දිවයින පුරා වයි-ෆයි පහසුකම් කලාප 1176ක් නොමිලේ

March 7, 2019

WiFi
සමස්ත ශ්‍රී ලාකීය ජනතාවට වයි-ෆයි පහසුකම් නොමිලේ ලබා දීමට රජය විසින් ලබා දුන් පො‍රොන්දුව යටනේ වර්තමානය වන විට දුරකථන සේවා සපයන්නන්නේ සහයෝගය ද ඇතිව ප්‍රදේශ 1176 ක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එයි මෙසේද සඳහන් වේ.

මේ සඳහා පහසුකම් සැලසීම සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම යන ක්‍රමවේදයන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් සිදු කරයි.දුම්රිය ස්ථාන, බස් නැවතුම්පළවල්, පුස්තකාල සහ දිවයිනේ ප්‍රසිද්ධ ස්ථාන ඇතුළු දිවයින පුරා තෝරාගත් පොදු ස්ථානවල දී මෙම පහසුකම ලබා ගැනීමට මහජනතාවට හැකියාවක් පවතී. ඒ අනුව මේ සඳහා පිවිසෙන ඕනෑම පුද්ගලයකුට මෙගාබයිට් 100 ක දේ ප්‍රමාණයක් මසකට ලබා ගත හැකි අතර වරක් නමයට පිවිසුණු පසු මෙම පහසුකම තමන්ට අවැසි ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැකිය.

2019 වර්ෂ පෙබරවාරි මස වන විට නතාරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සාංඛ්‍යා ලේඛනවලට අනුව ප්‍රදේශ 1176 ක් ආවරණය වන පරිදි 455741 ක පරිශීලකයන් ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සඳහා මෙම වයි ෆයි පහසුකම භාවිතා කර ඇත. ඒ අනුව 2016 ඔක්තෝබර් 28 දින සිට දත්ත පරිභෝජනය ගිගා බයිට් 79280 දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ. මෑතකදී සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සාංවර්ධන කාර්යාලය මඟින් නිකුත් කරනු ලැබේ

Top