වයඹ පළාත් සභාවේ මානව සම්පත් කළමණාකරණ කටයුතු ඔන්ලයින් ක්‍රමයට.

July 29, 2020

20200729_113932

වයඹ පළාත් සභාව සදහා ඉ- මානව සම්පත් කළමණාකරණ පද්ධතියක් (e-HRM) සැකස්කිරීමට පියවර ගැනේ .

ඒ අනුව දැනට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන  පළාත් සභාවට අයත් ආයතනයන්හි  මානව සම්පත් කළමණාකරණ කටයුතු  මාර්ග ගත (ONLINE)  ක්‍රමයට වඩාත් පලදායී හා කාර්යක්ෂමව කිරීමට හැකිවේ.මේ සදහා වන තාක්ෂණික සහාය සහ උපදෙස් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ලබා දෙනු ඇත.

 

මේ සදහා වන අවබෝධතා ගිවිසුම   ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී  (ICTA) අද (29)අත්සන් කෙරිණි. පළමු අදියරේදී ප්‍රධාන අංශ හයක් පාදක කරගනිමින් මෙම කළමණාකරණ පද්ධතිය සකස් කෙරේ.

එමගින් පළාත් සභාව අයත් දෙපාර්තමේන්තු අමාත්‍යංශ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදීයෙහි සේවය කරන සමස්ථ කාර්යය මණ්ඩලය හතලිස් දෙදහසකගේ පමණ මානව සම්පත් කළමණාකරණ කටයුතු වඩාත් කාර්යයක්ෂමව සිදු කිරීමට හැකිවනු ඇත.

ඉදිරියේදී  දිවයිනේ සෙසු පළාත් සභාවන්ටද මෙය හදුන්වා දීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී හේරත් ,වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරිණි..

Top