කොවිඩ් 19 වෛරසය මැඩලීමට MyHealth ශ්‍රී ලංකා නමින් නව (App) එකකක් ICTA යෙන්

May 5, 2020

My health Mobile app

කොවිඩ් 19  මාරාන්තික වෛරස්  ව්යාප්තිය පිළිබඳව විස්වාශ්නිය ලෙස තොරතුරු   දැනුම් දීමට,  එහා සම්බන්ධ තොරතුරු ලබාදීමට  හා ප්රතිචාර දැක්වීමට නව  ජංගම  යෙදුමක් ( App  )    MyHealth ශ්රී ලංකාව  නමින් හදුන්වාදී ඇත .     සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්ය මාත්යාංශය සහ ශ්රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA)  එක්ව මෙම  යෙදුම   දියත් කරන ලදී.

ගෝලීය වසංගතය ශ්රී ලංකාවේ වියාප්තිය ආරම්භ විමය්ත්   ආසාදිත පුරවැසියන්ගේ සංඛ්යාව දිනෙන් දින ඉහළ යාමත් සමඟ .  ශක්තිමත් ජංගම යෙදුමක  අවශ්ය තාව  පිලිබදව  ජනාධිපති    ගොටාභය    රාජපක්ෂ ගේ ද  අවදානය යොමුවිය .  ඒ අනුව ශ්රී ලංකා තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය   මෙම යෙදවුම හදුන්වාදුන් අතර ඒ සද හා පව්ද්ගලික ආයතන  හා විවිද පුගලයන් විශාල දායකත්වයක් දක්වනලදී . වෛරස ආසදිත්යන් පිලිබදව   වෛද්ය බලධාරීන් විසින් බෙදාගන්නා ලද දත්ත මෙම යෙදුම     තුලින්  අදාල අංශ වෙත ලබාදීම , බෙදාහැරීම , සහ අවශ්ය ප්රතිචාර ලබාදීම සිදුකෙරේ .google play, Huawei  Appstore store  සහ  apple app store,  මගින් බාගතකරගත්   මෙම යෙදුම හා  සම්බන්ද  වන    පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථානය සටහන් කිරීමට නියම කරනු ලැබේ.

මෙම යෙදුමේ ප්රධාන ලක්ෂණය නම් වෛරසය වැළඳී ඇති පුද්ගලයෙකු අනාවරණය වූ විට එම තොරතුරු සියලු පරිශීලකයින් සමඟ බෙදා ගැනීමයි. ඒ අතරම,   ආසාදිත පුද්ගලයාගේ ගමන් මාර්ගය ඔබේ සිටින ස්ථාන  හා සමගාමිව  සිතියම් ගත කරන අතර එමඟින් යෙදුමේ පරිශීලකයා වෛරසයට ගොදුරු වූ අවාසනාවන්ත අවස්ථාවකදී, ගබඩා කර ඇති ස්ථාන පිළිබද  ඉතිහාස තොරතුරු අදාළ අංශ  සමඟ හෙළි කළ හැකිය. එමෙන්ම  පසුගිය දින 14 තුළ   පටිගත කරන ලද සිළුම  ආරක්ෂිතව තබා ඇති අතර ජංගම යෙදුම් පරිශීලකයාගේ අවසරයකින් තොරව කිසිදු බාහිර පද්ධතියකට එම තොරතුරු  සම්ප්රේෂණය නොකෙරේ.

මෙය සිදු කරනුයේ ඔබගේ දත්ත සුරක්ෂිතව තබා ගැනීම සහතික කිරීම  ත්  සමගිනි  . එමෙන්ම ඔබ ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු  කර ඇත්නම්, ඔබට ජාතික රෝග නිරීක්ෂණ පද්ධතිය සමඟ ස්වයංක්රියව   ලියාපදිංචි වීමට අවස්ථාව   උදාවේ . කොරෝන ආසදිත්යන්   හදුනාගැනීම , ව්යාප්තිය  පාලනය කිරීම   ආසදිතයන්ගෙන්  අනෙකුත් යට ආරක්ෂා විමටත් මෙමගින් හැකියාව ලැ බේ .

Top