සර්වෝදය-ෆියුශන් ,ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සහ ෆේස්බුක් එක්ව #ගෙදරකතා නමින් ඔවුන්ගේ ෆේස්බුක් හා ඉන්ස්ටාග්රෑම් සමාජ මාධ්ය අඩවි ඔස්සේ තරඟයක් ආරම්භාකරතිබේ.

May 5, 2020

Stayhome1

Stayhome2

සර්වෝදය-ෆියුශන්  ,ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සහ ෆේස්බුක්  එක්ව  #ගෙදරකතා නමින්    ඔවුන්ගේ ෆේස්බුක් හා ඉන්ස්ටාග්රෑම්  සමාජ මාධ්ය අඩවි ඔස්සේ තරඟයක්  ආරම්භාකරතිබේ.  මෙම වසා දැමීම් කාල සීමාව තුළ වයස් භේද නොතකා සියලු  දෙනා නිර්මාණාත්මක හා ඵලදායී වීමට පෙළඹවීම මෙහි  අරමුණුයි. නිර්මාණාත්මක ලෙස තමාගේ නිවසේ  සිදුවන සිදුවීමක්  #ගෙදරකතා/ #stayhomestory/ #வீட்டில்தங்கும்கதை හෑෂ්ටැගයක් යොදාගනිමින් බෙදා ගැනීම මගින් සමාජ මාධ්ය භාවිත කරන්නන් හට මෙම තරඟයට ඇතුල් විය හැකිය. තනි පුද්ගලයින් මෙන් ම පවුල් ඒකකවලට ද චිත්ර, කෙටි විඩියෝ දර්ශන, කාටූන්, ඡායාරූප, හා ඇනිමේශන් අතරින් කැමති මාධ්යයක් තෝරාගෙන,  ෆේස්බුක් හා ඉන්ස්ටාග්රෑම් වේදිකා ඔස්සේ සිය නිර්මාණය 2020 මැයි 15 දිනට පෙර #ගෙදරකතා හෑෂ්ටැගය යොදා යොමුකළ යුතුවේ.

තරඟයට ඇතුළත් වන සියලු දෙනාට ම ඩේටා පැකේජයක් හිමිවන අතර සියලු ඇතුළත් කිරීම් චිත්ර, විඩියෝ දර්ශන හා ඡායාරූප යනුවෙන් කාණ්ඩවලට බෙදා ඒ ඒ කාණ්ඩවලින් විශිෂ්ටතම නිර්මාණ සඳහා අවසාන ජයග්රාහකයින් හට වටිනා ත්යාග හා මුදල් ත්යාග ලබා දෙනු ලැබේ.

 

“මෙම ප්රයත්නය තුළින් අප බලාපොරොත්තුවන්නේ මෙම නිර්මාණාත්මක ක්රියාවලිය ජනතාවගේ ආතති මට්ටම් අඩු කරමින් වඩාත් ඵලදායී වීම ට ඔවුන් යොමු කරමින් සුභදායී වාතාවරණයක් අතිකිරිමි ” යනුවෙන් සර්වෝදය-ෆියුශන් හි සාමාන්ය කළමනාකාර මෛත්රී මල්වත්තේගොඩ මහත්මිය පවසා සිටියා ය. “තවද නිවස තුළ ඇතිවිය හැකි විවිධ බාධක ජයගැනීමට ඔවුන් යොදාගත් විසඳුම් ප්රකාශ කිරීමට මෙන් ම, සහභාගිවීම සඳහා ද ජනතාව හට මෙම තරඟය ඇසුරින් ඉඩකඩ සලසා දෙනු ලැබේ”.

තවද, මෙම ප්රයත්නයේ අනෙක් අරමුණවන්නේ අන්තර්ජාලයේ නොගැවසෙන ප්රජාවන් ද ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් සන්නිවේදනයට යොමු කිරීමත් ඒ හා සිය නිවසේ අත්දැකීම් බෙදාගැනීමට උනන්දු කරවීමත් ය.ඒ  සදහා  ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මෙහා එක්වෙමින්  බලාපොරොත්තුව වන්නේ වසා දැමීම් කාලයේ විවිධ කටයුතු සඳහා ඩිජිටල් මෘදුකාංග හා සේවාවන් නිසියාකාරව භාවිත කිරීමට ප්රජාවක් යොමු කිරීමයි.

මීට අමතරව සර්වෝදය-ෆියුශන් හා ICTA බලාපොරොත්තු වන්නේ මෙම මහජන සහභාගිත්ව වේදිකා යොදාගෙන ප්රජා අධ්යාපනය මෙන් ම මෙම වසංගතය හමුවේ ජනතාව මුහුණ පාන ගැටලු ද ඇමතීමයි. https://www.facebook.com/StayHomeStories/

Top