ග්‍රාමීය ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම ඇරඹේ

July 26, 2019

ICTA NEWS

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ෆේස් බුක් ආයතනය එක්ව මෙරට ග්‍රාමීය ප්‍රජාව ආශ්‍රිත ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.

මෙහි මුල් අදියරේදී ස්මාට් සමාජ කව හා සම්බන්ධ වී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දස දහසකට පමණ පුහුණුව ලබාදීමට නියමිත අතර ඒ අනුව විශේෂයෙන් ෆේස්බුක් සමාජ ජාලය තම ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට හැකි ආකාරය පිළිබඳව දැනුම ලබා දීම සිදුකෙරේ. එහි සමාරම්භක උත්සවය ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී පැවැති අතර එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්මාට් සමාජ කව හා සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යසායකයින් හත්සියයක් පමණ දෙනා සහභාවී සිටියහ.

ඉදිරියේදී දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ස්මාට් සමාජ කව හා සම්බන්ධ වෙමින් ෆේස්බුක් සමාජ ජාලය හරහා තම ව්‍යාපාර දියුණු කර ගත් ව්‍යවසායකයින් එහිදී සිය අත්දැකීම සෙසු අය සමඟ බෙදා හදා ගැනීමද විශේෂ සිද්ධියක් විය

Top