මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පාලනය වන පුරාවිද්‍යාත්මක ව්‍යාපෘති නැරඹීමට අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් ඇනවුම් කිරීමේ පහසු ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම ක්‍රමයෙන් දෙස් විදෙස් සංචාරකයන්ට කාර්යක්‍ෂමව නිවැරැදිව හා නීත්‍යානුකූල තත්ත්වයෙන් යුතුව ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීම මගින් සැලකිය යුතු ප්‍රතිශතයක් ජාතික ආදායමට ලබාදෙන මධ්‍යම සංස්කෘතික අරමුදල තම පුරාවිද්‍යාත්මක ව්‍යාපෘති නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ලබාදෙන පහසුකම් වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මේ අනුව විදෙස් සංචාරකයන්ට තම මව්‍ර රටේදීම ප්‍රවේශපත් ඇනවුම් කිරීමටත්, මෙහි පැමිණ ව්‍යාපෘති පරිශ‍්‍රයේ දී කඩිනම්ව තම ප්‍රවේශපත්‍රය ලබාගැනීමටත් හැකියාව උදාවන අතර එමගින් අනවශ්‍ය ප්‍රමාදයන් හා අක්‍රමිකතාවන් වැළැක්වීමටත් ප්‍රවේශපත්‍ර කවුළුවල මෙතෙක් පැවති තදබදය අවම කරගැනීමටත් හැකියාව ලැබේ. මෙම නව ක්‍රමය මාර්තු 5 දා සිට සීගිරියේ දී ආරම්භ වූ අතර මේවන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර සහ පොළොන්නරුව පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා මෙම නව ක්‍රමයට අනුගත කෙරේ.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම සියලු කටයුතු ක්‍රියාත්මක වේ.
උපුටා ගැනීම : www.dinamina.lk