ඉතිහාසය
- ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතියේ දත්ත හා ගනුදෙනුවල රහස්‍ය බව හා පූර්ණත්වය සහතික කිරීම සඳහා තොරතුරු සුරක්ෂිතතා ක්‍රියාකාරී කණ්ඩායම ස්ථාපිත කරන ලදී.
- රාජ්‍ය නිලධාරීන් සඳහා පරිපූර්ණ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
- ඉලෙක්ට්‍රොනික නීති සකස් කිරීමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කර තිබේ.
- බාධකවලින් තොරව ශ්‍රී ලංකාව ඩිජිටල් ආකාරයට පරිවර්තනය වීම සහතික කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් තීරණාත්මක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ.
නෛතික රාමුව
- ඉලෙක්ට්‍රොනික දත්ත හා ලේඛන භාවිතයත්, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සිදු කිරීමත් සඳහා අවශ්‍ය නෛතික වාතාවරණය ඉලෙක්ට්‍රොනික නීති (ඉ-නීති) වලින් ලබා දෙයි.
- රජයේ කටයුතුවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමත්, ඉ-රාජ්‍ය සේවා ස්ථාපිත කිරීමත් සඳහා අදාළ නීති වන්නේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනුවලට ඉඩ ලබා දෙන නීතියයි.
- සබැඳි ආකාරයට දේශීය හා අන්තර්ජාතික ගනුදෙනු සිදු කිරීම මෙම නීති නිසා පහසු වී තිබේ.
- අධිකාර බලයකින් තොරව තොරතුරු විකෘති කිරීම හෝ මකා දැමීම පරිගණක අපරාධ පනතෙන් සීමා කෙරේ.
- බලය ලත් පුද්ගලයන් පරිගණකයට ප්‍රවේශ වීම වළක්වන ආකාරයට පරිගණකයක් ක්‍රමලේඛනය කිරීම මෙම පනතෙන් නීති විරෝධි කර තිබේ.
- දැන් රජය දත්ත ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කරගෙන යයි.
- මෘදුකාංග, වෙළඳ රහස් හා ඒකාබද්ධ පරිපථ ආදිය ආරක්ෂා කිරීම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පනතෙන් තහවුරු කෙරේ.
කරුණු අධ්‍යයනය
- ජාතික දත්ත හවුලේ ප්‍රයෝජනයට ගැනීමේ පද්ධතිය නිර්මාණය කරන ලද්දේ මහජනයාටත් සියලුම රජයේ දෙපාර්තමේන්තුවලටත් දත්ත හවුලේ භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කිරීමත්, සම්බන්ධ කිරීමත්, ලබා දීමත් සඳහායි.
- මේ මගින් ඉහළ පාරදෘශ්‍ය බවක්,අඩු දූෂණයක් හා වඩා හොඳ තීරණ ගැනීමක් සිදුවන බැවින් එහි ප්‍රතිඵලය වන්නේ “විවෘත රජයකි“.
- සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් ප්‍රඥප්තියේ ශ්‍රී ලංකාව දැන් සාමාජිකයෙක් වී තිබේ.
Top