ශ්‍රී ලංකාවට විශ්ව සමුළු සම්මාන(World Summit Awards) උළෙලේදී සම්මානයක් හිමිවේ.

April 4, 2019

WSA winner 2018තොරතුරු සන්නිවේදන  තාක්ෂණ ක්ෂේත්‍රයේ නිර්මාණ ඇගයීමට ලක් කෙරෙන ලොව ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලක් වශයෙන් සැළකෙන විශ්ව සමුළු සම්මාන (World Summit Awards) උළෙලේදී ශ්‍රී ලංකාවට සම්මානයක් හිමිවී තිබේ.
මෙම 2018 විශ්ව සමුළු සම්මාන උළෙල නොබෝදා පෘතුගාලයේ ලිස්බන් නගරයේදී පැවැත්විණි.

භාණ්ඩයක් එක් තැනක සිට තවත් තැනකට බෙදා හැරීම පලදායී සහ කාර්යක්ෂම ලෙස සිදු කිරීම  සදහා යොදා ගත හැකි මෘදුකාංගයක් වෙනුවෙන්  මෙම සම්මානය හිමිවී තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වාර්ෂිකව සංවිධානය කරන ලද  ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී ව්‍යාපාර හා වානිජ කාණ්ඩය යටතේ මෙම මෘදුකාංගය  සම්මානයට ලක්ව තිබෙන අතර ඒ අනුව විශ්ව සමුළු සම්මාන ප්‍රදානය සදහා මෙම මෘදුකාංගය ඉදිරිපත් කර තිබේ.

ග්‍රාස් හොපර්ස් ආයතනය විසින් මෙම සම්මානය දිනාගෙන ඇත.

මෙම සම්මාන උළෙල සදහා රටවල් 178  ක් නියෝජනය කරමින් තරගකරුවන් 400ක්  පමණ ඉදිරිපත්වී තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ග්‍රාස් හොපර්ස් ආයතනයේ නිර්මාතෘ   දුලිත් හේරත් මහතා මෙම සම්මානය ලබා ගෙන ඇත.

පරිසරය හා හරිත බලශක්තිය යන තරග කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මෘදුකාංගයක්ද අවසාන වටය සදහා නිර්දේශ වු බවද මෙරට තොරතුරු තාක්ෂණ නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර තලයට යෑම සදහා මෙවැනි සම්මාන රුකුලක් වන බව ද නියෝජිතායතනයේ ජේ්‍යෂ්ට ව්‍යාපෘති කළමණාකාරිණී  ඉදුමිණි කොඩිකාර මහත්මිය පවසයි.

Top