වන්නේ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට මෙන් ම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අපනයන කර්මාන්තයට ආධාර කිරීමයි.

රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මූලෝපාය සකස් කිරීමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ (ICT) හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) ආයෝජන සඳහා සන් නාමයක් ස්ථාපිත කිරීම තීරණාත්මක වේ. මෙම මූලෝපාය දෙකේ මූලික අරමුණු වන්නේ යෝධ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරුවන් අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා තරගකාරී වෙළඳපොළක් ගොඩ නැගීම හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන, සේවා හා ආයෝජන සඳහා වූ අනගි ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දීමයි. කර්මාන්ත සංවර්ධන වැඩසටහන සඳහා සකස් කළ මූලෝපායන් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට ද යොදා ගන්නා අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් වනු ඇත.

අරමුණු

  • “තොරතුරු තාක්ෂණ/තොරතුරු තාක්ෂණ බලදායි සේවා කර්මාන්තයේ (IT/ITES) තරගකාරීත්වය වැඩි කිරීම, රැකියා ජනනය කිරීම හා ආදායම් වැඩිකිරීම“
  • “තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ආයෝජන සඳහා සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම“
  • “ආර්ථිකය පුරා ඵලදායිතාව වැඩි වන, ව්‍යවසාය සම්බන්ධ වන සහ වෙළඳාම හා මෙහෙයුම් සැලසුම් දියුණු වන ආකාරයට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය හා ප්‍රධාන කර්මාන්ත අතර ඉ-ව්‍යාපාර විසඳුම් ලබාදීම“

රටේ ප්‍රතිරූපය හා ව්‍යාපාර ප්‍රවර්ධනය

ගෝලීයකරණයත් සමග, තම සන් නාම ප්‍රතිරූපය ස්ථාපිත කිරීමටත් ජාත්‍යන්තර නිරාවරණය ප්‍රවර්ධනය කිරීමටත් සියලු රටවල් එකිනෙක සමග තරග කරති..

වැඩිදුර කියවන්න

ආරම්භක තාක්ෂණික සමාගම් වලට ආධාර කිරීමේ වැඩපිළිවෙළ (ස්පයිරලේෂන්)

මෙම ව්‍යාපෘතිය ඉලක්කය වී ඇත්තේ රට තුළ නව තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාර බිහි කිරීමයි. ව්‍යාපාරිකයෙකුට හෝ ව්‍යවසායකයෙකුට අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථක ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය සියල්ල මෙම වැඩසටහන යටතේ සපයනු ලැබේ.

වැඩිදුර කියවන්න

සබඳතා සඳහා

Sorry, no posts matched your criteria.

අපේ උත්සාහයන්

  • Spiralation - Tech Startup Project-logo
  • SL ITBPM Destination - Buusiness Promotion Project-logo
  • big80 logo
  • FutureIsIT - Industry Knowledge Project-logo
  • FutureCareers - Career Guidance Logo
Top